ඉත්තෑවකු මෙන් කටු සහිත එචිඩ්නා නමැති ඈන්ටීට වර්ගයේ මේ සතුන් සිය වර්ගයා බෝකිරීමට අපූරු ක්‍රමයක් අනුගමනය කරයි. ඕස්ට්‍රේලියාවේ ටොරොංගා සත්ත්වෝද්‍යානයේ දී එචිඩ්නා සතුන්ගේ දර්ශන ඡායාරූපයට නැගිමෙන් පසු ඒ බව හෙළිවී ඇත.
එචිඩ්නා සතුන් එකා පසු පස එකා ගමන්කරන ආකාරය ඉතා සුලබ දසුනකි. එසේ වුව ද මෙයට හේතුවක් මෙතෙක් අනාවරණය වී තිබුණේ නැත. ටොරොංගා සත්වෝද්‍යානයේ සේවකයන් පවසන්නේ මේ සතුන් පේළියේ සැමවිටම ඉදිරියෙන් ගමන් කරන්නේ ගැහැනු සත්ත්වයකු බවයි. ඒ පසුපස පිරිමි සතුන් එකිනෙකාට අතිශයින් සමීපව ඉතා දුෂ්කර ගමණක යෙදෙන බව ද ඔවුහු කියති. එයට හේතුව සොයා බැලීමේ දී පෙනීගොස් ඇත්තේ ගැහැනු සතුන් සිය ප්‍රජනක කාලයේ දී පිරිමි සතුන් ආකර්ශනය කරගැනීමට ලිංගික හෝමෝනයක් නිකුත් කරන බවයි. එයට ආකර්ෂණය වන පිරිමි සතුන් ගැහැනු සතා පසුපස උගේ අඩිපාරේ ගමන් කරයි.
මෙය අපූරු දසුනකි. උද්‍යාන සේවකයන් පවසන්නේ එය එචිඩ්නා කෝච්චිය යනුවෙනි. මෙලෙස තමා පසුපස වැටී සිටිනි පිරිමි සතුන් අතරින් එකකු ගැහැනු එචිඩ්නා සිය සහකරු ලෙස තෝරාගනී. මෙවැනි අසීරු චාරිකාවක පිරිමි සතුන් යෙදවිමෙන් පසු ස්වකීය වල්ලභයා තෝරාගැනීම ප්‍රහේලිකාවක් බව සත්ත්ව විද්‍යාඥයෝ කියති. ගැහැනු සතා විඩාපත් වූ විට තමා පසුපස මුලින්ම සිටින පිරිමි සතා සමග එක්වන බව නිරික්ෂණය කැර තිබේ.
ස්වභාවික වනයේ දී නම් මෙවැනි ගැහැනු සතකු පිටුපස පිරිමි සතුන් 10ක් පමණ ගමන් කරන බව සත්ත්ව විද්‍යාඥයෝ කියති. අවුරුදු 40ක පමණ කාලයක් ජීවත්වන මේ සත්ත්වයකු තම වර්ගයා බෝ කරන්නේ බිත්තර දැමීමෙනි. ජුනි සිට සැප්තැම්බර් දක්වා කාලයේ ඔවුන් අභිජනනය කරයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
එචිඩ්නාගේ ස්වයංවරය
හේමන්ත Thursday, 02 October 2014 04:41 AM
සතෙක් සිව්පාවෙක් දකින්න නැති සමහර රටවල ඉන්න අයට මේවා ලොකු දේවල් තමයි.(අ)
සරත් Thursday, 02 October 2014 08:37 AM
සත්ව ලෝකය කොහොමත් ඔය වගේ තමයි. හරිම සුන්දරයි. ප්‍රබලයා ජයගන්නවා. (නි)
රූපවතී Thursday, 02 October 2014 08:50 AM
මම ඉන්න රටේ මේ සතුන් නිතර වාහන වලට යටවෙලා මැරෙනවා. මේ සතා සුළු දෙයකටත් තම ආත්ම ආරක්ෂාවට තම ශරීරය බෝලයක හැඩයට රවුම් කරගෙන ඔලුව හංගාගන්න නිසා, වාහන වලට ගොදුරු වෙලා මැරෙනවා. සෑම දිනකම උදේට වැඩට යනවිට පාරේ 3,4 දෙනෙක් වාහන වලට යටවී මැරිලා ඇති සැටි මා දකිනවා. හරිම අහිංසක සතෙක් ..!! (නි)
රම්සියා Thursday, 02 October 2014 08:54 AM
අපේ ලොකු ලොකු අයගේ සමහර පුතුන්ව මට මතක් වුණා (නි)
සෑම් Thursday, 02 October 2014 10:41 AM
හේමන්ත, ඔබ මොන රටේ ජීවත් වෙන කෙනෙක්ද කියන්න මම දන්නේ නැහැ. කුඩා රටක් වන ලංකාවේ අපිට ආවේනික සතුනුත් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. නමුත් ඕස්ට්‍රේලියාවෙත් ඊට ආවේනික සතුන් වන කැන්ගරුවන්, වොලබි ,කොවාලා , ප්ලැටිපුස්, තස්මේනියන් ඩෙවිල්,වැනි සතුන් විශාල සංඛ්‍යාවක් "හොඳින් "ඉන්නවා. මොකද මේ රටේ මඩේ එරුණ අලි පැටියාගේ වලිගය කපාගෙන ගිය මිනිහා වගේ නරක මිනිස්සු ඉතාම අඩුයි.(අ)
හේමන්ත Thursday, 02 October 2014 11:54 AM
සෑම්, ඔයා නිදි පැදුරෙන් අවදිවෙලා වගේ බෙරිහන් දෙන්න එපා. යන්නේ කොහේද මල්ලේ පොල් කිවුවලු. ඒවගේ හතරබීරි කතාවක් තමයි ඔයා කියන්නේ. අපි ඕනෑ තරම් දැකලා තියෙනවා සතුන් රැලේ යන කාලෙට ගැහැණු සතා පස්සෙන් යනවා. ඉතින් මේක අලුත් අත්දැකීමක් නොවෙයි ගොඩක් අයට. වෙනසකට තියෙන්නේ මේ සතා ලංකාවේ නැති එක තමයි. (නි)
සෑම් Thursday, 02 October 2014 12:46 PM
මට මේ කතාවෙන් තේරෙන්නේ මේ පිටුපසින් යන සතුන්ටත් වෙන්නේ ඡන්දෙ කාලෙට අපේක්ෂකයින් පසුපස පෝළිමේ යන කට්ටියට වෙන දේම තමා (නි)
රුෂාන් Friday, 03 October 2014 01:24 AM
බොහොම හොඳයි සෑම් මහත්තයා (නි)
ගමගේ Friday, 03 October 2014 02:24 AM
සැම්, ඔබ හරි. (නි)
සෑම් Friday, 03 October 2014 07:16 AM
අපෝ මේ හෙමන්තගෙන් බැනුම් අහපු සෑම් මම නොවයි. රුෂාන් බොහොම හොඳයි කියපු සැම් මම. අනේ මන්ද අදහස් දාන නමට පේටන්ට් බලපත්‍රය ගන්න වෙයි වගේ. (ස)
රුවන් Friday, 03 October 2014 01:52 PM
හේමන්ත කියන කෙනා මොන පුවතට ප්‍රතිචාර දැම්මත් එයාගේ අදහසම විතරක් නිවැරදියි කියන මතයේ ඉන්න කෙනෙක්. (නදී)
හේමාල් Friday, 03 October 2014 01:58 PM
හේමන්ත ඔබට මේ සතාව අල්ලන්නේ නැති වුනාට හැමෝටම එහෙම වෙන්න ඕන නැහැ නේද ? (නදී)
චාලි Friday, 03 October 2014 02:03 PM
ඇයි සෑම් දන්නේ නැද්ද, හේමන්ත ඉන්නේ බ්‍රහ්ම ලෝකයෙනේ. එයාට හැම පුවතකම වැරැද්දක්මයි පේන්නේ. (නි)
සත්‍යයා Friday, 03 October 2014 03:44 PM
එචිඩ්නා නෙමෙයි එකීඩ්නා. (අ)
දාස් Saturday, 04 October 2014 01:03 PM
කොච්චර ලස්සන දසුනක්ද. මට නම් මේක විතරක් නෙමේ ස්වාබ ධර්මයේ වෙන හැම දෙයක්ම ලොකු දෙයක්. අද උදේ මම නැගිටලා ජීවත් වෙලා ඉන්න එකත් ලොකු දෙයක්. (නදී)