කුඩා නාවික යාත‍්‍රා යොදා ගනිමින් ඉරාන නාවික හමුදාව ඇමෙරිකා යුද නැව්වලට මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කිරීමට සැරසෙන බව ඇමෙරිකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් මාක් ෆොක්ස් පවසයි.
එම මරාගෙන මැරෙන ප‍්‍රහාරය එල්ල කරනු ඇත්තේ ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට කටයුතු කළහොත් ඊට එරෙහිව ප‍්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටින ඇමෙරිකා යුද නැව්වලටය. මේ වනවිටත් තම දැවැන්ත යුද නැව් ගල්ෆ් මුහුදේ සීරුවෙන් තැබීමට ඇමෙරිකාව කටයුතු කර ඇත.
ගල්ෆ් කලාපයේ රටවල තෙල් අපනයන කටයුතු බහුලව සිදුවන්නේ ඉරානය අසල පිහිටි හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේය. එම සමුද්‍ර සන්ධිය වසා දමා එම තෙල් අපනයන කටයුතුවලට බාධා කරන බවට ඉරානය තර්ජනය කර තිබේ. ඒ, ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් එක්වී ඉරානයට එරෙහිව සම්බාධක පැනැවීම නිසාය.
ඉරානය එසේ කළොත් ඇමෙරිකා නාවික හමුදාව ඉරානයට පහර දෙන බවත් ඇමෙරිකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඇමෙරිකාවේ ෆොක්ස් නිවුස් පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡුාවකට එක් වෙමින් ප‍්‍රකාශ කළේය.
”ඉරානය ඔවුන් සතුව ඇති සබ්මැරීන 10 ක් මේ වනවිටත් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගල්ෆ් මුහුදට යවා තිබෙනවා. නාවික යාත‍්‍රාවලට අමතරව ඔවුන් කුඩා ප‍්‍රමාණයේ බෝ්ට්ටු මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කිරීමට යොදා ගන්නා බවට අපට තොරතුරු ලැබී තිබෙනවා” යැයි වයිස් අද්මිරාල්වරයා වැඩි දුරටත් කියා සිටියේය. ඊට අමතරව දිගු දුර සහ කෙටි දුර මිසයිල ද ඉරාන නාවික හමුදාව සතුව ඇතැයි ඇමෙරිකන් නාවික හමුදාව වැඩි දුරටත් කියා සිටියි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉරානය මරාගෙන මැරෙන ප‍්‍රහාරයකට සැරසෙනවා
අධිකාරම් Tuesday, 14 February 2012 03:35 PM
ඇමෙරිකාව කරන වැඩවලට මරාගෙන මැරෙන්න තමයි වෙන්නේ..
රංජිත් Tuesday, 14 February 2012 03:48 PM
තුන්වන ලෝක යුද්ධය අත ලග..