ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ලෝකයට තර්ජනයක් යැයි යළිත් වරක් අවධාරණය කරමින් ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ඊයේ (15) කියා සිටියේ කාගේවත් උදව්වක් නැතිව ඉරානයට පහර දීමට තම රටට ශක්තියක් ඇති බවය.
ඊශ‍්‍රායල අගමැතිවරයා මේ බව කියා සිටියේ ඇමෙරිකාවේ සී.බී.එස්. පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ඇමෙරිකාව පනවා ඇති සම්බාධකවලින් ‘මට්ටු කළ’ නොහැකි බවත්, එය කළ හැක්කේ ඔවුන්ට පහරදීමෙන් පමණක් බවත් අගමැති නෙදන්යාහු අවධාරණය කර තිබේ.
ඉරානයට ප‍්‍රහාරයක් එල්ල කිරීමට ඇමෙරිකාව ඉක්මන් නොවන අතර ඔවුන් තරයේ කියා ඇත්තේ සම්බාධකවලින් පමණක් එය කළ හැකි බවය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉරානයට පහර දෙන්න ඊශ‍්‍රායලය සැරැසේ
මුන්න Tuesday, 16 July 2013 03:10 PM
ඉරානය ගෙන දන්නේ නැතුවද බෙන්ජමින් මේ දගලන්නේ? අවුරුදු 10 ක් තිස්සේ ඔහේ බහිලා ගහනවා කරපු දෙයක් නැහැ. ඊශ‍්‍රායලයේ කට විතරයි. ඉරානයට ගහපු දාට තමා ඊශ‍්‍රායලයන්ගේ අන්තිම දවස. ආසා නම් ගහලම බලපුදෙන්කෝ මොකද වෙන්නේ කියලා (දී)
විමල් Thursday, 18 July 2013 01:52 PM
මම ඊශ්‍රායලය පැත්තේ (නි)
නසාර් Wednesday, 17 July 2013 02:50 PM
දිලිප් රත්කඩුව, කරුණාකරලා අතීතයට ගිහින් බැලුවා නම් හොදයි ඔබ කාගේ පුතාද කියලා.(නදී)
ජගත් වික්‍රමසේකර Tuesday, 16 July 2013 07:44 PM
මම ඊශ්‍රායලය සුබපතමි , (අ)
නවින් Tuesday, 16 July 2013 05:37 PM
ලෝක සාමය කවදා උදා වෙයිද (දී)
උදය Tuesday, 16 July 2013 04:58 PM
කොයි රටකටවත් යුද්ධය එපා (දී)
සමන් Tuesday, 16 July 2013 04:57 PM
යුද්ධය එපා (දී)
දිලිප් රත්කඩුව Tuesday, 16 July 2013 04:16 PM
සිංහල නම් වලින් අදහස් දමන තම්බිල මෙතන ඉන්නවා (අ)
රිෂාර්ඩ් Tuesday, 16 July 2013 03:57 PM
ඉරාන ෆයිනල් මැසෙන්ජර් බලකාය මොනවා කරයිද දන්නේ නැහැ ලෝකෙට? ඔන්න ඔහේ ප්‍රාර්ථනා කරමු ඉක්මනින් ගහන්න කියලා. ලෝකෙත් දැන් වනගත වෙලානේ. ආයේ යමු අපි ගල් යුගයකට (දී)
රණා Tuesday, 16 July 2013 03:54 PM
ජනක,රානි ,සේන වැනි අඳ බාලයින් කවදා හරි අපේ රටත් නැවත අධිරාජ්‍යවාදීන්ට පාවා දී ඉල්ලන් කන්න හදනවා. (දී)
රිෂාර්ඩ් Tuesday, 16 July 2013 03:48 PM
ඊශ්‍රායලය කොහොමත් ඉරානයට පහර දෙයි. හැබැයි ඊට පස්සේ වෙන දේවල් තමයි පොඩ්ඩක් දරුණු. කොහොම වුනත් කර්මය වෙනස් කරන්න කාටවත් බැහැ (දී)
අර්ෂා Tuesday, 16 July 2013 03:36 PM
අනේ! අපේ රටේ ඉන්දන මිල 500% ඉහල යන ලකුණු. (දී)
ජනක Tuesday, 16 July 2013 10:08 AM
මුළු ලොවම මුස්ලිම් විය යුතුයි කුරානේ කියන අනවරත යුද්ධයක් ගැන විශ්වාසේ තබා සිටිමින් ඇමරිකාව නිසා සහ මානව හිමිකම් නිසා ලොව අනෙක් රටවල් මුස්ලිම් කරනේ සදහා යටත් කරගැනීමට අද දින නොහැකි අන්තවාදී මුස්ලිම් රටවල් නොයෙක් ආකාරයෙන් තම බලපෑම කරමින් සිටි.ඉරානේ නිතර මැදපෙරදිග මධ්‍යස්ත රටවලට බලපෑම් කරයි.ඇමරිකාව බොඩි ගාර්ඩ් ලෙස සිටිමින් ඔවුන් රකි.මෙවැනි අදහස් වලින් මොලය ඔද්දල් කරගත් රටවලට ගහන්නේ කවුද අප ඔවුන්ට සහය දැක්විය යුතුවේ. (දී)
ශිරෝමි Tuesday, 16 July 2013 02:55 PM
අපිට නම් ඔය කවුරුත් එකයි (දී)
විසල් Tuesday, 16 July 2013 02:45 PM
ඇමරිකාව ඉරාකයට ගහද්දිත් ගොඩක් අය කිව්වා ඉල්ලන් කන්න හදනවා කියලා. මේ වෙලාවෙත් කියනවා. නමුත් ඇමරිකාව ප්‍රමුඛ බටහිර අයයි, ඊශ්‍රායලයයි එක්ක ඉරානයට සහ මිතුරන්ට හැරෙන්නවත් බැහැ. ඒක තමයි ඇත්ත. පොඩ්ඩක් බලන්න රට රට වල යුධ ශක්තිය සසඳලා. (දී)
චතුරි Tuesday, 16 July 2013 02:44 PM
කුමාරට තාම තියෙන්නෙ පුංචි අයගෙ අදහස්. කුමාර ඔයා මීට වඩා ගොඩක් ලෝකෙ ගැන ඉගෙන ගන්න බලන්න. (දී)
අනුර Tuesday, 16 July 2013 02:02 PM
ජනක,රානි ,සේන හරියටම හරි. මමත් ඔවුන් සමගයි. කුමාර, ඔයා ටිකක් ලෝකය දිහා ඇස් ඇරලා බලන්න මොනවද වෙන්නේ කියලා. එතකොට ඔයාටත් වැටහෙයි. (දී)
වංශා Tuesday, 16 July 2013 01:48 PM
ඇමරිකාවයි ඊශ්‍රායලයයි ඉල්ලන් කන්න තමයි මේ හදන්නේ(දී)
දිල්හාන් Tuesday, 16 July 2013 01:05 PM
දුවන්න දෙන්නයි තියෙන්නේ (දී)
වීරසිංහ Tuesday, 16 July 2013 12:49 PM
අල්ලා දෙවිදුනේ, අපේ රටෙත් වංචා දුෂණ අපරාද වැහිවැහැලා. බෞද්ධ රටක් කියා අහක නොබලා බ්‍රසිලේට ඇරියා වගේ අපටත් එවන්න ඔය වසන්තෙන් එකක්.එක්කෝ හරියයි එක්කෝ තවටිකක් නැතිවෙයි. (දී)
කුමාර Tuesday, 16 July 2013 12:41 PM
ජනක,රානි ,සේන වැනි අඳ බාලයින් කවදා හරි අපේ රටත් නැවත අධිරාජ්‍යවාදීන්ට පාවා දෙන එක සිකුරුයි (දී)
සේන Tuesday, 16 July 2013 10:11 AM
දෙන එක දෙන්න අතුගෑවිලාම යන්න.අන්තවාදී මත දරමින් ඒවා ලොව වටා ව්‍යාප්ත කිරීමේ කොන්තරත් බාරගන ඉන්න උදවියට බණ කියලා හරියන්නේ නැහැ දෙන්නම තමා වටින්නේ. (දී)
රානි Tuesday, 16 July 2013 10:11 AM
ලංකාවේ ඇමරිකන් විරෝධියෝ නිකන් බොරුවට කෑගහන්න එපා. මොකෝ මැද පෙරදිග රටවලුත් දත කට නියවාගන එන්නේ ඉරානෙට ගහනකන්.ගහන්නේ ඊශ්‍රායලයද ඇමරිකාවද කියලට එයාලටත් වැඩක් නැහැ. ඒ මොකෝ මැදපෙරදිගට බලපෑම් කරන්නේ දැඩි මතදාරි සෞදිය නෙවේ ඉරානේ. (දී)