X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 23 වන බදාදා


ඉන්දීය සිසුවා සෙල්ෆියෙන් අවසන් ගමන් යයි

හයිද්‍රාබාද් සත්තුවත්තේ දී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය පාසල් සිසුවකු (16) මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

මන්ජීත් චෞද්රි නමැති සිසුවා 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිට ඇති අතර පාසල් විභාගය අවසන්වීමෙන් පසු ඔහු සිය සහෝදරිය හා මස්සිනා සමග සත්වෝද්‍යානය නැරඹීමට ගොස් ඇත.

මන්ජීත් සිය පවුලේ අය සමග සමනළ උද්‍යානය අසල ගලකට නැග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී මෙම අනතුරු සිදුව ඇතැයි කියති. ඔහුගේ පය ලිස්සා යාමෙන් පසු ඔහු වතුරට ඇද වැටී ඇති බවත් එහිදී ඔහුගේ හිස ගලේ වැදීම හේතුවෙන් මරණය සිදුව ඇති බවත් කියති.

මන්ජීත් රෝහල්ගත කරන විට සිහිමුර්ජාවී සිට ඇත. ඔස්මානියා රෝහලේදී ඔහු මිය ගොස් ඇති බවත් පොලිසිය පවසයි.

සත්වෝද්‍යාන බලධාරීන් කියනුයේ සිසුවාට විදුලි සැර වැදී ඇති බවයි. පොලිසිය මෙය සැකකටයුතු මරණයක් ලෙස සඳහන් කර ඇත.

අක්කර 400ක පමණ වපසරියකින් යුත් හයිද්‍රාබාද් සත්වෝද්‍යානය සතුව ආරක්ෂක නිලධාරීන් 73ක් සිටින බව වාර්තාවේ. පසුගිය වසරේ 19 හැවිරිදි තාක්ෂණ ශිල්පියකු සතුන් සමග සිට ලබාගත් ඡායාරූප සිය ෆේස්බුක් ගිණුමට ඇතුළත් කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබිණි.

පසුගිය ජනවාරියේ මුම්බායි පොලිසිය සෙල්ෆි ඡායාරූප නොගත යුතු ස්ථාන 16 ක් ද නම් කර තිබුණේ තරුණියක් සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් මුහුදට වැටී මිය යාමේ සිද්ධියක් හේතුවෙනි.

hyderabadh-fatal-selfie_650x400_51459867699 hyderabadh-fatal-selfie_650x400_61459867491



අදහස් (0)

ඉන්දීය සිසුවා සෙල්ෆියෙන් අවසන් ගමන් යයි

උදය Wednesday, 06 April 2016 01:03 PM

මේ සෙල්ෆි ෆොටෝ ක්‍රමයට මුල්ම ෆොටෝ එක අරන් තියෙන්නේ 1839. අවුරුදු 175 කටත් වැඩියි. රොබට් චොරෙනේලිස් තමයි මුල්ම ෆොටෝ එක අරන් තියන්නේ.(කෞ)

:       0       0

යසන්ත Wednesday, 06 April 2016 05:15 PM

මේ සෙල්ෆි දැන් පුදුම පිස්සුවක් වෙලා තියෙන්නේ (නි)

:       0       0

කසුන් Thursday, 07 April 2016 04:34 AM

අපි ඕකට බුල්ෆි කියල නම වෙනස් කරමු. මොකද ඕක මී හරක් වැඩක්නේ. එතකොට අපිට කියත හැකි අපි බුල්ෆියක් ගහමු කියල එතකොට ෆොටෝ එක ගන්න එකාම පිලිගන්නවා උෟ මී හරකෙක් කියල. (බ)

:       0       0

කින් බෙනට් Thursday, 07 April 2016 01:31 PM

අලුත් පරපුරේ ළමයි පුදුම දුකක් විඳින්නේ පින්තුරයක් ගහගන්න. ඒක අමාරුවෙන් ගහගන්නවා විතරක් නෙමෙයි හිතේ හැටියට තමන්ගේ ඇත්ත පෙනුම වෙනස් කරගෙන මේකප් එකක් ගාගන්න එඩිට් කරන්නත් පුදුම දුකක් විඳින්නේ. වෙලාවකට පවු කියලත් හිතෙනවා (නි)

:       0       0

ලලිත් Friday, 08 April 2016 10:09 AM

අනේ මේ පොඩි උන්ගේ හිතේ ආසාවට පොටෝ එකක් ගහ ගත්තට මොකක් වෙනවද? ලෙස්සන තැන්වල ලෙස්සන සුලුයි කියල බෝඩ් එකක් ගැහැවුවනම් හොඳටම ඇති. පොටෝ එකක් ගැහැවුවට කාටවත් හානියක් තියෙනවද? උන්ට නිදහසේ ඉන්න දෙන්න. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site