වැඩිම බැංකු ශාඛා ප්‍රමාණයක් ඇති පළාත ලෙස බස්නාහිර පළාත පවා පරදවමින් පළමු ස්ථානයට පැමිණීමට උතුර පළාත සමත්ව තිබේ.
පුද්ගලයින් ලක්ෂයකට ඇති බැංකු ශාඛා ප්‍රමාණයේ අනුපාතය ගණනය කර මහබැංකුව එළිදක්වා තිබෙන අලූත්ම වාර්තාවකට අනුව බස්නාහිර පළාතේ එම අනුපාතය 21.18 ක් වෙද්දී උතුරු පළාතේ අනුපාතය සටහන්ව ඇත්තේ 21.66 ක් ලෙසය.
2008 වසරේ උතුරු පළාතේ මෙම බැංකු ශාඛා - පුද්ගල අනුපාතය 7.39 ක් විය.
නැගෙනහිර පළාතද සැළකිය යුතු තරම් වර්ධනයක් අත්කර තිබෙන අතර බැංකු - පුද්ගල අනුපාතය 16.82 ක අගයක රදවා ගනිමින් එය වාර්තාවේ 3 වැනි ස්ථානය දිනා ගැනීමට සමත්ව ඇත.
යුද්ධයෙන් පසු උදාවී ඇති සාමකාමී පරිසරයේ උතුරු පළාත දිවයිනේ සංවර්ධන කටයුතු වලට දායක වන අන්දම මෙයින් හොදින් පෙනෙන බව වාර්තාව ගැන අදහස් දක්වන මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
උතුර බටහිර පරදයි
ජයාත් Wednesday, 07 January 2015 10:10 AM
ඉතින් දෙයියනේ!එහෙනම් කට්ටියක් කෑ ගහන්නේ උතුරට මොකුත්ම කර නැහැ කියලා! (නි)
ගයේෂ් Thursday, 08 January 2015 01:50 PM
ඔතන ඉලක්කම් සෙල්ලමක් තියෙන්නේ.උතුරේ ජනගහනය බස්නාහිරට වඩා අඩුයි.එතකොට බැංකු ශාඛා ගණන බෙදෙන්නේ අඩු සංඛ්‍යාවකින් හින්දා එන ප්‍රතිඵලය ලොකුයි (බ)