ප‍්‍රචණ්ඩ කි‍්‍රයා දිනෙන් දින උත්සන්න වීමත් සමග විපතට පත්ව සිටින සිවිල් වැසියන්ට මානුෂීය ආධාර ලබා දීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ මානුෂීය සහන සේවා ප‍්‍රධානී වැලරී ආමෝස් ඊයේ (8) සිරියාවට පැමිණියාය. සිරියාවට පැමිණි ඇයට එරට ‘අරාබි රෙඞ් ක්‍රෙසන්ට්’ සහන සේවා නිලධාරීන්ගේ සහාය ලැබුණු අතර ඇය බාබා අම්ර් නුවර බලා පිටත්ව ගියේ ද ඔවුන් සමඟය. බාබා අම්ර් නුවර නුවරට පැමිණි වැලරී ප‍්‍රමුඛ සහන සේවා නිලධාරීන්ට දකින්න ලැබී ඇත්තේ නගරය හිස්ව ඇති බව යැයි ඔවුන් සමඟ ගිය මාධ්‍යවේදීහු පැවැසූහ. සිරියාවේ ආයුධ සන්නද්ධ සටන්කාමීන්ගේ ග‍්‍රහණයේ පැවැති බාබා අම්ර් නුවරට සිරියා හමුදා ඉකුත් සතියේ දරුණු ලෙස බෝම්බ ප‍්‍රහාර එල්ල කළ බව වාර්තා විය. තවමත් දරුණු ගැටුම් පවතින්නේ හොම්ස් නුවරය. සිරියා විපක්ෂ කි‍්‍රයාකාරීන් සහ ආයුධ අතට ගෙන සිරියා ජනපති බෂීර් අල් අසාද්ට එරෙහි සටන් වදින කැරැලිකරුවන්ගේ මූලස්ථානය පිහිටා ඇත්තේ ද හොම්ස් නුවරය. එක්සත් ජාතීන්ගේ මානුෂීය සහන සේවා ප‍්‍රධානී වැලරී සිරියාවට ගොස් සිරියා සිවිල් වැසියන් ගැන සොයා බැලීමට තීරණය කළේ ඉකුත් 29 වැනිදාය. ඒ, ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී මානව හිමිකම් කවුන්සිලයේ කටයුතු ආරම්භ කළ අවස්ථාවේදීය. එහෙත් සිරියා රජය ඊට විරෝධය පළ කළේය
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
එ.ජා. මානුෂීය සහන ප‍්‍රධානී වැලෙරි ආමෝස් සිරියාවට