ඉන්දීය හමුදා සේනාංක දෙකක්, රජයට නොදන්වා ඉකුත් ජනවාරි මාසයේ දිනෙක රාති‍්‍රයේ හිටිහැටියේ නවදිල්ලි අගනුවරට පැමිණීමට උත්සාහ ගත් බවත් එය හමුදා කුමන්ත‍්‍රණයක පෙර නිමිත්තක් විය හැකි බවත් ඉන්දීය පුවත්පත් ඊයේ (4) වාර්තා කළේය. රජයට නොදන්වා ඉන්දීය අගනුවරට පැමිණීමට උත්සාහ ගෙන ඇත්තේ නවදිල්ලි අගනුවරට කිලෝ මීටර් 150 ක් දුරින් පිහිටි හමුදා සේනාංකයක් සහ අග‍්‍රා නුවර කේන්ද්‍රකොට ගෙන පිහිටි ගුවන් හමුදාවට අයත් සේනාංකයකි. සේනාංක නවදිල්ලි අගනුවරට ඇතුළු වීමට උත්සාහ ගත් අවස්ථාවේදී රජය ඒ ගැන දැනුම්වත් වූ බවත් පසුව හමුදා ප‍්‍රධානීන්ගේ අණ පරිදි හමුදා සේනාංක ආපහු හැරී ගිය බවත් ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය හමුදාව කියා ඇත්තේ ඔවුන් හමුදා අභ්‍යාසයක නියැලූණු බවය. ඉන්දීය ආරක්ෂක ඇමැති ප‍්‍රකාශ කළේ එය පදනම් විරහිත පුවතක් බවත් ඉන්දීය හමුදාව එරට ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහිව කටයුතු නොකරන දේශපේ‍්‍රමීන් පිරිසක් බවත්ය. ඉන්දීය හමුදාපති විජේ කුමාර් සිං සහ ඉන්දීය රජය අතර මතභේද කිහිපයක් පවතී. එම මතභේද හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයක් ද ඉස්මතු වී ඇත. ඉන්දීය හමුදාවේ අඩුපාඩු ඇති බවත්, හමුදාව දුර්වල තත්ත්වයක පවතින බවත් පවසමින් හමුදාපති ඉන්දීය අගමැති මන්මෝහන් සිංට යැවූ ලිපියක් ප‍්‍රසිද්ධ වීමෙන් ඉකුත් සතියේ තවත් අර්බුදයක් ද හටගත්තේය. එම ලිපිය විපක්ෂ දේශපාලනඥයන් අතටත් අනතුරුව මාධ්‍ය අතටත් පත් වීමෙන් පසුව ඊට විශාල ප‍්‍රසිද්ධියක් හිමි විය. එම සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය පාර්ලිමේන්තුව තුළ උග‍්‍ර වාද විවාද පවා ඇති විය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉන්දීය හමුදා සේනාංක 2 ක් හිටිහැටියේ රජයට නොදන්වා නවදිල්ලියට ඇවිත්
ශාන්, සෞධි සිට Thursday, 05 April 2012 12:07 PM
ශ්‍රී ලංකාවට පිටුපාන, කෙනෙහෙළිකම් කරන කාටත් වෙන්නේ ඔයටික තමයි. මේක බෞද්ධ දේශයක්. එය වැනසීමට කිසිවෙකුට හැකියාවක් නැත.