එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව අද (27) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිත අතර, එහිදී සිරියා අර්බුදයට විසඳුමක් සෙවීම ගැන වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතය. සිරියාවට අමතරව ශ්‍රී ලංකාව, ඉරානය, ලිබියාව, මියන්මාරය, අයිවරි කෝස්ට් සහ උතුරු කොරියාව යන රටවල මානව හිමිකම් උල්ලංඝනයන් ගැන ද සමුළුවේ අවධානය යොමු වේ. වාර්ෂිකව පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ කටයුතු ආරම්භ වනු ඇත්තේ, එහි මහ ලේකම් නාවි පිල්ලේගේ සහ සභාපති, කටාර් රාජ්‍ය නියෝජනය කරන නසීර් අබ්දුල්ලාසීස් අල් නසාර්ගේ ප්‍රධානත්වයෙනි. සමුළුවේ ආරම්භක දින තුනේදී සම්පූර්ණ අවධානය සිරියාව වෙත යොමු කර, එරට හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වයට විසඳුමක් සෙවීමට වෙහෙසන බව මහ ලේකම් නාවි පිල්ලේ පවසයි. මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ සිදු කළැයි සිරියා ජනපති බෂීර් අල් අසාද්ට චෝදනා එල්ල වී ඇත. ඔහුට අමතරව මානව හිමිකම් උල්ලංඝනය කළේ යැයි සැක කෙරෙන සිරියා හමුදා නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ නම් ලැයිස්තුවක් ද තමන්ට ලැබී ඇතැයි මහ ලේකම් නාවි පිල්ලේ වැඩි දුරටත් කියා සිටියි. මානව හිමිකම් සමුළු මහ ලේකම්වරයා අවධාරණය කරන්නේ සිරියාවට එරෙහි යෝජනාවලියක් ගෙන ඒමට ජාත්‍යන්තර රටවලට බලපෑමක් කිරීමට තමන් බලාපොරොත්තු වන බවය. රටවල් 90 ක ඇමැතිවරු සහ රාජ්‍ය නිලධාරීහු අද පැවැත්වෙන සමුළුවට සහභාගී වෙති. ඔවුන් අතර ප්‍රංශයේ, ජර්මනියේ, ස්පාඤ්ඤයේ සහ ඊජිප්තුවේ විදේශ කටයුතු ඇමැතිවරුන් ද ලිබියාවේ නව අගමැති අබ්දෙල් රහීම් අල් කිබ් ද සිටිති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
එ.ජා. මානව හිමිකම් සමුළුවේ වැඩි අවධානය සිරියා අර්බුදයට