මාරාන්තික වසංගත රෝගයක් ලෙස හඳුන්වාදී ඇති ඉබෝලා වයිරසය ශරීරගතවීම නිසා අසාධ්‍ය තත්වයට පත්ව ඇති බ්‍රිතාන්‍ය ජාතික හෙදි සේවකයෙක් ඊයේ බටහිර අප්‍රිකාවේ සියරාලියෝනාවේ සිට අධි ආරක්ෂාව ඇතිව ගුවන් මඟින් ලන්ඩන් නුවරට රැගෙන එනු ලැබීය.
මේ වනවිටත් මෙම රෝගියා මරණාසන්නව සිටින බව වෛද්‍යවරු පවසති.
විලියම් පූලි නම්වූ 29 හැවිරිදි මෙම තරුණ ඉංග්‍රීසි ජාතික සෞඛ්‍ය සේවකයා මෙම අසාධ්‍ය වසංගත රෝගයට බිලිවුයේ ඉබෝලා වසංගතය දරුණු ලෙස පැතිරී ඇති සියරාලියෝන් නම්වූ අප්‍රිකා රටේ කෙනිමා රෝහලේ ඉබෝලා සත්කාර ඒකකයේ ස්වෙච්ඡා සේවකයෙකු ලෙස අසාධ්‍ය රෝගීන් සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙමින් සිටි අවස්ථාවේය.
විලියම් පූලි සමඟ සේවය කළ තවත් ස්වෙච්ඡා සේවකයකු වන ගේබ්‍රියල් මඩියේ පවසන්නේ " විලියම් පූලි ඉබෝලා රෝගයට ගොදුරුව ඉන්නා අහිංසක වැසියන් පිළිබඳව දැඩි කනස්සල්ලෙන් සිටි අයෙකු" බවය. "ඔහුට අවශ්‍ය වුයේ කෙසේ හෝ මෙම රෝගීන් හට අවශ්‍ය ප්‍රතිකාර හැකි උපරිම අන්දමට ලබාදීමයි. එහිදී ඔහුගේ පෞද්ගලික සනීපාරක්ෂාව පිලිබඳ කිසිදු තැකීමක් නොකිරීමට තරම් ඔහු පරාර්ථකාමී වූ අන්දම මට නම් හිතාගන්නට වත් බැහැ. මෙම අසාධ්‍ය රෝගය වැළඳේය යන අධික බියෙන් එම පළාතේ වෛද්‍යවරුන් සහ හෙදියන් රෝහල් හැරයන විට විලියම් පෝලී එම රෝහල් වෙත ස්වේච්චාවෙන් ගොස් රෝගීන් සඳහා අවශ්‍ය ඇප උප කාර ලබාදීමට තීරණය කලේ එහි ඇති අවදානම හොඳින්ම දැනගෙන බව මම දනිමි. විලියම් අසාමාන්‍ය, මානුසික හදවතක් ඇති අපුරු තරුණයෙක්." යැයි ගේබ්‍රියෙල් මඩියේ පවසා ඇත.
විලියම් පූලි සියරාලියානෝවේ සිට ලන්ඩනයට රැගෙන ආවේ ඒ සඳහා විශේෂයෙන් පිළියෙළ කළ බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකිනි. ඔහුගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව පරීක්ෂාකිරීමට විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් සියරාලියෝනයේ අගනුවරවන ෆ්රීටවුන් වෙත ගියහ.
එතැන්සිට ගුවන් යානය දක්වා ඔහු රැගෙන ආවේ විශේෂයෙන් පිලියෙළකළ ආරක්‍ෂිත කුටියකක් යොදාගනිමිනි. එම විශේෂ ගුවන් යානය ලන්ඩන් නුවර නොර්ත් හෝල්ට් හමුදා ගුවන් තොටුපලට ගෙනගිය අතර ගුවන් යානය ඇතුළතත් එතැන් සිට රෝහල දක්වාත් ඔහු රැගෙන ගියේ විශේෂ රැකවරණය සහිත ගිලන්රථයක් යොදාගනිමිනි.
ලන්ඩන් නුවර රෝයල් ෆ්‍රී රෝහලේ ඔහු සඳහා විශේෂිත හුදකලා වාට්ටුවක් සකස්කර තිබුණි.
ගුවන් තොටුපලේ සිට රෝහල දක්වා ඔහු රැගෙන ගිය අවස්ථාවේදී අමතර පරෙස්සමක් ලෙසට බ්‍රිතාන්‍ය පොලිසිය ගමන්මග සම්පුර්ණයෙන්ම මගීන් සහ වාහන වලින් හිස් කර තැබීමටද පියවර ගත්තේය.
විලියම් පූලි රැගත් විශේෂ ගුවන් යානය නොර්ත් හෝල්ට් හමුදා ගුවන් තොටුපලට ළඟාවීමේ සිට ඔහු රෝහල වෙත රැගෙනයාම දක්වා සවිස්තර වාර්තා සියලුම බ්‍රිතාන්‍ය මාධ්‍ය මඟින් විස්තරාත්මකව ප්‍රචාරය කරනු ලැබිය.
මෙම රෝගියාගේ පැමිණීම හේතුවෙන් ඉබෝලා වයිරසය බ්‍රිතාන්‍යයේ කිසිවෙකුටත් බෝවීමේ හැකියාවක් නොමැතිබව රෝහලේ වෛද්‍ය කණ්ඩායම අවධාරණය කර සිටියේය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉබෝලාට බිය නොවු වීරයා ලන්ඩන් ගෙනෙයි
රොෂාන් Wednesday, 27 August 2014 08:07 AM
ඔබට හෑකි ඉක්මනින් සුව වේවා යාලුවා (නදී)
කොස්වත්ත Wednesday, 27 August 2014 08:31 AM
ඔබ ඇතුළු සියලුම රෝගීන්ට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරමි (නදී)
චාමික Wednesday, 27 August 2014 08:44 AM
නයිටින්ගේල් ප්‍රතිඥාව මදකට පැත්තකින් තියල ගුණාත්මක සෞඛ්‍ය සේවයක් හදන්න ගියපු නර්ස් නෝනලා මහත්තුරු, නියම නර්ස් මහත්තයෙක් දැකල නැති නම් ඔන්න පින්තූරේ ලංකාදීපෙන් බලාගන්න. නියම සෞඛ්‍ය සේවකයෝ කියන්නේ මෙහෙම මිනිස්සුන්ට. (නදී)
සෙනරත් Wednesday, 27 August 2014 11:03 AM
ඔබට ඉක්මන් සුවය පතනවා.(අ)
මංජු Wednesday, 27 August 2014 11:12 AM
ඔන්න මනුස්සයෝ. තම ජීවිතය ගැන හිතන්නේ නැතුව අනුන් ගැන හිතන දෙවියෝ වගේ මනුස්සයෙක්,ඒ වගේම රජයත් තමන්ගේ රටේ පුරවැසියා ගැන සලකන විදිය විශිෂ්ටයි. (ස)
ජයත් Wednesday, 27 August 2014 12:30 PM
මංජු ඔයාට පිස්සුද මංජු ඔය මොනවද මේ කියන්නේ අපේ රටේ වින්නඹු අම්මලාගේ පටන් නර්ස් ල දොස්තරලා ඔක්කොම රෝගීන් වෙනුවෙන කැපවෙලා ඉන්න විදිය පේන්නේ නැත්ද ? (අ) 1
ජයත් Wednesday, 27 August 2014 12:28 PM
මංජු ඔයාට පිස්සුද මංජු ඔය මොනවද මේ කියන්නේ අපේ රටේ වින්නඹු අම්මලාගේ පටන් නර්ස් ල දොස්තරලා ඔක්කොම රෝගීන් වෙනුවෙන කැපවෙලා ඉන්න විදිය පේන්නේ නැත්ද ? එයාල ඇරුනම අමාත්‍යාංශ ඇමතිතුමා ! පුහ් ! 1
සැන්ඩ්‍රා Wednesday, 27 August 2014 03:24 PM
ඉක්මන් සුවය පතමි. (නි)
සංජු Wednesday, 27 August 2014 04:47 PM
ලෝකේ පැති දෙකක මිනිස්සු මැරෙන විදිය.....එක කට්ටියක් උපරිම සැපට....තවත් කිසිම අහුහරණක් නැතුව දුක් විදලා (නදී)
නන්ද Thursday, 28 August 2014 03:06 AM
යහපත් මානවකයාට ඉක්මන් සුවය පතමි. (නි)
තබිත Thursday, 28 August 2014 03:32 AM
හෙද සේවයට හොඳම ආදර්ශය . ලංකාවට මේවගේ අය ගෙන් ඉගෙනගන්න බොහෝ දේ ඇත. (අ)
තිළිණි පෙරේරා Thursday, 28 August 2014 06:15 AM
ඔබට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා. ජේසු පිහිටයි. (අ)