X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 18 වන සිකුරාදා


ඉන්දුනීසියාව මැදපෙරදිග සේවයට නොයයි

මෑතකදී සෞදි අරාබියේ නිල සංචාරයක යෙදෙන අතර තුර තම රටේ සේවා නියුක්ත පුරවැසියන් පිළිබදව කෙරුණ සමාලෝචනයකට අනුව ඉන්දුනීසියානු ජනපති ජෝකෝ විඩොඩො මහතාගේ නිර්දේශය මත සෞදි අරාබිය ඇතුළු මැදපෙරදිග රටවල් 21ට ගෘහ සේවිකාවන් සහ රියදුරන් එවීම නවතා දැමීමට තීරණය කර ඇති බව සෞදි පුවත්පත් සදහන් කරයි.

ඒ අතර විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලට අනුව  ඉන්දුනීසියානු බලධාරීන් විසින් ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි මාස 15  කට නොවැඩි කාලයක් තුළ  දැනට සෞදි අරාබියේ සේවයේ නියුතු සියලු  ගෘහ සේවිකාවන් සහ ගෘහ රියදුරන්  වහාම තමරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවද සදහන් කරයි.

ඉන්දුනීසියා බලධාරීන් විසින් ගෙන ඇති මෙම දැඩි තීරණයත් සමග සෞදි අරාබියේ පවතින ගෘහ සේවක හිගය තව තවත් උග්‍ර වීමට බලපාන බව සදහන්වේ.

වැඩිදුරටත් පුවත්පත සදහන් කරනුයේ මේ වනවිට සෞදි අරාබියේ ඉන්දුනිසියානු පුරවැසියන් ලක්ෂ 7 කට නොවැඩි ප්‍රමාණයක් රැකියාවල නියුතු වන අතර එයින් වැඩි ප්‍රමාණයක් ගෘහ සේවිකාවන් බවය.

රියාද් සහ ජෙඩා පිහිටි ඉන්දුනීසියානු  තානාපති බලධාරීන් පවසනුයේ දිනකට අවම වශයෙන් කම්කරු ගැටළු 10 ක් පමණ වාර්තා වන බවත් එම ගැටළු වලින් බොහොමයක් වැටුප් පිළිබද ගැටළු බවයි.

ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කරනුයේ සෞදි අරාබිය,කුවේට්,කටාර්,බහරේන්,ඕමාන්,ජෝර්දාන්,එක්සත් අරාබි එමිරය,ලෙබනනය සහ ඊජිප්තුව ඇතුළු මැදපෙරදිග කලාපයේ රටවල් 21 ක් සදහා  මෙම තහනම ක්‍රියාත්මක වන බව ඉන්දුනීසියානු බලධාරීන් පවසන අතර  මෙයට හේතු වශයෙන් සදහන් වනුයේ මෙම රටවල ගෘහ සේවය සම්බන්දව පනවා ඇති කම්කරු නීති රෙගුලාසි වල සහ සේවකයන්ගේ භෞතික සහ සදාචාරාත්මක අයිතිවාසිකම්  පිළිබදව ඇති අඩු ලුහුඩුකම් නිසා බවය.

කෙසේ වුවද මෙම ගැටලුවට ආසන්නතම හේතුව ලෙස සදහන් වනුයේ සෞදි  කම්කරු අමාත්‍යාංශය විසින් 2011 වසරේදී ඉන්දුනීසියානු ගෘහ සේවක සේවිකාවන් සදහා විසා බලපත් නිකුත් කිරීම තහනම් කිරීමෙන් ඇතිවූ ගැටලු කාරී තත්වයි.

ඉන්දුනීසියානු බලධාරින් විසින් පනවන ලද අතිරේක කොන්දේසි සෞදි ජිවන රටාවලට සහ සම්ප්‍රදායන්ට අනුකුල නොවීම ගෘහ සේවක සේවිකාවන් මෙම රටවලට එවීම තහනම් කිරීමට තවත් හේතුවක් ලෙසද සඳහන් වේ. 



අදහස් (0)

ඉන්දුනීසියාව මැදපෙරදිග සේවයට නොයයි

මනෝජ් Wednesday, 23 September 2015 08:03 AM

ලංකාවෙන් ඒ අඩු පාඩුව නැති කරයි. අපේ ඒජන්සි වලට එන ගහල, කොදු කඩලා එව්වත් කමක් නෑ ගාන හම්බවෙනවනේ. (බ)

:       0       0

ප්‍රදීප් Wednesday, 23 September 2015 08:04 AM

හොද තීරණයක් අපේ රටත් ම වගේ කරනවානම් ගොඩාක් හොදදේ (බ)

:       0       0

රුපාවති Wednesday, 23 September 2015 08:05 AM

ලංකාවේ ජනදිපතිටත් හැකිනම් මෙවැනි තීරණයක් ගන්න. අපේ රටේ දරුවන් දුක් විදිනවා, පවුල් අවුල් මේ රට රැකියා නිසා ..? (ම)

:       0       0

හුසේන් Wednesday, 23 September 2015 09:09 AM

ඉතා හොඳ වැඩක් අපේ රටෙත් මෙය කළ යුතුයි (බ)

:       0       0

උපසේන Wednesday, 23 September 2015 12:13 PM

ඒක කරන්නේ කොහොමද? රටේ දේශපාලුවෝ බඩපිණුම් ගහන්නේ මැදපෙරදිග කාන්තාවෝ එවන තුට්ටු දෙකෙන් තමයි. (බ)

:       0       0

බණ්ඩාර කුවෙට් Wednesday, 23 September 2015 12:37 PM

අපේ රටේ නීතියක් නැහැ මස් සමග වහල් වෙළදාම (අ)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 23 September 2015 04:06 PM

මේ සම්බන්ධයෙන් අපි ලැජ්ජාවෙන්න ඕනෑ.පවුල් විසිරිලා. දරුවන් අසරණවෙලා.කොයි රටද දැන් කාන්තාවන් වහල් සේවයට යවන්නේ. (නි)

:       0       0

මොරිස් Wednesday, 23 September 2015 05:06 PM

මේ වහල් සේවය වහාම නතර කළයුතුයි. විශේෂයෙන්ම ඒ රටවල ගැහැණු අයට යටත්භාවයෙන් සළකන නිසා (නි)

:       0       0

අචිර Wednesday, 23 September 2015 06:17 PM

මේවගේ තීරණයක් අපිත් ගතයුතුයි. ඔය මැදපෙරදිග රටවලට ගිහින් වැඩක් නැහැ. හරිහමන් පඩියක් නැහැ. කාලයත් සල්ලිත් අපරාදේ. ඇමෙරිකාව, යුරෝපය, ජපානය වගේ රටවලට ශ්‍රමිකයන් යැවිය යුතුයි (නි)

:       0       0

ගෞරියෙල් Wednesday, 23 September 2015 06:19 PM

අපේ රට කවදාද මේ වගේ දෙයක් කරන්නේ? (නි)

:       0       0

සුනෙත් Thursday, 24 September 2015 12:28 AM

අපේ රට සම්බන්ධයෙනුත් ඇයි මෙහෙම තීරණයක් ගන්න බැරි? (නි)

:       0       0

ජයලත් Thursday, 24 September 2015 02:15 AM

අපේ රට සම්බන්ධයෙනුත් මෙහෙම තීරණයක් ගනීවි මේකට ලියන අපි මේ රටේ පාලකයෝ නම් නැත්නම් කවදාවත් ඒක වෙන්නේ නැහැ හේතුව කව්රුත් දන්නවා මටතියන ප්‍රශ්නය ඒක නෙමෙයි මේ රටේ කාන්තාවන් වෙනුවෙන් රෙදි උස්ස ගෙන පාරවල් ගානේ බෝඩ් උස්සන් ඉන්න කිසිකෙනෙක් මේගැන වචනයක් කතාකරන්නේ නැති එකයි පාර්ලිමේන්තුවේ කාන්ත නියෝජනය වැඩිකරන්න ඕන කියලනම් කෑගහනවා නමුත් එළිපිට කෙරෙන මේ මස් වෙළදාම ගැන නිහඬයි (බ)

:       0       0

ශාන් Thursday, 24 September 2015 09:54 AM

අන්න නියම නායකයෝ !!! (ම)

:       0       0

සිල්වා Thursday, 24 September 2015 12:56 PM

කොහොමත් කාන්තාවන් මැදපෙරදිග වහල් සේවට යැවීම නවතා දැමිය යුතුයි රට තුල රැකියා බිහිකර කර්මාන්ත ඉදිකොට නිසි ආදයම් මාර්ගයක් සකසා දීම රජයේ වගකීමක්. මව විදෙස්ගත වීමෙන් දරුවන් නොමගට යනවා මෙන්ම එතුලින් ඇතිවෙන අනිසි ප්‍රතිඵල රටට අහිතකරයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site