ඉන්දියාවේ සංචාරය කරන චීන ආරක්ෂක ඇමැති ලියැං ගුඅන්ග්ලී ඊයේ (4) නවදිල්ලි නුවරදී ඉන්දීය ආරක්ෂක ඇමැති ඒ.කේ ඇන්තනි හමුවී දකුණු ආසියා කලාපයේ ආරක්ෂාව තරකර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.
චීන ආරක්ෂක ඇමැතිවරයා ඉන්දියාවේ සංචාරය කරන්නේ සිවුදින ශ්‍රී ලංකා සංචාරයකින් ද පසුවය.
ඇමැතිවරයා ප්රමුඛ විසිතුන් දෙනකුගෙන් සමන්විත ඔහුගේ දූත පිරිස නවදිල්ලියට පැමිණි අවස්ථාවේ ඔවුන් හරසරින් පිළි ගැනීමට ඉන්දීය රජය කටයුතු කර තිබුණි. චීන ආරක්ෂක ඇමැතිවරයකු ඉන්දියාවේ සංචාරය කරන්නේ වසර අටකට පසුවය.
චීන දූත පිරිස බංග්ලාදේශය, මාලදිවයින යන රටවල ද සංචාරය කළ අතර කලාපීය ආරක්ෂාව තරකර ගැනීම සම්බන්ධයෙන් ඒ ඒ රටවල් සමඟ ද සාකච්ඡා පැවැත්වූහ.
කලාපීය ආරක්ෂක කටයුතුවලට අමතරව ඉන්දු/චීන දේශසීමා අර්බුදය ගැන ද දෙරටේ ආරක්ෂක ප්‍රධානීන් අතර සාකච්ඡා පැවැත්විණි. ඉන්දීය ආරක්ෂක ඇමැතිවරයා හමුවීමෙන් පසු ඉන්දීය ති‍්‍රවිධ හමුදාපතිවරුන් හමුවී සාකච්ඡා පැවැත්වීමට ද චීන ආරක්ෂක ඇමැතිවරයා ප්රමුඛ දූත පිරිස අමතක නොකළහ.
එහිදී ඉන්දු/චීන නාවික යුද අභ්‍යාස පැවැත්වීමට ද දෙරටේ ආරක්ෂක ප්‍රධානීහු කැමැත්ත පළ කළහ. ඉන්දීය සංචාරයෙන් පසු චීන ආරක්ෂක ඇමැතිවරයා ප්රමුඛ දූත පිරිස පාකිස්තානය බලා යෑමට නියමිතය.
දකුණු ආසියා කලාපයේ ආරක්ෂාව තර කර ගැනීමට චීනය බලාපොරොත්තු වන්නේ ඇමෙරිකාව කෙමෙන් කෙමන් ආසියාවට යොමු වීමට උත්සාහ ගන්නා නිසාය.
කෙසේ නමුත් චීන රජය මීට දින කිහිපයකට පෙර පවසා තිබුණේ තම ආරක්ෂක ඇමැතිවරයාගේ ආසියා සංචාරයෙන් කිසිදු පාර්ශ්වයකට ‘තර්ජනයක්’ කිරීමට තමන් අපේක්ෂා නොකරන බවය.
මේ වනවිට ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් රාජ්‍යතාන්ති‍්‍රක සබඳතා ශක්තිමත් කර ගනිමින් ආසියාවට අයත් පැසිෆික් සාගර කලාපීය දූපත් රාජ්‍යවල සංචාරය කරන්නීය. ඇය චීනයට පැමිණීමට ද නියමිතය.
ඇය ඊයේ ඉන්දුනීසියාවට පැමිණි අතර එරට ජනපති මන්දිරයේදී ජනපති සුසිලෝ යුදයෝනෝව් හමුවී සාකච්ඡා පැවැත්වූවාය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉන්දු - චීන ආරක්ෂක ඇමැති හමුවක්
අමිල කටුනායක Wednesday, 05 September 2012 01:39 PM
ඊලඟ බලවතා....(ස)
සිල්වා Thursday, 06 September 2012 03:01 AM
චීණය දිනේවා! අධිරාජ්‍යවාදයට කදිම පිළිතුරක්. (නි)
රිම්සි Thursday, 06 September 2012 09:48 AM
හැකි ඉක්මණින් මේක කළොත් හොදයි. (නි)