දෙවන ලෝක යුද සමයේ නාසි වද කදවුරු වල රදවා සිටි රැදවියන් කිහිපදෙනෙකුට අයත්යැයි සැළකෙන ඇදුම් පැළදුම් හා බඩු බාහිරාදිය අන්තර්ජාලයේ ප්‍රකට භාණ්ඩ හුවමාරු හා වෙන්දේසි වෙබ් අඩවියක් වන ඊබේ වෙබ් අඩවිය ඔස්සේ අලෙවි වීම ලොව පුරා ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කිරීමට මුල්වී ඇත.
මෙම ගනුදෙනුව කිසිසේත් සදාචාරසම්පන්න නොවන්නේ යැයි බහුතරයකගේ මතය වී තිබේ. බියකරු නාසි වද කදවුරක දහසකුත් එකක් වද විද මිය ගිය අයෙකුට අයත්ව තිබූ දේ වෙන්දේසි කිරීමට තරම් ඊබේ වෙබ් අඩවිය පහතට වැටුණේ කෙසේදැයි ඔවුන් ප්‍රශ්න කරයි.
පවුම් 5000 සිට 15, 000 දක්වා ඉහළ මිල ගණන් වලට මිල කර තිබී ඇති මෙම භාණ්ඩ හා ඇදුම් පැළදුම් වෙන්දේසියේ මිලදී ගැනීමට සැළකිය යුතු ගැනුම්කරුවන් පිරිසක්ද සිට ඇතැයි සදහන්ය.
උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් වෙබ් අඩවියේ පරිශීලකයින්ගෙන් හා සමස්ථ ලෝක ප්‍රජාවෙන් සමාව ඉල්ලීමට කටයුතු කර ඇති ඊබේ වෙබ් අඩවියේ නියාමකයින් මෙවන් ආන්දෝලනාත්මක බඩුබාහිරාදිය වෙබ් අඩවියේ පවතින්නේ නම් ඒවා සොයා බලා ඉවත් කිරීමට කටයුතු කරගෙන යන බව සදහන් කර තිබේ.
මෙම බඩු බාහිරාදිය විකිණීමට ඇතැයි යැයි ඊබේ වෙබ් අඩවියට දැන්වීම එක්කළ පුද්ගලයාවද සොයාගැනීමට හැකිව ඇත.අනාවරණයව ඇති පරිදි ඔහු එසේ එක්කළ සමහර දෑ වදකාගාර වල සිටි ඔහුගේම නෑදෑයින්ට අයත්ව තිබූ ඒවාය. මේවා විකුණා දැමීමේ කිසිදු වරදක් තමන් දකින්නේ නැතැයි පවසා ඇති හෙතෙම තමන් මේවා විකුණා දැමූයේ පොත් ලිවීම වෘත්තීය කර ගෙන සිටින තමාට අවශ්‍ය මුදල් උපයා ගැනීමට බව කියා ඇත.තවද තමන් සතුව තිඛෙන ඇතැම් ආයිත්තම් ඒවායේ සැබෑ හිමිකරුවන්ට භාරදීමට මෙසේ ඒවා වෙන්දේසි කිරීමෙන් තමාට හැකියාව ලැඛෙන්නේ යැයි ඔහු පවසා තිබේ.
වෙන්දේසියෙන් ලැබීමට නියමිතව තිබූ මුදල් සියල්ල සහන සේවා සංවිධාන වලට ලබා දෙන බවට ඊබේ වෙබ් අඩිවිය ප්‍රතිඥා දී ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඊබේ සමාව ගනී
චමත් [ලංකාව] Monday, 04 November 2013 11:41 AM
මට හිතෙන විදියට, මේ භාණ්ඩ [ ඊබේ,හි ] වෙන්දේසියට දැමු පුද්ගලයා නාසි කදවරු වල වදකාගාර වල මරණයට පත්වූ අයගේ නෑදෑයෙක් විය නොහැකියි .ඒ මොකද එවැනි බඩු බාහිරාදිය දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව නැවත නෑදෑයන් හට බාර දුන්නා කියල නම් මම ඉතිහාස පොත් වල කියවල නැහැ. මොහු අනිවාර්යෙන්ම එම නාසි වදකාගාර වල සේවය කල ජර්මන් නාසි නිලදාරීන්ගේ නෑදෑයෙක් විය හැකියි. ඒ වගේම මේ භාණ්ඩ දැන් වෙන්දේසියෙන් මිලයට ගන්නෙත් තවමත් එවැනි නාසි ගති පැවතුම් ඇති පුද්ගලයන් විය යුතුයි.(නදී)
චමත් Monday, 04 November 2013 07:49 PM
ඒ චමත්ගේ අදහස මේ චමතුත් අනුමත කරනවා. මෙච්චර වටින තමන්ට අයිති දෙයක් විකුන්නන්නේ කවුද? අනික ආයි ගන්න පුළුවන් දෙයක් යැ?(නදී)