කයිරෝ නුවර ඇමෙරිකා තානාපති කාර්යාලය ඉදිරිපිට ප‍්‍රචණ්ඩකාරී ලෙස
සිදුකෙරෙන විරෝධතා සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා සඳහන් කළේ ඊජිප්තුව සිය මිතුරෙක්වත් සතුරෙක්වත් නොවන බවයි.
ඉස්ලාම් ආගමට නිගරුවන අන්දමින් ඇමෙරිකාවේදී නිෂ්පාදනය කරන ලද චිත‍්‍රපටය සම්බන්ධයෙන් විරෝධය පෑමට දහස්ගණන් ඊජිප්තු වැසියන් පෙරේදා (12) කයිරෝ නුවර ඇමෙරිකා තානාපති කාර්යාලය ඉදිරිපිටට රැස් වී ප‍්‍රචණ්ඩකාරී ලෙස විරෝධතාවල නිරත වූහ.
මේ අයුරින් කයිරෝ නුවර විරෝධතා ආරම්භ වූයේ ලිබියාවේ ඇමෙරිකා තානාපති කාර්යාලයට ප‍්‍රහාර එල්ල කර එහි සිටි ඇමෙරිකා තානාපති කි‍්‍රස්ටෝපර් ස්ටීවන්ස් ඝාතනය කිරීමත් සමඟය.
දිගු කාලයක් ඊජිප්තුව පාලනය කළ හොස්නි මුබාරක් බලයෙන් පහ කිරීමෙන් අනතුරුව පැවැති ජනාධිපතිවරණයේදී මොහොමඞ් මොර්සි එරට පළමු ඉස්ලාමීය ජනපතිවරයා ලෙස බලයට පත් විය.
ඇමෙරිකා ජනාධිපති මෙවැනි ප‍්‍රකාශක් කිරීමට හේතු වූයේ ලිබියාවේ ඇමෙරිකා තානාපති කාර්යාලයට එල්ල වූ ප‍්‍රහාරයයි. ලොව ප‍්‍රධාන පෙළේ රාජ්‍ය නායකයන් මෙම ප‍්‍රහාරය හෙළා දකිමින් ප‍්‍රකාශ නිකුත් කළ ද ඊජිප්තු ජනපති එසේ නොකර සිද්ධියට තුඩු දුන් ඉස්ලාම් විරෝධී චිත‍්‍රපටය සම්බන්ධයෙන් පමණක් අප‍්‍රසාදය පළ කිරීම මීට හේතුවී ඇති බව විදෙස් විශ්ලේෂකයෝ පෙන්වාදෙති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඊජිප්තුව අපේ සතුරෙක්වත් මිතුරෙක්වත් නොවේ