ලෝක එච් එස් බි සි බැංකුවේ ජේෂ්ඨ අධ්‍යක්ෂවරයකු ඇමෙරිකාවේදී අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපොළ සිදුකරන ලද වංචාවකට අදාලව ඔහුට චෝදනා ගොනු කර තිබේ.
මාර්ක් ජොන්සන් නම් ඔහු එච්.එස්.බි.සි බැංකුවේ ලන්ඩන් හි ගෝලීය විදේශ විනිමය සහ මුදල් හුවමාරු පිළිබද ප්‍රධාන නිලධාරියා ලෙස කටයුතු කරයි. ඔහු නිව්යෝක් නුවර දී අත්අඩංගුවට ගෙන තිබේ. ඇමෙරිකාවේ බ්රුක්ලින් නුවර ෆෙඩරල් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් එම ආයතනය අදහස් පළකිරීම ප්‍රතික්ෂේප කර තිබේ.
මිට පෙර ඇමරිකා අධිකරණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද පරීක්ෂණයකට අනුව ජාත්‍යන්තර මුල්‍ය වෙළදපොල වංචා සිදුකරන මුල්‍ය ආයතන හතරක් හෙළිදරව් විය. එම ආයතන හතරට චෝදනා ගොනු කරන ලදී. නමුත් එම ආයතන අතරේ එච්.එස්.බි.සි.අයතනය නොතිබිණි.
කෙසේවෙතත් ඇමෙරිකාව සහ එංගලන්තය විසින් විදේශ විනිම අනුපාත හැසිරවීමේ වරද මත දඩ නියම කෙරුණු මුල්‍ය ආයතන හය අතර එච්.එස්.බි.සි.ආයතනයද තිබිණි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
එච්.එස්.බී.සී ලොක්කෙක් ඇමෙරිකාවේදී අත්අඩංගුවට