ඇමරිකා එක්සත් ජනපදයේ මුහුදු සීමාව ආසන්නයටම තම යුද නෞකා මෙහෙයවීමට ඉරානය කටයුතු කරමින් සිටින්නේයැයි වාර්තා වේ.
මෙසේ කරනුයේ යුද්ධයක් සදහා අරඇදීමක් ලෙස නොව ගල්ෆ් කලාපයේ ඇමරිකා නාවික ක්‍රියාකාරකම් පිළිබඳව තමනුත් ඇස ගසාගෙන සිටින්නේයැයි ඇමරිකාවට පෙන්වීමට බව ඉරානය කියයි.
මේ වන විටත් ඉරාන ප්‍රහාරක නෞකාවක් හා ඊට ආධාර පිණිස ආධාරක නෞකාවක් ඇමරිකා මුහුදු සීමාව කරා ගමන් කරමින් තිබේ.
බටහිර බලවතුන් හා පසුගිය වසරේ අගභාගයේදී එළැඹි ගිවිසුම අනුව ඉරානය තම න්‍යෂ්ඨික වැඩපිළිවෙළට සීමා පැනැවීමට කටයුතු කළ අතර ඊට ප්‍රතිචාර ලෙස ඉරානයට පනවා තිබූ සම්බාධක ළිහිල් කිරීමට බටහිර රටවල් කටයුතු මේ වන විට කටයුතු කර ඇත.
නමුත් බටහිර රටවල් කෙරෙහි දරන ආකල්පයේ කිසිදු වෙනසක් සිදුවී නැති බව ඉරානයේ මෙවන් ක්‍රියාකාරකම් වලින් පෙනී යන කරුණකි.
සම්බාධක ළිහිල් වීම හා බටහිර රටවල් අරබයා ඉරානයේ ඉස්ලාම් විප්ලවය සිදුවී වසර 35 ක් ගෙවුණු පසුගියදා විශේෂ කතාවක් කළ ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කුමේනී ඉරානය බටහිර රටවලට එරෙහිව කටයුතු කරන්නේ අන් කිසිදෙයක් නිසා නොව ඔවුන් මුළු ලොවේම කටයුතු සිදුවිය යුත්තේ ඔවුන්ට වුවමනා ලෙස යැයි සිතා සිටීම නිසා යැයි පැවසුවේය.බටහිර රටවල නායකයින් තමන් ඉරානයේ පාලන තන්ත්රය වෙනස් කිරීමට අදහස් නොකරන්නේයැයි පැවසුවද ඔවුන්ට අවශ්‍ය වී තිඛෙන්නේත් එයම බවත් මෙනිසා ඔවුන් මත නොයැපී රටේ ආර්ථීකය ගොඩනැගීමට දේශීයව සපයා ගත හැකි සම්පත් යොදා ගත යුතුව ඇති බවත් ඔහු කීවේය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉරාන යුද නැව් ඇමෙරිකා දොරකඩ
චන්දන Monday, 10 February 2014 05:01 PM
සහතික ඇත්ත!!! (දී)
ජාගුරු Tuesday, 11 February 2014 04:31 PM
රටේ ආරක්ෂාව රැකගන්න දේශීය ආර්ථිකය නංවන්න ඕනේ කියන එක හරි වැදගත් අපිටත්. බටහිරින් රටවල් බෙදන්න ආණ්ඩු වෙනස් කරන්න හදන එක ට මූණ දෙන්න ඕනේ එහෙමයි. කියන ඒවාට හා කියල උදවු ගන්න ක්‍රමය භයානකයි.(නදී)
මල්වාන Tuesday, 11 February 2014 08:06 PM
ඇමරිකාව අත හැරලා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවට වෙනත් සංවිධානයක් හදමු (අ)
කෙනත් Tuesday, 11 February 2014 10:14 PM
කතාවනම් ඇත්ත තමයි, නමුත් මේ යවපු නැව් දෙක යුදමය ශක්තිය අතින් ඇමෙරිකානු නාවික බලය සමග සංසන්දනය කරනවා තබා හිතන්නවත් බැහැ. ඇමෙරිකාවේ මාධ්‍යවල මේ ගැන සදහන් උනේ වැඩිහිටියන්ගේ අවදානය ගන්න කුඩා දරුවෙක් දග වැඩ කරනවා වගේ කියලා.(නදී)
චන්ද්‍ර වීරසිංහ Wednesday, 12 February 2014 01:53 AM
මම නම් ලෑස්තියි. (ත)
නසාර් Wednesday, 12 February 2014 10:39 AM
ලෝකේ විනාසේ. ඉරානෙන් සහ ඇමරිකාවෙන් දෙගොල්ලම ඉවසුවොත් තව අවුරුදු 400 ක් කල්පවති.(නදී)
රාජුන් Wednesday, 12 February 2014 11:11 AM
ඉරානය කියන කතාව අපිටත් හරි. (නදී)
අබ්දුල් Wednesday, 12 February 2014 03:32 PM
ඔය ඇමරිකාවට ගහන්නයි තියෙන්නේ.(නදී)
රූපසිංහ Wednesday, 12 February 2014 04:44 PM
මල්වාන එක නම් නියම වැඩේ. නමුත් එහෙම කරන්න ගියොත් ඒකත් හරියටම පසුගියදාජයත්යන්තර ක්‍රිකට් සම්මේලනයේ ජන්දයේ දී අපිත් එක්ක පකිස්තානය තනි උනා වගේ වේවිද දන්නේ නැහැ. (දී)
බණ්ඩා Wednesday, 12 February 2014 11:05 PM
අනේ ඔය මෝඩයන්ගේ නැව් 2 කට කරදර කරන්න එපා ..... (දී)
සමන්ති Thursday, 13 February 2014 05:24 AM
අපත් දේශීය වෙලා ඉන්නේ .බලන්න චීන ජාතිකයන් කරපු ආපනසාලා වෙනුවට දැන් අපිට අපේම "චය්නීසී රෙස්ටුරන්ට්" තියෙනවානේ . උගුර කඩාගෙන සිංහලෙන් සමහරු කෑගාවට ගමන පයින් (අ).
මොහාන් Thursday, 13 February 2014 07:19 AM
මමනම් හිතන්නේ ඉරනයට තවම ශක්තිය මදි කියලා. හේතුව ඇමරිකාව තවත් ශක්තිමත් වෙන එක තමයි.(නදී)
සවිත්රී Friday, 14 February 2014 01:54 PM
තවත් ලොකු යුද්ධයක් ඇත ලඟයි කියලයි මට හිතෙන්නේ (දී)
ලක්සිත Saturday, 15 February 2014 01:19 AM
අපි ඉරානයත් එක්ක.(නදී)
සමන් Saturday, 15 February 2014 07:00 PM
කට්ටිය හීන දකිනවා.(නදී)