එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය හිමි කර ගැනීමට උත්සාහ ගැනීමෙන් වළකින්නැයි ඇමෙරිකාව, පලස්තීන ජනපති මහුමුද් අබ්බාස්ගෙන් ඉල්ලා සිටී. ඇමෙරිකාව එම ඉල්ලීම කළේ පලස්තීන ජනපතිවරයා යළිත් වරක් සිය රටට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමේ අරමුණින් ඊයේ (29) අයැදුම්පතක් ඉදිරිපත් කිරීමට නියමිතව සිටිද්දීය. ජනපති අබ්බාස් එම අයැදුම්පත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදීය. මීට පෙර අවස්ථාවලදී මෙන් නොව මෙවර ප‍්‍රංශය ඇතුළු යුරෝපා රටවලින් ද එක්සත් ජාතීන්ගේ සෙසු සාමාජික රටවලින් ද පලස්තීනයට සහාය පළ වී ඇත. සාමාජිකත්වය ලබා ගැනීමට නම් 2/3 ක ඡන්දය හිමි කර ගැනීමට පලස්තීනයට සිදුවේ. පලස්තීනය විරෝධය පළ කරන්නේ ඇමෙරිකාව, ඊශ‍්‍රායලය සහ පලා ඕ රාජ්‍යයයි. එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් ගණන 193 කි. පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස නීත්‍යාණුකූලව පිළිගැනීමට සියලූම සුදුසුකම් සපුරා ඇතැයි සහාය පළ කරන සාමාජික රටවල් එකහෙළා කියා සිටී. කෙසේ නමුත් ඇමෙරිකාව පුනපුනා කියා ඇත්තේ සෙසු රටවල ඡන්දය හිමි වුවත් තමන් තම නිෂේධ බලය යොදා එය පරාජය කරන බවය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
එ.ජා. සාමාජිකත්වය ඉල්ලීමෙන් වළකින්නැයි ඇමෙරිකාවෙන් පලස්තීනයට තර්ජන
උදය Friday, 30 November 2012 11:50 AM
කෝ දැන් මානව හිමිකම් ගැන කතා කරන අය (ස)
රිෆායි Saturday, 01 December 2012 02:07 PM
මදු !! ඔබ හරි . එකාදිපතිවාදය නැති කරමු . (ස)