X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


ඔබාමාගේ ප‍්‍රතිවාදියා මිට් රොම්නි

ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ඇමෙරිකා ජනාධිපතිවරණයේදී වත්මන් ජනපති බැරැුක් ඔබාමා සමඟ තරග කරන තම අපේක්ෂකයා මිට් රොම්නි යැයි ප‍්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂය ඊයේ (29) නිල වශයෙන් නිවේදනය කළේය. ජනපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂය, මිට් රොම්නි (65) ඇතුළු අපේක්ෂකයන් කිහිප දෙනෙකු නම් කර තිබුණු අතර ඔවුන් අතරින් ඉදිරියට පැමිණීමට සමත් වූයේ රොම්නිය. රිපබ්ලිකන් පක්ෂ අභ්‍යන්තරයේ බොහෝ දෙනාගේ කැමැත්ත පළ වී ඇත්තේ ද රොම්නිටය. රොම්නි ඉදිරිපත් කළ ආර්ථික සහ ආරක්ෂක සැලැසුම් ගැන ඇමෙරිකානුවන් බොහෝ දෙනාගේ ප‍්‍රසාදය හිමි වී ඇතැයි ද රිපබ්ලිකන් පක්ෂය නිවේදනය කරයි. ඇමෙරිකා දේශපාලනඥයකු මෙන්ම ව්‍යාපාරිකයකු ද වන රොම්නි උපන්නේ 1947 වසරේ මාර්තු 12 වැනිදාය. ඇමෙරිකාවේ මැසචුසෙට් ජනපදයේ 70 වැනි ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළේ ද ඔහුය. තම උප ජනපතිවරයා ලෙස රොම්නි නම් කළ පෝල් රයන්ට ද ජනතා ප‍්‍රසාදය හිමිවී ඇත. මේ වනවිට රොම්නි ඇමෙරිකාව පුරා සැරිසරමින් මැතිවරණ රැුලි පවත්වන්නේ රයන් ද සමඟය. නොවැම්බර් ජනාධිපතිවරණයේදී රොම්නි, ඩිමොක‍්‍රටික් අපේක්ෂකයා මෙන්ම වත්මන් ජනපතිවරයා ද වන ඔබාමාට අභියෝගයක් වනු ඇතැයි රිපබ්ලිකන් පක්ෂය පවසයි.



අදහස් (0)

ඔබාමාගේ ප‍්‍රතිවාදියා මිට් රොම්නි

රාජා Thursday, 30 August 2012 01:03 PM

දෙන්නගෙන් කවුරු ආවත් අපිට වෙන හොදක් නැහැනේ. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 30 August 2012 07:15 PM

මේකත් දැන් තියෙන ලංකාවේ මැතිවරණ වගේ වෙයිද දන්නේ නැහැ. ජනතාවගේ උනන්දුවක් නැහැ. (නි)

:       0       0

චන්ද්‍රපාල Sunday, 02 September 2012 08:21 PM

කැළේ මාරු වුණාට කොටියාගේ පුල්ලි මාරු නොවන බව සිහි තබා ගන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site