ඊශ‍්‍රායල දේශසීමාවෙහි පිහිටි සීනායි ප‍්‍රදේශයට ඊජිප්තු හමුදා සහ ජෙට් යානා ඊයේ(8) එල්ල කළ ප‍්‍රහාරයකින් ඉස්ලාමීය සටන්කාමීහු 20 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
සීනායි අර්ධද්වීපයට උතුරින් පිහිටි ප‍්‍රදේශයේ ගමන් කරමින් තිබූ ඉස්ලාමීය සටන්කාමීන්ගේ වාහන පෙළකට ඊජිප්තු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා ප‍්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
අල් ටූමා ගැමි පෙදෙසට ඇතුළු වූ ඊජිප්තු හමුදා ත‍්‍රස්තවාදීන්ට අයත් සන්නද්ධ රථ තුනක් ද විනාශ කළ බව සීනායි අණදෙන නිලධාරියෙක් පැවැසීය.
පසුගියදා ඉස්ලාමීය සටන්කාමීන් පිරිසක් විසින් ඊජිප්තු-ඊශ‍්‍රායල් දේශසීමාසන්නයෙහි සේවයේ යෙදී සිටි හමුදා භටයන් පිරිසක් ඝාතනය කිරීමෙන් අනතුරුව ඊජිප්තු හමුදාව මෙම මෙහෙයුම දියත් කළේය.
මේ අතර පෙරේදා රාත‍්‍රියේ හඳුනා නොගත් සටන්කාමීන් පිරිසක් සිනායි ප‍්‍රදේශයේ හමුදා මුරපොළකට ප‍්‍රහාරයක් එල්ල කර ඇතැයි ඊජිප්තු හමුදා ප‍්‍රකාශකයෙක් කීයේය.
ගාසා තීරයේ සිටින බෙඩුයින් සටන්කාමීන් සහ ඉස්ලාමීය අන්තවාදීන් විසින් මෙම ප‍්‍රහාර එල්ල කරන ලද බවට සැක කෙරෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඊජිප්තු නව ජනපති මොර්සිගේ මුස්ලිම් සහෝදරත්ව පක්ෂය සහ ගාසා තීරයේ සිටින හමාස් සංවිධානය අතර පවතින යහපත් සබඳතා මෙම ගැටුම්කාරී තත්ත්වය නිසා අභියෝගයට ලක් වන බව විදෙස් විශ්ලේෂකයෝ පවසති.
සටන්කාමීන් එල්ල කළ ප‍්‍රහාරයෙන් අනතුරුව ගාසා තීරයට පිවිසුම් මාර්ගය වන රෆා ප‍්‍රවේශ මාර්ගය වසා දැමීමට ඊජිප්තු රජය තීරණය කළේය. ඊශ‍්‍රායල පාලනය නොකරන පලස්තීනය බාහිර ලෝකය සමඟ සම්බන්ධ වන එකම ප‍්‍රවේශ මාර්ගය වන්නේ ද රෆා මාර්ගයයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඊජිප්තු හමුදා එල්ල කළ ප‍්‍රහාරයෙන් ඉස්ලාමීය සටන්කාමීහු 20ක් මරුට
මධු Thursday, 09 August 2012 12:52 PM
මෙහෙමවත් තුරන් වෙනවා නම් හොදයි. (නි)
ෂෙරිෆ් Thursday, 09 August 2012 03:57 PM
මට නම් හරි දුකයි. මුස්ලිම් විසිදෙනෙක්...!!(නු)
ශාන් Thursday, 09 August 2012 06:01 PM
අල්ලාහු අක්බර්. (නි)
ලක්මාල් Thursday, 09 August 2012 06:37 PM
කරන හොද තමයි ඔය පළිසන් දෙන්නේ. (නි)
ගාමිණී -කුවේට් Friday, 10 August 2012 03:30 AM
ෂෙරිෆ්, මනුෂ්‍යයෙක් මියයාම,මැරීම අපි කිසිවෙක් අනුමත නොකරන්නෙමු.එහෙත් ත‍්‍රස්තවාදීයා යනු ලොවින් තුරන් කළයුතු පිළිලයකි.මට හිතෙන විධියට මොවුන් උත්සාහ කළේ මෙම ශුද්ධවූ රමදාන් උපවාස කාලයේදී ඊශ‍්‍රායලය හා ඊජිප්තුව අතර ආරවුලක් ඇතිකිරීමටයි.එහෙත් ඊජිප්තුව කල්පනාකාරීව ක්‍රියාකළ නිසා එය වැළකින. (නි)