ඇමෙරිකාව 2003 වසරේදී ඉරාකය ආක‍්‍රමණය කළ අවස්ථාවේදී සිරියාවේ සරණපතා පැමිණි දහස්ගණනක් වූ ඉරාක සරණාගතයින් මේ වන විට රට තුළ හටගෙන ඇති බිහිසුණු සටන් හේතුවෙන් නැවත ඉරාකයට පළායමින් සිටින බව වාර්තා වේ.
සිරියාවේ හට ගෙන ඇති ගැටුම් ඉකුත් සති කිහිපය තුළ උත්සන්න වූ අතර පෙරේදා(21) එරට රජයේ හමුදා සහ කැරැුලිකරුවන් අතර ඇති වූ ගැටුම්වලින් 130 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මෙසේ ගැටුම් දරුණු අතට පත්ව ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය සිරියාවේ නිරීක්ෂණ කටයුතු දින 30කින් දීර්ඝ කිරීමට තීරණය කිරීමත් සමඟය.
මෙසේ ඩමැස්කස් නුවර ගැටුම් උග‍්‍ර අතට හැරීමත් සමඟ දහස්ගණන් සිරියානුවන් සහ ඉරාක යුද්ධය පැවැති සමයේ දී සිරියාවට පැමිණි සරණාගතයින් එරටින් පළායමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව මේ වන විට ඉරාක සරණාගතයින් දහසක් ගුවන් මඟින් ඉරාකයට පැමිණ ඇති බවත් තවත් එක්දහස් පන්සියයක පිරිසක් ඉරාකයට පැමිණීමේ අපේක්ෂාවෙන් ඩමැස්කස් ගුවන්තොටුපොළේ රැඳී සිටින බවත් වාර්තා වේ.
මීට අමතරව සිරියාවට යාබදව පිහිටි ලෙබනනයට තිස්දහසක පමණ පිරිසක් ද තුර්කියට 43,000ක පිරිසක් ද පසුගිය දෙදින තුළ පළා ගොස් ඇති බවත් මේ වන විට 140,000ක පමණ සිරියානුවන් පිරිසක් ජෝර්දානයේ සරණාගත කඳවුරුවල වෙසෙන බවත් ප‍්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.
මේ අතර ඉරාක/සිරියා දේශසීමා ප‍්‍රවේශ මාර්ග තුනෙන් දෙකක් සිරියානු කැරැුලිකරුවන් විසින් මේ වනවිට අත්පත් කරගෙන ඇති බව ඉරාක හමුදා ප‍්‍රකාශකයෙක් පැවැසීය. ඉන් යරිබියා දේශසීමා මාර්ගය පෙරේදා(21) අත්පත් කර ගත් කැරැලිකරුවන් හට නිදහස් සිරියානු හමුදාවේ නිලධාරීන් ප‍්‍රකාශ කළේ දේශසීමා මාර්ගය හරහා සරණාගතයන්ට ඉරාකයට යාමට ඉඩ නොදෙන ලෙසයි.
සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ පාලනය විරුද්ධව නැඟී සිටින්නේ ඉතා සුළු පිරිසක් බවත් එරට ජනගහනයෙන් අඩක් අසාද්ගේ පාලනයට එරෙහිව නැඟී සිටියානම් පැය 24ක් ඇතුළත රටේ පාලනය වෙනස් කළ හැකි බවත් දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉරාක යුද්ධයේදී සිරියාවට පැමිණි සරණාගතයෝ නැවතත් ඉරාකයට
ලක්මාල් Monday, 23 July 2012 12:33 PM
"සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ පාලනය විරුද්ධව නැඟී සිටින්නේ ඉතා සුළු පිරිසක් බවත් එරට ජනගහනයෙන් අඩක් අසාද්ගේ පාලනයට එරෙහිව නැඟී සිටියානම් පැය 24ක් ඇතුළත රටේ පාලනය වෙනස් කළ හැකි බවත්" මේ කියල තියෙන එකේ තේරුම මොකක්ද?? එතකොට කාටද හරියටම ජනාධිපති අසාද් ට රටේ පාලනය හරියට කරන්න උදවු කරන්න පුළුවන්? (දී)