X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 07 වන සඳුදා


ඔබාමා අප අමාරුවේ දැම්මා: සිරියානු කැරැලිකරුවන්ගෙන් චෝදනා

රුසියාව කළ යෝජනාවට කැමැත්ත පළ කරමින්, තම රසායනික අවි අන්තර් ජාතික පාලනයට යටත් කිරීමට සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජය එකඟ වීමත්, ඒ ගැන සළකා බලා සිරියාවට හමුදා ප‍්‍රහාරයක් එල්ල නොකිරීමට ඇමෙරිකා ජනපති ඔබාමා තීරණය කිරීමත් සිරියානු කැරැලිකරුවන්ගේ දැඩි දෝෂ දර්ශනයට හේතුවක් වී ඇත.

සිරියාවේ රජයට එරෙහිව සටන් වදින කැරැුලිකාර පාර්ශ්වය නියෝජනය කරන ‘සිරියානු ජාතික සන්ධාන පාලක මණ්ඩලය’ පවසා ඇත්තේ, ජනපති ඔබාමා ඔවුන් අමාරුවේ දැමූ බවත්, මිනීමරු පාලක අසාද්ට අනුකම්පා කරන බවත්ය.

‘සිරියානු ජාතික සන්ධාන පාලක මණ්ඩලය’ යනු සිරියාවේ විපක්ෂ දේශපලාන කණ්ඩායම් එක් වී පිහිටුවා ගත් දේශපාලන සන්ධානයකි.

”අප හුදෙකලා වුණා. දැන් අපට තනිවම සිරියානු රජය සමඟ සටන් කරන්න සිද්ධ වෙලා. ඔබාමා කටයුතු කළ ආකාරය නින්දාසහගතයි. ඔහුට යථාර්ථය අවබෝධ වුණේ නැහැ” යැයි කැරැලි නායක මොහොම්මද් ජවුද් පවසා ඇත.



අදහස් (0)

ඔබාමා අප අමාරුවේ දැම්මා: සිරියානු කැරැලිකරුවන්ගෙන් චෝදනා

සරෝජ් ජයසේකර Friday, 13 September 2013 04:06 PM

ඔබාමා පමණක් නොව යුරෝපයද කරන්නේ එයමය . තමන්ගේ වාසිය වෙනුවෙන් ඔබාමා සහ යුරෝපයේ රටවල් සහාය දුන්න මිස . මානුෂික පැත්තක් බලා ත්‍රස්තවාදීන්ට උදව් කරා.ලෝකයේ ලොකුම ත්‍රස්තවාදීන් බිහි කිරීමත් පෝෂණය කිරීමත් මෙම රටවලින් කරති . ඕනෙම රටක මිනී මරපු ත්‍රස්තවාදීන් මෙම රටවල සරණාගත වීසා වලින්. එම ක්‍රියාවම කරති. (ස)

:       0       0

රණා Saturday, 14 September 2013 06:47 AM

රේඩියෝ එකේ කිවුවා මේ රසායනික අවි සිරියාවට දීලා තියෙන්නේ සිරියාවට ගහන්න ඕනෑ කියපු බ්‍රිතාන්‍යයම තමා කියලා. (නි)

:       0       0

ශ්‍රීලාල් Saturday, 14 September 2013 04:58 AM

මේ රසායනික අවි සිරියාවේ හදපුවා නෙවෙයිනේ. හදලා සිරියාවට විකුනපු අයටත් දඬුවම් කළ යුතුයි. ඕනෑම දෙයක මුල සොයා ගත්තම විනාශය අවම කරගත හැකියි. (නි)

:       0       0

චමිල Saturday, 14 September 2013 12:43 AM

ඇමෙරිකාව කොහොමත් තෙල් වලටනේ ඉව අල්ලනේ (නි)

:       0       0

නිමල් Saturday, 14 September 2013 12:35 AM

ඇමරිකාව කියන දේ කරන්න යන හැමදෙනාම අමාරුවෙ වැටෙනවා.බල තණ්හාවයි ධන තණ්හාවයි ආවිට ඇස් පෙනෙන්නෙ නැතුව යනවා. (නි)

:       0       0

මිනිපෙ Friday, 13 September 2013 08:43 PM

යමක් පටන් ගන්න පෙර එයට බුද්දිමත් සැලැස්මක් තිබය යුතයි.මේ අය කැරලි ගහන්න පටන් ගත්තේ ඔබාමාගෙන් අහලා නොවේනේ.කැටපොල්ට් වලින් යුධ කරන්න බැ. හරියම් සැලැස්මක් නැතිව යමක් පටන් ගෙන වැරදෙන කොට අනිකුන් ගෙන් උදව් බලාපොරොතු වෙනවා . (දී)

:       0       0

අනුර Friday, 13 September 2013 08:00 PM

රනිල් මහත්තයා කිවුව එක තමයි වුණේ (නි)

:       0       0

එදිරිසිංහ Friday, 13 September 2013 07:35 PM

අසාද් කිව්වා වගේම රසායනික අවි අන්තර්ජාතික පාලනයට දුන්නොත් හොදයි. නොදුන්නොත් සිරියාවට ගහන්නේ රුසියාව (නි)

:       0       0

ගාමිණී අප්‍රිකා Friday, 13 September 2013 07:02 PM

චින්තක, ඔබ හරියට හරි (නි)

:       0       0

චින්තක පෙරේරා Friday, 13 September 2013 06:05 PM

ලෝකයේ බලය තුලනය කරන්න දැන් රුසියාව හා චීනය ඉන්න බව යුරෝපයත් අමෙරිකාවත් තේරුම් අරගෙන තිබෙනවා. ලෝකයේ පොලිස්කාරයා වෙන්න කැරලිකාර කණ්ඩායම් වලට සල්ලි, ආයුධ, රැකවරණ දීලා, ලෝකයේ තැන් තැන් වල යුද්ධ හදලා තමන්ගේ ආයුධ වෙළඳපොළ රැක ගන්න තව දුරටත් ඇමරිකාවට බැරි බව දැන්වත් තේරුම් ගන්න ඕනෑ. (නි)

:       0       0

කුමාර Friday, 13 September 2013 04:46 PM

බටහිර අය ඕනාවට වඩා විශ්වාස කරන සියල්ලටම උත්තරය ඕක තමා. (ස)

:       0       0

නිශාර්ඩ් Friday, 13 September 2013 04:43 PM

මොනවා උනත් තම රටෙ කිසියම් ප්‍රශ්නයක් උනොත් සාමකාමිව විසඳ ගැනීමට නොහැකි වූවොත් එය විසඳ ගැනීමට කොහොම කෙනෙකුගෙයි සහයද අවශ්‍යද කියන එක හොඳින් තේරුම් අරගෙන වැඩ කරන්ට මේක කාටත් හොඳ පාඩමක්. යුද්ධයක් සිදු නොවීමට කටයුතු සිදුවීම සියලු දෙනාගේම භාග්‍යයක්. (ස)

:       0       0

ලුම්බිණි Friday, 13 September 2013 04:30 PM

අඩුම වශයෙන් සිරියාව රසායනික අවි අන්තර් ජාතික පාලනයට යටත් කිරීමට මෙයින් එකඟ උනා (මේ වෙන කොටත් ඒ සියල්ලම තැන තැන හංගල ඇති කියලයි මම නම් හිතන්නේ) (ස)

:       0       0

ලලිත්- එස්.එල් Friday, 13 September 2013 04:30 PM

ඕවා ත්‍රස්තවාදය වපුරන ගිවිසුම්. කොහොම උනත් දැන් තියෙන්නේ අර බින් ලාඩන් මහත්තයාව අනුගමනය කරන එක නේද ?? ජය වේවා !! (ස)

:       0       0

උපාලි Friday, 13 September 2013 10:51 AM

ඔබාමා කටයුතු කළ ආකාරය නින්දා සහගත නෑ.එන පොට හොඳ නැති වෙන කොට ඔහුට යථාර්ථය අවබෝධ උනා. (ස)

:       0       0

අසාන් Friday, 13 September 2013 03:54 PM

අර්ෂා, ඇමරිකාව ලංකාවට මොකුත් කලේ නැහැ.සෞදිය තමා ලංකාවේ ප්‍රශ්න ඇති කරන්නේ. (ස)

:       0       0

අසා Friday, 13 September 2013 03:52 PM

මමත් රසික සමග එකගයි. (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 13 September 2013 03:05 PM

සිරියාවේ තෙල් නැති නිසා වැඩේ පාඩුයි. ඔන්න ඔහේ වෙන අතක් බලාගමු කියලා ඔබාමාට හිතෙන්න ඇති. (නි)

:       0       0

උපාලි Friday, 13 September 2013 02:42 PM

හිතන්න ඔබාමා ලිබියාවට ගැහුවේ ලොකු රටවල් 4ක් එකතු කරගෙන. ලිබියාවට කිසිම රටක් උදව්වටත් නැතුව. එත් හය මාසයක් ගියා. ගඩාපි නැති කෙරුව. දැන් ලිබියාවට වෙලා තියෙන දේ මේ පිටුවේම තියනවානේ. මෙවර එමෙරිකවට UN සහය නැහෙ. තව එක රටයි එන්නේ. සිරියාවට රටවල් 4ක් සහය වෙනවා. ඉතින් ඔබාමා පස්සේ ගෞරවය බේරගෙන අයින් උනා. බොහොම හොඳ වැඩක් උනේ. නැත්නම් අවරුදු ගානක් යන ලොකු විනාසයක් වෙන්න තිබුන. (අ)

:       0       0

ප්‍රසන්න Friday, 13 September 2013 02:11 PM

ඔන්න මේ ගමන නම් සිරියාව බේරා ගත්තේ ව්ලැඩිමීර් පුටින් නම් දෙවියා හා චීනය විසින්ය.. (ස)

:       0       0

රානා Friday, 13 September 2013 01:07 PM

සිරියාවේ කැරලිකරුවන්ට ඔබාමාගේ ජන්මාන්තර තරහ කාරයා බිල් ලාඩන්ගේ කල්ලිය උදව් කරනවා නේද. ඔබාමට හිතෙන්න ඇති මොකට දෙනවද කියලා. නැතිව රුසියාවට ඇති

:       0       0

රනිල් Friday, 13 September 2013 12:54 PM

ඔබාමාට එහෙම කරන්න සිදුවුණා ,රුසියාව සහ චීනය නිසා (නි)

:       0       0

රසිකා- ඕමාන් Friday, 13 September 2013 12:51 PM

සෞදි අරාබිය ලංකාවට කරන්න හදන්නෙත් ඔය ටික තමා. අපේ සහෝදර අයගේ මොළ හෝදලා.(නදී)

:       0       0

සනත් Friday, 13 September 2013 12:38 PM

තව ගැහුවොත් ඇමරිකාව විතරක් මේ , මේ ලෝකේ සොබාවික ව්‍යසන වැඩි අතරේ තවත් ලෝකය දුර්වල වෙයි. කලිම්ම වෙනස් අය ලංකරගන්නවට වැඩිය හොදයි මෙහෙම දෙයක් වත් කරපු එක. (නදී)

:       0       0

අබ්දුල් Friday, 13 September 2013 11:38 AM

ඔබාමා මොළේ ඇති වැඩක් කලාමයි. (ස)

:       0       0

අර්ෂා Friday, 13 September 2013 11:35 AM

ඇමෙරිකාව ලංකාවට කලෙත් ඔය ටිකම තමයි අපිට නොතේරුනාට. (ස)

:       0       0

ඉන්දික Friday, 13 September 2013 11:25 AM

උපාලි හරි. ඇමෙරිකාව යන්තන් ගොඩ ගියා.(නදී)

:       0       0

කුමාරි Friday, 13 September 2013 11:06 AM

ලේ පිපාසයෙන් වෛරය වපුරලා අහිංසක ජීවිත විනාශ නොකර සාමයෙන් ජීවිත බේරා ප්‍රශ්න විසඳා ගන්න සැමට නුවණ පහල වේවා !!! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site