ඔත්තු බැලීම සඳහා තම ගුවන් සීමාවට ඇතුළු වූ නියමුවන් රහිත ඇමෙරිකා ඩ්‍රෝන යානයක් අල්ලා ගැනීමට තම හමුදාව සමත් වූ බව ඉරානය ඊයේ (4) නිවේදනය කළේය. ඉරාන විප්ලවීය හමුදාව පවසන්නේ ඩ්‍රෝන යානය ඉරානයට ඔබ්බෙන් පර්සියන් ගල්ෆ් මුහුදු සීමාවේ සිට ඉරාන ගුවන් සීමාවට ඇතුළු වූ බවය. ඩ්‍රෝන යානය මීට පෙර අවස්ථා කිහිපයකදී ද අහසේ පියාසර කරනු දකින්න ලැබුණු බවත්, ඒ ගැන විමසිල්ලෙන් සිට යානයේ පාලනය තමන් අතට ගෙන එය අල්ලා ගැනීමට හැකි වූ බවත් ඉරාන විප්ලවීය හමුදාව වැඩි දුරටත් කියා සිටී. එම යානය බෝයිං සමාගමේ ‘ස්කෑන් ඊගල්’ නමැති කෙටි දුර නිරීක්ෂණ යානායක් බව ද ඉරානය පවසයි. ප‍්‍රමාණයෙන් කුඩා ‘ස්කෑන් ඊගල්’ නමැති එම ඩ්‍රෝන යානයට දුරස්ථ පාලනය යටතේ කිලෝ මීටර් 100 ක දුරක් යා හැකිය. ඉරාන රජය පවසන්නේ යානය ගල්ෆ් මුහුදේ රඳවා ඇති ඇමෙරිකානු යුද නැවක සිටි පැමිණෙන්න ඇතැයි කියාය. මීට වසරකට පෙර ඇමෙරිකාව සතු ‘ආර්කියු170’ සෙන්ටිනල් වර්ගයේ ඔත්තු නිරීක්ෂණ ඩ්‍රෝන යානයක් ද තම පාලනයට ගැනීමට ඉරානය සමත් විය. එම යානය ආපසු දෙන්නැයි ඇමෙරිකාව ඉරානයෙන් ඉල්ලීමක් කළ ද ඉරාන රජය ඊට අකමැති විය. ඉරානයේ බෂීර් න්‍යෂ්ටික බලාගාරය ගැන තමන් විමසිලිමත් වන බවත් ඒ ගැන ඔත්තු බලන බවත් ඇමෙරිකානු සී.අයි.ඒ. බුද්ධි අංශය ද පසුගිය 2 වැනිදා ප‍්‍රසිද්ධ කර තිබුණි. සී.අයි.ඒ. බුද්ධි අංශය තම න්‍යෂ්ටික බලාගාරයේ කටයුතු ගැන ඔත්තු බලන බවට මීට පෙර ඉරානය අවස්ථා ගණනාවකදී චෝදනා කළ ද සී.අයි.ඒ. බුද්ධි අංශය පැවැසුවේ ඒවා අසත්‍ය බවය. බෂීර් න්‍යෂ්ටික බලාගාරය උපයෝගී කරගෙන ඉරානය පරමාණු අවි නිෂ්පාදනය කරනවා ද නැද්ද යන්න ගැනත් තමන් රහසේ ඒ ගැන සොයා බලන බවත් සී.අයි.ඒ. බුද්ධි අංශය වැඩිදුරටත් කියා තිබුණි. මේ සඳහා ගල්ෆ් කලාපයේ රඳවා සිටින හමුදා යොදවන බවත් නියමුවන් රහිත ඔත්තු බැලීමේ ඩ්‍රෝන යානා යොදා ගන්නා බවත් සී.අයි.ඒ. බුද්ධි අංශය පවසා තිබේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉරාන හමුදාව ඇමෙරිකා ඔත්තු යානයක් අල්ලා ගනී
අමිල Wednesday, 05 December 2012 09:38 PM
එහෙනම් එකට හරි (දී)
ලලිත් සෞදි Thursday, 06 December 2012 02:05 AM
ඇමරිකාව ඉල්ලගෙන කන්නයි හදන්නේ ඉරානෙන්. (ත)
අජිත් Thursday, 06 December 2012 07:49 AM
අයියෝ මේ පාළු ගේකට පැනලා වළං බිඳලා (ස)