මාරක එබෝලා වෛරසය පැතිරීම වැළැක්වීමට බටහිරි අප්‍රිකානු රටවල් දැඩි වෙහෙසකින් සියළු ආරක්ෂිත ක්‍රියාමාර්ග ගනිමින් සිටියි. මේ අතර ලයිබීරියාව දැඩි අවධානමකට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
පසුගිය සතිඅන්තයේ දී ලයිබීරියාවේ ජනාධිපති එලන් ජොන්සන් රට වටා දේශසීමාවන්ගේ සියළු ප්‍රවේශමාර්ග වසා දැමීමට කටයුතු කැර තිබිණි. එබෝලා වෛරසය පරීක්ෂා කිරීමට පහසුකම් ඇති ස්ථාන කිහිපයක පමණක් දොරටු යළි විවෘතකැර ඇත.
මිනිසුන් ගැවසෙන පොදු ස්ථාන අවන්හල් සහ අනිකුත් විනෝදාස්වාදය සපයන ස්ථානවල වෛරසයෙන් වැළකෙන ක්‍රම විදහා දක්වන වීඩියෝ දර්ශන ප්‍රදර්ශනය කිරීමට ද ලයිබීරියා රජය කටයුතු කැර ඇත.
‘‘මෙය ජාතික ප්‍රශ්නයක්, එය අපගේ ජීවිතවලට ප්‍රහාර එල්ලකරනවා. ඉතා බැරෑරුම් ලෙස ආර්ථිකය සහ සමාජීය ජීවිතය කඩා වැටෙනවා. අපගේ සියළුම ශක්තිය ජාතියක් වශයෙන් මේ සම්බන්ධව යෙදවීම අවශ්‍යයි. “ ජනාධිපති ජොන්සන් පවසයි.
නයිජීරියාවේ විශාලතම ගුවන් සමාගම වන අරික් එයා සමාගම ලයිබිරායට ඇතුලු වෛරසය පැතිරෙන අනෙක් අප්‍රිකානු රටවලට සිය ගුවන් ගමන් ද නවතා දමා ඇත.
මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කරන දත්ත අනුව ලයිබීරියාවේ පමණක් එබෝලා වෛරසය ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 224කි. ඉන් 127ක් මියගොස් ඇත. බටහිර අප්‍රිකාවේ රටවල දැනට පුද්ගලයන් 660ක් මියගොස් ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. වෛද්‍යවරු පවසන්නේ එබෝලා වෛරසය ආසාදනය වූ පුද්ගලයකු මිය යාමේ සම්භාවිතාව සියයට 90ක් බවයි.
පසුගිය සතියේ ලයිබීරියාවේ වෛද්‍යවරයකු සහ සහන සේවකයෝ දෙදෙනකු ද මියගියහ. සහන සේවකයින් උත්සාහ දරන්නේ වෛද්‍යවරුන්ට මෙම වෛරසය පැතිරයාම වළක්වා ඔවුන් හැකිතාක් රෝගීන් වෙත යොමු කිරීමයි.
එබෝලා වෛරසය කලාපයේ අනෙක් රවටලට ද පැතිරීම වැළැක්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සහන සේවකයන් විශාල පිරිසක් යොදවා ඇතත් මේ දක්වාම එය පාලනය අපහසු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එබෝලා වෛරසය සඳහා මෙතෙක් කිසිදු එන්නතක් හෝ වෙනත් ඖෂධයක් හෝ සොයාගෙන නැත.
රෝග වාහකයා ලෙස ක්‍රියාත්මක වන්නේ පළතුරු වවුලාය. සෙම, කෙළ, සොටු, ශුක්‍ර තරළ ආදී සිරුරේ ඇති තරළ හුවමාරුවෙන් මේ රෝගය බෝවන බව සොයාගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
එබෝලා අප්‍රිකාව අඳුරු කරයි
සාලිය Tuesday, 29 July 2014 07:36 AM
මේ රුදුරු ව්‍යසනයෙන් තවත් ජීවිත බිලි නොවේවා යයි පතමු...අප්‍රිකානු වැසියන්ට සහනය ප්‍රාර්ථනා කරමු...මිය යාමේ සම්භාවිතාව 90%ක් කියන්නේ හරිම භයානක තත්වයක්.. පවු අසරණ මිනිස්සු..අප්‍රිකාව නං මොනවා හරි ලෙඩක් දාගන්නවා. (අ)
පිටබැද්දර ජයා Tuesday, 29 July 2014 08:38 AM
අනේ මන්දා ඔක්කොම සෙල්ලම් පටන් ගන්නේ ඇෆ්රිකාවෙන් නේද ?(අ)
සමන් Tuesday, 29 July 2014 09:58 AM
ලංකාවට අවොත් මොනවද කරන්නේ (නදී)
අනිල් Tuesday, 29 July 2014 05:14 PM
අප්‍රිකාවේ මිනිස්සුන්ට මැලේරියාව හැදෙන්නේ නැහැ කියා කතාවක් තියෙනවා (නදී)