X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 27 වන ඉරිදා


එංගලන්තයේ ජාතිවාදයට එරෙහිව පෙළගැසෙති

ජාතිවාදයට එරෙහිව එංගලන්තයේ ලන්ඩන් නුවර විශාල පාගමනක් පැවැත්වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. බටහිර ලන්ඩනයේ මෙන්ම දකුණු ලන්ඩනයේද ඒ සදහා විවිධ ක්‍රියාකාරකම් සංවිධානය කර තිබිණි.

යුරෝපිය සංගමයෙන් ඉවත් වීමට තීරණය කිරීමත් සමග එංගලන්තයේ ජාතිවාදී ප්‍රහාර රාශියක් සිදුවිය. පෝලන්ත සංස්කෘතික මධ්‍යස්ථානයකට ද ප්‍රහාරයක් එල්ල විය.

ඉන්පසුව මෙම ජාතිවාදී විරෝධී පාගමන් සහ විවිධ ක්‍රියාකාරකම් සදහා රාජ්‍ය ආයතන මෙන්ම ජනතාවද එක්විය. ලොවම එක පවුලක් බව මෙම පාගමනට එක්වූ හැමස්මිත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඇන්ඩි ස්ලෝටර් පැවසිය.

පොලිස් වාර්තා වලට අනුව ජුනි 24 සිට ජුලි 5 දක්වා කාලයේ  වාර්ගික හෝ ආගමික වෛරය හේතුකොටගෙන   ගැටුම් 771ක් සිදුව තිබේ.  මේ සදහා එරට විශාල ජනකායකගේ ආශීර්වාදය සහ කැමැත්ත ලැබී තිබෙන බවත් ඒ වෙනුවෙන් කරන අරගලයට විශාල සහයක් ලැබෙන බවත් සදහන් වේ.

යුරෝපා සංගමයෙන් ඉවත් වූ පසු යුරෝපා පුරවැසිභාවය හිමි ජනතාවට මෙන්ම සුළු ජාතීන්ට විශාල තර්ජනයක් එල්ල විය. ඔවුනට තම රටින් පිටවෙන ලෙසත් ඔවුන්ට අයිති රට වෙත යන ලෙසත් කියමින් සමහරු ගැටුම් ඇති කළහ.



අදහස් (0)

එංගලන්තයේ ජාතිවාදයට එරෙහිව පෙළගැසෙති

සුමාලි Monday, 18 July 2016 09:00 AM

දකින දකින තැන ගහල එලෙවුවට කමක් නැහැ අතන මෙතන බෝම්බ පත්තු කර කර අැවිදිනවට....(බ)

:       0       0

විජිත් Tuesday, 19 July 2016 05:26 AM

මේ පෝලන්ත ජාතිකයින් නම් යුරෝපයට මහා ප්‍රශ්නයක්...ප්‍රංශයේ තත්වය මීටත් වඩා ප්‍රශ්නකාරියි..ප්‍රංශයේ ඉන්න පෝලන්ත ජාතිකයින් ඉතාම අඩු කුලියට ඕනෑම වැඩක් කරනවා.ඒ නිසා රටේ ජනතාවගේ විරැකියාව ඉහළ ගියා.එංගලන්තයේත් එහෙමමයි.(බ)

:       0       0

බමුණුසිංහ Tuesday, 19 July 2016 11:41 AM

පෝලන්ත ජාතිකයින් ඉතාම අඩු කුලියට ඕනෑම වැඩක් කරනවා. ඒ නිසා රටේ ජනතාවගේ විරැකියාව ඉහළ ගියාලු. ඉක්ටා අාවොත් ලංකාවටත් ඔය ටිකම වේවි. (නි)

:       0       0

විකුම් රංගන Tuesday, 19 July 2016 01:29 PM

ජාතිවාදයට එරෙහිව සියලු දෙනා නැගී සිටිය යුතු කාලය ඇවිල්ලා තියෙන්නේ.(හේ)

:       0       0

භද්‍රානි Tuesday, 19 July 2016 07:22 PM

විජිත් මහත්තයා පෝලන්ත ජාතිකයෙකුගෙන් හොඳ ටොක්කක් කාලා වගෙයි. පෝලන්තේ විතරක් නෙමෙයි, කොම්යුනිස්ට් රටවල් වල බොහෝ දෙනෙක් එතරම් ශිෂ්ටසම්පන්න නැහැ. බටහිර ජාතීන්ට ගරුකළාට අපේ අයව ගණන් ගන්නේ නැහැ (නි)

:       0       0

කුමාර Wednesday, 20 July 2016 03:44 AM

ඇත්තටම මම කණගාටු වෙන්නේ මේ බටහිර රටවල් ආසියාතික රටවලට කාලයකට ඉස්සර යම් යම් දේ කළත්, මේ රටවලින් එන නව සොයාගැනීම් ලෝකයට වැදගත්. මේ රටවල මිනිස්සු ඕනෑවට වැඩිය 100% සුපිරි පාලන ක්‍රම ගෙනියන්න උත්සාහය නිසා මුළු ලෝකයේම ජනතාවට ඉදිරි 100 වසර තුළ නොයෙකුත් ව්‍යසන වලට මුහුණ දෙන්න වෙනවා. මේ බටහිර සෑම රටක්ම තමන්ගේ ජාතිය වැඩිකර ගන්න හිතන්නේ නැහැ, සැප විතරයි හිතන්නේ. මේ අයගේ රටවලට උවමනා මිනිස් සම්පත නැතිනිසා පාලන ක්‍රම වෙනස් කරලා කරන්න යන දේ නිසා මේ රටවල අනන්‍යතාවය නැත්තටම නැතිවෙනවා. මේ මගේ මතයයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site