ඉරාකය සහ ඉරානය අතර සබඳතා ශක්තිමත් වීමට තමන් කිසිසේත් ඉඩක් ලබා නොදෙන බව ඇමෙරිකාව පවසයි. ඇමෙරිකා රජය මේ බව කියා සිටියේ සිරියා අර්බුදයේදී ඉරාකයත් ඉරානයත් බටහිර විරෝධී ස්ථාවරයක සිට කටයුතු කිරීම හේතුවෙනි. ඉරාකයත් ඉරානයත් අතර සබඳතා ශක්තිමත් වීම වළක්වමින් තමන් ඉරාක රජය හා එරට හමුදාව අතර සබඳතා තර කර ගැනීමට යුහුසුළුව කි‍්‍රයා කරන බව ඇමෙරිකා රජය පවසයි. ඇමෙරිකා හමුදා ඉරාක සංග්‍රාමය අවසන් කොට ඉරාකයෙන් පිටවී ගොස් මාස අටක් ගතවී ඇති නමුත් ඉරාකයේ ප්රචණ්ඩ කි‍්‍රයා තවමත් අවසන් වී නැත. ඇමෙරිකා රජය පැවැසුවේ ඉරාක රජය සහ හමුදාව අතර සබඳතා ශක්තිමත් කිරීමට ඇමෙරිකා හමුදා මාණ්ඩලික ප්‍රධානී ජනරාල් මාටින් ඩෙම්ප්සී ඉරාකයට යැවීමට ඔබාමා පරිපාලනය සූදානම් වන බවය. ජනරාල් ඩෙම්ප්සී මේ වනවිට ඇෆ්ගනිස්තානයේ සංචාරයක යෙදෙමින් සිටී. 2014 වසරේ දී ඇෆ්ගන් සංග්‍රාමය නිමා කර ඇෆ්ගනිස්තානයෙන් පිටවීමට ඇමෙරිකාව සූදානම් වේ. ඉරානය ඇෆ්ගනිස්තානයේ අසල් වැසියෙකි. ඇමෙරිකා හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගිය පසු රටේ ආරක්ෂක කටයුතුවලට සහාය දීමට තමන් සූදානමින් සිටින බව ඉරානය අවස්ථා ගණනාවකදී ඇෆ්ගන් රජයට පවසා ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉරාක - ඉරාන මිත්‍රත්වයට ඉඩ දෙන්නේ නැහැ
රසික පද්මජීව Sunday, 26 August 2012 07:00 AM
ඇමෙරිකාවාත් බවයි එහේ. (ත)