ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් වීදි බැස සිටින හොංකොං හි ජනතාවත් තම ප්‍රතිපත්ති වෙනස් නොකර දැඩිව සිටිනා බීජිං බලධරයිනුත් 1989 වසරේ චීනයේ ටියැන්නෑම් චතුරස්රයේ සිදුවූවාක් මෙන් මහා මිනිස් සංහාරයකට මග පාදනු ඇත්දැයි ලොව රටවල් බිය පළකරයි.
හොංකොං හි පාලකයා තෝරා ගැනීමට 2017 වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණයට තරග කළ හැක්කේ අතීතය ගැන සිදු කෙරෙන සම්පූර්ණ සොයා බැලීමකින් පසු සුදුසු යැයි තීරණය කෙරෙන පුද්ගලයින්ට පමණක් යැයි චීනය නිවේදනයක් නිකුත් කර තිබීම මෙසේ ජනතාව වීදි බැසීමට හේතුව වී තිබේ.
ඔවුන් පවසන්නේ වසර 25 ක චීන පාලනයට යටත්ව සිටි තමන්ට එයින් යම් තාක් දුරට හෝ මිදී ස්වාධීන වීමට ලැබී තිබෙන අවස්ථාවද චීනයට වුවමනා හැටියට වෙනස් කරන්නට බීජිං බළධාරීන් උත්සාහ කරන බවයි.
සිදුකරන බව කියන සම්පූර්ණ පරීක්ෂාවෙන් පසු තෝරාගැනෙනු ඇත්තේ වෙනස් මතයන් දරන පුද්ලයින් නොව චීනයට සතුටු විය හැකි ක්‍රියාකාකරම් වල නිරතව සිටි, චීනයට ගැතිකම් කරන රූකඩ වැනි පුද්ගලයින් යැයි ඔවුහු චෝදනා කරති.
චීනයේ තීරණය විරෝධය පළ කරමින් මුලින්ම හොංකොං හි ශිෂ්‍ය ප්‍රජාව වීදි බැසි අතර දැන් ඔවුන්ගේ සහයට වැඩකරන ජනතාවද පැමිණ ඇත.
දින ගණන් නිවාඩු දමා උද්ඝෝෂණ සදහා සහභාගී වීමට පැමිණ ඇති ඔවුන් ඉල්ලන්නේ ඕනෑම අයෙකුට මැතිවරණය සදහා තරග කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.
උද්ඝෝෂණ නිසා හොංකොං හි ප්‍රධාන ව්‍යාපාරික ස්ථාන මෙන්ම බැංකුද මේ දිනවල වසා දමා ඇත.
පොලිසිය උද්ඝෝෂකයින් පාලනය කිරීමට කදුළු ගෑස් මෙන්ම බැටන් පොලූ ප්‍රහාරයන්ද එල්ල කළ අතර පසුගිය රැයේ සිට උද්ඝෝෂකයින් දහස් ගණනින් එක් රැස්වන්නට පටන් ගත් තැන දැන් පොලිසියද සිටින්නේ පසුබැසය.
වැහි කබා, කිමිදුම් කණ්නාඩි, මුහුණු ආවරණ පැළැදගෙන ජනතාව වීදි බැස සිටිති.
කුඩ ඉහළා ගෙන කදුළු ගෑස් ප්‍රහාර වලින් ආරක්ෂාවීමට තැත් දරන ඔවුන් මුල් කරගෙන බටහිර මාධ්‍ය මෙය හදුන්වා ඇත්තේ ‘‘කුඩ විප්ලවය‘‘ ලෙසය.
චීනය උද්ඝෝෂකයින් මැඩලීමට හමුදා බලය යොදවනු ඇතැයි ආරංචියක් පැතිර තිබෙන අතර උද්ඝෝෂකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් අදහස් පළකර ඇති බටහිර රටවල් කිහිපයකටම චීනය දැනුම් දී ඇත්තේ තම රටේ සිදුවන දේ වලට ඇඟිලි නොගසන ලෙසයි.
මෙම උද්ඝෝෂණය කලකට පසු චීනයේ ආඥාදායක පාලන ක්‍රමයට මුහුණදීමට සිදුව ඇති ප්රබලතම අභියෝගය බව පැවසේ. හොංකොං ජනතාව තම ඉල්ලීම දිනාගතහොත් එය චීනයේ සිටින ක්රියාකාරීන්ටද හොද උත්තේජනයක් වනු ඇතැයිද එවිට ඔවුන්ද එක්රැස්වී සමස්ථ චීන පාලනටම අභියෝග කරනු ඇතැයිද විචාරකයින් පෙන්වා දේ.
කෙසේ වුවත් හොංකොං හි සියලූ දෙනා උද්ඝෝෂණයට සහය දක්වන්නෝ නොවෙති. ඇතැමෙකු පවසන්නේ කෙසේ හෝ මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාව චීනය ලබාදී ඇති නිසා එයින් හැකි පමණ ප්‍රයෝජන ලබා ගත යුතුව ඇති බවයි.
උද්ඝෝණයන්ගේ නිශ්ඵල බව තමන් දකින නිසා ඊට සහභාගී වීමෙන් වැළකී සිටින බව ඔවුන් කියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
එන පොට හොංකොං නුවරට හොඳ නැතිලු
ටෙනිසන් Tuesday, 30 September 2014 06:07 AM
ලෝකය පාලනය කරන මහලොකු ඇමරිකන් හා බටහිර රටවල් කොයිකද චීනෙට අතදාන්නේ කියල බලා ඉමු. එයාලගේ ගෙම්බෙර් තිබෙන්නේ අපි වගේ පොඩි උන්ට. (දී)
රාජිත Tuesday, 30 September 2014 08:43 AM
ලෝකේ ප්‍රශ්න විසදන්න අපේ ප්‍රශ්න විසදා ගෙන ඉන්න ඕනේ (දී)
උදයංග Tuesday, 30 September 2014 04:35 PM
අපගේ මව්බිමට එරෙහි සතුරු බලවේග පරදවමු. අපිටත් කවදා හෝ හොන්කොන්ග් වැසියන් කරන දේ කරන්න සිදුවේවි. (දී)
සමන්ති Wednesday, 01 October 2014 01:03 AM
අපිත් ඉල්ලන් කයිද දන්නේ නැහැ (නදී)