බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරු පුද්ගලික ආයතනයක සේවය සඳහා යාමට සූදානම්ව සිටියි. ඔහු සේවය කිරීමට අපේක්ෂා කරන්නේ ගුවන් ගිලන්රථ නියමුවකු ලෙසින්යැයි එරට මාධ්‍ය වාර්තා කරයි. බ්‍රිතාන්‍ය කිරුළට සෘජුව හිමිකම් කියන්නකු මින් පෙර මෙවැනි සාමාන්‍ය රැකියාවක නිරතවී නැත.
රාජකීය ගුවන්හමුදාවට බැඳී සිටි විලියම් කුමරු මීට ඉහත දී ගවේෂණ හා මුදවාගැනීමේ නිලධාරියකු ලෙස සේවය කළේය. සැප්තැම්බර් මස මුල දී කුමරු නව රැකියාව සඳහා පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය. කෙසේ වෙතත් කුමරු රැකියාවෙන් උපයන වැටුප අසරණ සරණ ව්‍යාපෘති සඳහා යොදවන බව පවසයි.
ඔහුගේ රැකියා ස්ථානය ඇත්තේ කුමරු ගම්බදව ජීවත්වන ක්වීන්ස් සැන්ඩ්රියැහැම් වතුයාය ආසන්නයේ ය. මේ හේතුවෙන් විලියම් කුමරුට අවුරුද්දක් වයසැති ජෝර්ජ් පුතු සමග වැඩි කාලයක් ගත කිරීමට හැකිවනවා ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඔටුන්න හිමි කුමරු සාමාන්‍ය රැකියාවකට යයි
බමුණු Sunday, 10 August 2014 05:41 AM
"මෙයා අර ලංකාවේ ෆිල්ම් එක බලලා. මම රාජ කුමාරයෙක් නෙමෙයි ගමේ කොල්ලෙක් කියල කියන කෑල්ලට ආස හිතිලා.." ආ එහෙම ෆිල්ම් එකක් ලංකාවේ තිබුනද ඒ කොයි කාලේද ? (නදී)
ලකී දොඩන්ගොඩ Saturday, 09 August 2014 08:30 PM
ලංකාව සහ බටහිර රටවල වෙනස මේකෙන්ම පේනවා. බටහිර රටවල රාජ්‍ය නායකයන්ගේ පවුලේ අය ගැන එම රටවලම කිසිවෙක් නොදන්නා තරමට ඔවුන් නිහඩයි. ගෙවන්නේ සාමාන්‍ය ජිවිතයක් (නි)
හෂාන් Saturday, 09 August 2014 09:09 PM
කුමරුට බයයිද දන්නෙ නැහැ අනාගතය ගැන? (නි)
නුවන් Saturday, 09 August 2014 10:59 PM
එංගලන්තේ එහෙම වුණත්, ලංකාවේ එහෙම වෙන්නේ නෑ... (නි)
හසිත් Saturday, 09 August 2014 11:51 PM
ශ්‍රි ලංකාවේත් එහෙමනේ... (නි)
ප්‍රියාන් Sunday, 10 August 2014 12:51 AM
මේ මාර සාමාන්‍ය රෑකියාවක් නේ (අ)
සනත් Sunday, 10 August 2014 03:40 AM
ඒකට අපේ රට? (නි)
රෝහණ Sunday, 10 August 2014 05:30 AM
මොන රටෙත් සමහර දේශපාලකයෝ කාලෙකට ඔය වගේ ඇක්ටින් දානවා. (නදී)
අරවින්ද Sunday, 10 August 2014 05:36 AM
නුවන්, ලංකාවේ එහෙම වෙන්නේ නැත්තේ මොකද? ඔය සමහර දේශපාලකයෝ ඒවගේ බයිලා ගහන්නේ හිටපු ගමන්. මතකද අර කොළඹ මහ පුටුවේ හිටපු එක්කෙනා. ත්‍රීවීල් ජොබ් එකකට යනවයි කිව්වේ? (නදී)
ක්‍රිෂාන්ති Saturday, 09 August 2014 05:44 PM
රැජිණ ඔටුන්න අතාරින්නෙත් නෑ. චාල්ස් කුමාරයා කවදා රජ වෙයිද කියන්නත් බෑ. ඉතින් විලියම් කුමාරයා හිතන්න ඇති රැකියා වරහිත ලැයිස්තුවේ ඉන්නවට වඩා, මොකක් හරි ජොබ් එකක් කරන එක හොඳයි කියල. (දී)
සනත් Sunday, 10 August 2014 05:42 AM
කුමාරයට ටික දවසකට වැඩ ඉගෙන ගන්න, අත්දැකීමක් ලබාගන්න හිතිල වෙන්න ඇති. ඕක අපේ ළමයි ජිම් එකට යනවා වගේ දෙයක්. හැමදාම කරන එකක් නෑ. (නදී)
රාවණ Sunday, 10 August 2014 05:51 AM
රටක් පාලනය කරන්න එනකොට හැමදේම ඉගෙනගෙන ඉන්න ඕන. පොත්පත වගේම සමාජයේ තියෙන දේවලුත්. ඒක නිසා වෙන්න ඇති. (නදී)
නිලූ විදානගේ සෞදි අරාබිය Sunday, 10 August 2014 07:40 AM
අපේ රටේ හොයන්නේ සුපිරි රැකියානේ. එයාලගෙන් ඉගෙනගන්න බොහෝ දේවල් තිබෙනවා. ඒක ඇත්ත. (නි)
අශාන් Sunday, 10 August 2014 08:08 AM
අපේ සමහර මෝඩ මිනිස්සුන්ගේ හිතේ රජ පවුල වැටිලා කියල. මේකෙන් පෙන්වන්නේ එයාලගේ නිහතමානිකම. මේ නිසා තමයි ඒ රටවල මිනිස්සු ලජ්ජා නැතුව ඕනෑම රැකියාවක් කරන්නේ. ඒ රටවල දියුණුවේ රහස එයයි.(නදී)
අසංක Sunday, 10 August 2014 08:50 AM
ඔයාල හිතන් ඉන්න හැටි වැරදියි. එයාට දේශපාලනේ කරන්න ඕනා නැහැ. දැනටමත් ඔටුන්න හිමි කුමාරයා. එ්ක තමයි නිහතමානී කම කියන්නේ. ඔයිට වැඩිය හොද රැකියාවක් කරන්න බැරුවද. ලෝකේ හොදම විශ්ව විද්‍යාලයක උපාදියක් අරන් තියෙද්දී අපේ දේශපාලුවෝ ගානට දාන්න එපා. ඇෆ්ගන්, එකේ යුද්දෙට ගියා. හරියට නොදැන කතා කරන්න එපා. (නදී)
ලංකා ජෝන් Sunday, 10 August 2014 10:58 AM
හා,හා,හා,හා, ලංකාවේ එහෙම උනත් එංගලන්තේ එහෙම වෙන්නේ නැහැ (නදී)
රෝහණ Monday, 11 August 2014 03:11 AM
අසංක, ඔබ කරුණු හරියට දන්නේ නැතුව අදහස් දක්වල තියෙන්නේ. විලියම් කුමාරයා ඇෆ්ගන් යුද්ධයට ගියා වගේම හැමදෙයක්ම ඉගෙන ගන්න බව මේකෙන් පේන්නැද්ද? (නදී)
චන්ද්‍රා Tuesday, 12 August 2014 12:11 AM
රැකියාව රැකියාවමයි.ඔය රටවල ලොකු පොඩි රැකියා කියලා නැහැනේ. ඒක තමයි දියුණුවේ රහස. (නි)
කුලාංග Saturday, 09 August 2014 06:55 AM
මොකද්ද ඒ රැකියාව මට තේරුනේ නැහැ (දී)
නිහාල් විතානගේ Friday, 08 August 2014 06:46 PM
රජ පවුල් වලට අපල යුගයක් . (නි)
චමින්ද Friday, 08 August 2014 09:10 PM
අපේ අය නම් මෙවැනි රැකියාවක් කරයිද? (නි)
හසන්ත Friday, 08 August 2014 11:35 PM
මෙන්න මිනිස්සු! (නි)
බමුණු ආරච්චි Saturday, 09 August 2014 12:24 AM
සුද්දාගෙන් ඉගෙනගන්න තව බොහෝ දේ තිබෙනවා. (නි)
රුක්ෂාන් Saturday, 09 August 2014 01:54 AM
අපරාදේ! එයාටත් ඇමති කෙනෙක් වෙන්න හරි එහෙමත් නැත නම් ලේසියෙන්ම නීතිඥයෙක් වෙන්න හරි පුළුවන්කම තිබුනනේ! (ස)
නැනී Saturday, 09 August 2014 01:59 AM
දේශපාලකයන්ගේ පොත්. ලංකාවෙත් ඔහොම උනා. (නදී)
සෑම් Saturday, 09 August 2014 02:54 AM
රුක්ෂාන්, එංගලන්තේ නීතිඥයෙක් වෙන්න ඕන නම් ප්‍රශ්න පත්තරේට තමන්ම උත්තර ලියන්න ඕනෑ, ලංකාවේ වගේ යාලුවෙක් ලවා උත්තර ලියලා නීතිඥයෙක් වෙන්න බැහැ (නදී)
නාලක Saturday, 09 August 2014 05:40 AM
මෙයා අර ලංකාවේ ෆිල්ම් එක බලල.... මම රාජ කුමාරයෙක් නෙමෙයි ගමේ කොල්ලෙක් කියල කියන කෑල්ලට ආස හිතිලා.... (දී)
බුද්ධි Friday, 08 August 2014 06:33 PM
අපේ රටේ අයත් ඔය වගේමයි. (නි)
සුනෙත් Saturday, 09 August 2014 07:32 AM
රාජාණ්ඩු ක්‍රමය ටිකෙන් ටික බිද වැටීමක් තමයි මටනම් පෙන්නේ (දී)
රිද්මා Saturday, 09 August 2014 08:18 AM
මට පිස්සු හැදීගෙන එනවා (දී)
දිනෙත් Saturday, 09 August 2014 09:07 AM
රැජින විරුද්ද නැද්ද (දී)
වසන්ත Saturday, 09 August 2014 09:23 AM
නියමයි නියමයි (දී)
දීපිකා Saturday, 09 August 2014 10:48 AM
මේ තමයි මිනිස්සුන්ගේ නිහතමානිකම ......(දී)
ධර්මා Saturday, 09 August 2014 10:58 AM
අපේ කම්මැලියන්ට හොද පාඩමක් නිහතමානී ආදර්ශයක් (අ)
සුදේව Saturday, 09 August 2014 11:39 AM
අනේ අපොයි රජ පවුලට ගිය කලක් (දී)
සරත් Saturday, 09 August 2014 12:28 PM
මහ රැජිනට දුක හිතිලා ඔටුන්න ඉක්මනටම දේවි (දී)