X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 22 වන ඉරිදා


උතුරු කොරියා නායක කිම් ජොං ඉල් මියයයි

උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන හේතුකොටගෙන ඇමෙරිකාවේ උදහසට ලක් ව සිටි උතුරු කොරියා නායක කිම් ජොං ඉල්, හෘදයාබාධයකින් අභාවප‍්‍රාප්ත විය. කිම් ජොං ඉල්ගේ මරණය පිළිබඳ පුවත ලොවට හෙළි කළේ උතුරු කොරියා රාජ්‍ය රූපවාහිනී සේවයයි. ඔවුන් වාර්තා කළ පරිදි නායක කිම් ජොං ඉල් මියගොස් ඇත්තේ ඉකුත් 17 වැනිදාය. මිය යන විට 69 වැනි වියෙහි පසුවූ කිම් ජොං ඉල්, උතුරු කොරියාවේ නායකයා බවට පත් වූයේ 1997 වසරේදීය.  ඒ, ඔහුගේ පියා කිම් ඉල් සුංගේ මරණින් පසුවය. කිම් ඉල් සුං මියගියේ 1994 වසරේදීය. පියා මෙන්ම කිම් ජොං ඉල් ද ගුවනින් යෑමට බියක් දැක්වූ රාජ්‍ය නායකයකු ලෙස ප‍්‍රකටය. ඔහු විදෙස් සංචාරවල නියැළුණේ ඉතා කලාතුරකිනි. ඔහු වැඩි පුරම ගියේ චීනයටය. උතුරු සහ දකුණු කොරියාව අතර ගැටුම් හටගත් අවස්ථාවලදී සාම මැදහත්කරු වූයේ චීනයයි. ගුවනින් යෑමට බියක් දැක්වූ නිසා කිම් ජොං ඉල් ගමන් කළේ විශේෂයෙන් නිර්මාණය කළ වෙඩි නොවදින දුම්රියකිනි. ඔහු මෙම වසර මුලදී එම දුම්රියෙන් රුසියාවේ ද සංචාරයක යෙදුණේය. උතුරු කොරියාවේ පාලන ක‍්‍රමයට අනුව කිම් ජොං ඉල්ගේ අභාවයෙන් පසු රටේ නායකයා වන්නේ ඉල්ගේ බාල පුතු කිම් ජොං උන්ය. 28 හැවිරිදි කිම් ජොං උන්, කිම් ජොං ඉල්ගෙන් පසු උතුරු කොරියාවේ නායකත්වයට පත් වන බව නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කෙරුණේ 2009 වසරේදීය. එම අවස්ථාවේදී කිම් ජොං උන්ට සහාය දෙන්නැයි ද කිම් ජොං ඉල් උතුරු කොරියානුවන්ගෙන් ඉල්ලීමක් ද කළේය. කිම් ජොං ඉල්ගේ අවසන් කටයුතු එලැඹෙන 29 වැනිදා පැවැත්වෙන බවත් එම අවස්ථාවට විදේශ නියෝජිතයන්ට, තානාපතිවරුන්ට හෝ රාජ්‍ය නායකයන්ට ආරාධනා නොකරන බවත් උතුරු කොරියා රජය පවසයි. පෙරේදා සිට 29 වැනිදා තෙක් උතුරු කොරියාවේ ශෝක කාලයක් ප‍්‍රකාශයට පත් කර ඇති බව ද වාර්තා වේ. ඇමෙරිකාව ප‍්‍රමුඛ ලෝක බලවතුන් සහ උතුරු කොරියාව අතර නොහොඳ නෝක්කඩු ඇති වුණේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙනි. ඇමෙරිකාවේ දර්ශනයට අනුව ලෝකයේ අංක එකේ නපුරා වන්නේ ද කිම් ජොං ඉල්ය. ඇමෙරිකාව චෝදනා කළේ කිම් ජොං ඉල් සහ උතුරු කොරියා රජය හමුදාව යොදවා එරට වැසියන් දැඩි ලෙස මර්දනයකට ලක් කරන බවය. එපමණක් නොව උතුරු කොරියාව සිය න්‍යෂ්ටික වැඩසටහන යටතේ න්‍යෂ්ටික අවි නිපදවන බවට ද ඇමෙරිකාව චෝදනා කරයි. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන නිසා ඉරාන ජනාධිපති මොහොමඞ් අහමදිනෙජාද් ඇමෙරිකාව ප‍්‍රමුඛ ලෝක බලවතුන්ගේ උදහසට ලක් වූවා සේම කිම් ජොං ඉල් ද ඇමෙරිකාවට තර්ජනයක් විය. දකුණු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන කෙසේ සිදුවන්නේ ද යන්න ඇමෙරිකාව නොදනී. එම නිසා උතුරු කොරියාව විටින් විට මිසයිල අත්හදා බැලීම් කරද්දී වැඩිපුරම බියට පත් වන්නේ ඇමෙරිකාවය. කොරියා යුද්ධයෙන් උතුරු සහ දකුණු වශයෙන් කොරියාව දෙකඩ වීමෙන් පසු ඇමෙරිකාව දිගටම දකුණු කොරියාව සමඟ සම්බන්ධකම් පැවැත්වීය. උතුරු කොරියාව රුසියාව සමඟ සබඳකම් පවත්වාගෙන ගියේය. උතුරු කොරියාවේ න්‍යෂ්ටික කටයුතුවලදී ඊට සහාය දෙන්නේ රුසියාවය. ඇමෙරිකාව, දකුණු කොරියාවට වඩාත් සමීපවී සිටින්නේ උතුරු කොරියාව ඔවුන්ට අවශ්‍ය විධියට හසුරුවා ගැනීමට නොහැකි නිසා යැයි අවස්ථා ගණනාවකදී උතුරු කොරියානුවන්ට ‘කොකා පෙන්වමින්’ ඇමෙරිකාව, දකුණු කොරියා හමුදාව සමඟ එක්වී උතුරු කොරියාව අසල මුහුදේ නාවික යුද අභ්‍යාස පවා පවත්වා තිබේ. එය උතුරු කොරියාවේ මෙන්ම චීනයේ ද බලවත් විරෝධයට හේතු විය. ආසියා කලාපයේ ඇමෙරිකාවට බියක් නොදක්වන අනෙක් රට වන්නේ චීනයයි. සෙසු ආසියා රටවල් සමඟ සමීප සම්බන්ධතා ඇති කර ගන්නා අයුරින් විදේශ ප‍්‍රතිපත්ති සකස් කිරීමට ඇමෙරිකා ජනාධිපති තීරණය කර ඇත්තේ ද එහෙයින්ය. මීට සති කිහිපයකට පෙර දශක ගණනාවකට පසු මියන්මාරයට ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් පිටත් කර හැරියේ ද එම නිසා යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.



අදහස් (0)

උතුරු කොරියා නායක කිම් ජොං ඉල් මියයයි

ඩී.එස්. ගම්මන්පිල Thursday, 22 December 2011 09:16 AM

විශාල පාඩුවක්. අවශ්‍යයි හොද නායකයන් ලෝකයට

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site