X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 29 වන ඉරිදා


ඉරාන බලධාරීහු ඇමෙරිකා ජනපති ආර්යාවගේ ඇඳුම වෙනස් කරති

බටහිර සිනමාවේ මෞලිමංගල්‍යය ලෙස සැළකෙන 85 වැනි ඔස්කාර් සිනමා සම්මාන උළෙල, පෙරේදා (25) ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ‘ඩොල්බි’ චිත‍්‍රාගාරයේ දී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
මෙවර සිනමා උළෙලේ හොඳම චිත‍්‍රපටය ලෙස සම්මානයට පාත‍්‍ර වූයේ බෙන් ඇෆ්ලික් ප‍්‍රධාන චරිත නිරූපණය කරමින්, අධ්‍යක්ෂණය කළ ‘ආගෝ’ චිත‍්‍රපටයයි.
‘ඩොල්බි’ චිත‍්‍රාගාරයේ ඔස්කාර් සම්මාන උළෙල පැවැත්වෙද්දී, හොඳම චිත‍්‍රපටය කුමක්දැයි හෙළි කළේ ඇමෙරිකානු ජනාධිපති ආර්යාව මිෂෙල් ඔබාමා ය. ඇය උළෙලට සම්බන්ධ වූයේ වොෂින්ටන් නුවර ධවල මන්දිරයේ සිට සජීවීව ය.
‘ආගෝ’ චිත‍්‍රපටයට පාදක වන්නේ 1979 වසරේ ඉරානයේ පැවැති ඉස්ලාමීය විප්ලවයට මැදි වී එරට කොටුවුණු ඇමෙරිකානුවන් පිරිසක් බේරා ගන්නා ත‍්‍රාසජනක වික‍්‍රමයයි.
පටිගත කෙරුණු ඔස්කාර් සිනමා සම්මාන උළෙල, ඉරානයේ දී ප‍්‍රදර්ශනය කෙරුණු අතර එම අවස්ථාවේදී ඇමෙරිකා ජනපති ආර්යාව මිෂෙල් ඔබාමාගේ ඇඳුම පරිගණක ආධාරයෙන් වෙනස් කිරීමට ඉරාන බලධාරීහු පියවර ගත්හ. ඒ, ඇගේ කර නිරාවරණය වූ ගවොම ඉස්ලාමීය ආගමික පසුබිමකින් යුත් ඉරානයට නුසුදුසු යැයි පවසමිනි.



අදහස් (0)

ඉරාන බලධාරීහු ඇමෙරිකා ජනපති ආර්යාවගේ ඇඳුම වෙනස් කරති

තුෂාර Wednesday, 27 February 2013 04:15 PM

මෙයාලා ගැහැණු දැකලා නැහැ වගේ හරියට එකක් දැක්කනම් මොනවා වේවිද කියන්න බැහැ... (ස)

:       0       0

කොස්වත්ත Friday, 01 March 2013 02:00 AM

මොනවා වුණත් වැඩේ නම් නියමයි. (නි)

:       0       0

මොහොමඩ් Thursday, 28 February 2013 11:31 PM

ජාතිවාදය නිසා ඇදුම් අන්දන කෙනා හොද වෙලා,ඇදුම් ගලවන කෙනා නරක් වෙලා... (නි)

:       0       0

කෙනත් (එක්සත් ජනපදය) Thursday, 28 February 2013 02:54 AM

දකින රූපය මොකක් වුණත් දැන් ඒ ප්‍රශ්න ඉවරයි, ගෙය සාදන වඩුවා නැත්නම් ගල් ගඩොල් කොපමණ දැම්මත් ගෙය නැවත නොසෑදේ ! ඉතින් මුස්ලිම් අයත් ඇසට පෙනෙන රූපය වහලා මේ ප්‍රශ්න කෙළවරක් කරන්න හදනවට වඩා, එය දකින කෙනාගේ හිත හදන දහමක් ගැන සිතුවොත් සදහටම පිළිතුරු ලැබෙයි. (නි)

:       0       0

කෙනත් (එක්සත් ජනපදය) Thursday, 28 February 2013 02:39 AM

ගැහැනුන් කළු ඇදුමින් මුළුමනින්ම වසා දමා පිරිමින්ගේ සිතෙහි දුෂ්‍ය හැගීම් ඇති වීම වැළැක්වීමට ෂරියා නීතිය යොදාගෙන ඇත. මෙහිදී විමසා බැලිය යුතු බුද්ධි ගෝචර දෙයක් ඇත. ඇසට රූපය අහර වේ, රූපය ඇසෙහි ගැටුන විට ඇසෙහි ඒ ගැන දැනීම ඇති වේ , මේ තුනෙහි එක්වීම, පිහිටීම ඇසේ ස්පර්ශයයි. ඇසෙහි ස්පර්ශය නිසා රූපය හදුනා ගනී, එය වින්දනය කරයි, ඒ ගැන හැගීම් චේතනා පහල වේ . මුස්ලිම් ආගමේ අය මේ ඇසෙහි ක්‍රියාකාරිත්වය ගැන නොදන්නා නිසා හිතන්නේ වරද තිබෙන්නේ රූපයේ කියලයි! ඒ නිසා ගැහැණිය රෙද්දකින් වහලා දැම්මම හරි කියලා හිතනවා. (නි)

:       0       0

ලාරා Thursday, 28 February 2013 12:49 AM

මුස්තාෆාට පිටරට අය හොදනම් එහේට ගියා නම් හරිනේ. (නි)

:       0       0

සදරුවන් Thursday, 28 February 2013 12:44 AM

අරාබියේ අය ගැහැණු පහක් සමග පවුල් කනවා. ළමයි ලොකු මහත් වෙද්දී අයියලා නංගිලා අදුරන්නෙ නැහැ. (නි)

:       0       0

කණිෂ්ක Wednesday, 27 February 2013 11:37 PM

මුස්තාෆලා තමයි මුහුණ වහගෙන වැරදි වැඩ ඔක්කොම කරන්නේ. (නි)

:       0       0

එරංග Wednesday, 27 February 2013 11:08 PM

මුස්තාෆාට තරහා ගිහින් වගෙයි. (නි)

:       0       0

පහන් Wednesday, 27 February 2013 10:37 PM

මුස්තාෆා, මහජාතියේ අය විතරක් නෙමෙයි. ඔයාගේ ජාතියේ අයත් ඒවා කරනවා. එහෙම ළමයි රැකගන්න (මුස්ලිම් ළමයි විතරයි එතන ඉන්නේ ) තැනකුත් පස්යාලේ තියනවා. දන්නේ නැත්නම් ගිහින් බලන්න. (නි)

:       0       0

සම්පත් Wednesday, 27 February 2013 09:28 PM

මුස්තාෆා, කලු ඇදුමින් වහගත්ත අයත් එහෙම කරලා ඒ ඇදුමින්ම වහගන්නවා නේද? (නි)

:       0       0

අසින්ත Wednesday, 27 February 2013 09:15 PM

මුස්තාෆා, නපුරුකම්, කුහකකම්, නැහැදිච්චකම් තියෙන්නේ ආගම් වල නෙමෙයි, මිනිස්සුන්ගේ හිත්වල. (නි)

:       0       0

හේරත් Wednesday, 27 February 2013 09:04 PM

තැනේ හැටියට නිදහස අවශ්‍යයි. (නි)

:       0       0

ත්‍රිෂාන් Wednesday, 27 February 2013 06:59 PM

මේ ඩුබායි, ඉරාන අය දාන සෙල්ලම් අපි නොදන්නවැයි. රාත්‍රී සමාජ ශාලා, මුහුදු වෙරලේ සාද, කැරෝකේ මහලොකුවට අත් වහන්න හදනවා. තමන්ගේ හිත කය වචනය පාලනය කරගන්න බැරි අය.(නදී)

:       0       0

අංජන Wednesday, 27 February 2013 06:23 PM

බංගලිදේශයට ආවොත් බලාගන්න පුලුවන් මෙහේ ඉරාන කෙල්ලෝ දාන සෙල්ලම්. (නි)

:       0       0

නීලා Wednesday, 27 February 2013 11:18 AM

ගැහැණු කෙනෙක්ගේ අත් දෙක දකිද්දී හැගීම් පාලනය කරගන්න නොහැකි කට්ටියක් බලයට ආවොත් ලෝකෙට මොනවා වෙයිද? (නි)

:       0       0

කැප්ටන් Wednesday, 27 February 2013 04:07 PM

:P අනේ අපොයි! කතාව නම් ඇමරිකාවට පැයෙන් ගහලා ඉවරයක් කරන්න. ඒ වුණාට තාම ගල් යුගයේ මොල තියෙන්නෙ. (නි)

:       0       0

සඳරුවන් Wednesday, 27 February 2013 03:38 PM

මෙය දැක්කම ගෑණුත් එපා වෙනවා. ඉරානයේ අය ගෑණු දැකලා නෑ...(ස)

:       0       0

සදුන් Wednesday, 27 February 2013 03:20 PM

අනේ මන්දා (දී)

:       0       0

සුභසිංහ Wednesday, 27 February 2013 03:16 PM

ගැහැණියකගේ අතක්වත් පේන්න බෑද... සත්තු වගේනේ (ස)

:       0       0

සඳරුවන් Wednesday, 27 February 2013 03:14 PM

මේ අයගේ හිත හොඳ නැහැ. හිත පිරිසිඳු නම් නිරුවත් කාන්තාවක් දැක්කත් කෙලෙස් හටගන්නෑ. මොවුන්ට මොන බුදු බණද ? (ස)

:       0       0

සඳුනි Wednesday, 27 February 2013 03:07 PM

ආගමික හැදියාව....? අරාබිකරයේ තරම් කාන්තාවන්ට අපරාද සහ අවනීතිය සිදුවන කලාපයක් තවත් නැහැ.. (ස)

:       0       0

නිරාන් Wednesday, 27 February 2013 03:02 PM

තියෙන පුශ්නේ දෙවියෝ කාන්තාව මවනකොටම මේ ඔක්කොම වැහෙන විදිහට මැව්වේ නැත්තේ ඇයි කියලා...(ස)

:       0       0

මුස්තාෆා Wednesday, 27 February 2013 02:42 PM

නීලා, මහේෂ්වරන්, දිනේෂ්, ප්‍රදීප් කට්ටිය ඇමෙරිකාවේ වෙන්න ඇති ඉන්නේ. මොකද ලංකාවේ මහා ජාතියේ අය තමුන් වදාපු දුවවත් දූෂණය කරනවා දන්නේ නැති පාටයි. බලන්නකෝ ටිකක් වෙලා තියන වෙලාවක ලංකාව පැත්තට ඇවිල්ලා මොනවද මෙහෙ වෙන්නේ කියලා (නි)

:       0       0

නිහාල් Wednesday, 27 February 2013 02:06 PM

වැඩ නැහැනේ තව (දී)

:       0       0

අනුෂ්ක Wednesday, 27 February 2013 01:19 PM

වැඩේ වැරදිමත් නැහැ නේද? (නි)

:       0       0

ප්‍රදීප් Wednesday, 27 February 2013 01:19 PM

මේ අයට කාන්තාවකගේ හිසේ කෙස් ගසක් දැක්කත් ඇති..(ස)

:       0       0

දිනේෂ් Wednesday, 27 February 2013 01:01 PM

හැගීම් ඇවිස්සෙන්න තරම් මොනවද අතේ පෙනෙන්නේ? (නි)

:       0       0

මහේෂ්වරන් Wednesday, 27 February 2013 12:15 PM

මෙහෙම අයද මේ ලෝකයේ බලවත්තු වෙන්න උත්සාහ කරන්නේ? (නි)

:       0       0

සාන්ත Wednesday, 27 February 2013 11:55 AM

පිස්සු නැත්නම් හරි ෂෝක් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site