කතාවක් පවත්වමින් සිටි ඇමරිකා ජනාධිපති බරක් ඔබාමා ගැබිණි කාන්තාවක් වැටෙන්නට නොදී අල්ලා ගත් පුවතක් පසුගියදා වාර්තා විය.
විනාඩි 25ක් පමණ කතාකරමින් සිටි ජනාධිපතිවරයාට පිටුපසින් සිටි කැර්මල් ඇලිසන් නැමැති ගැබිණි කාන්තාවක් සිහිසුන්ව ඇද වැටෙනු දැක කථාව නවතා ඔහු වහා පැන ඇය වැටෙන්නට නොදී අල්ලා ගත්තේය.
වෙනත් කාන්තාවක් පැමිණ ඇය ඉවතට ගෙන යන ලදි. තමාගේ කථාව දිග වැඩි නිසා ඇයට කලන්තේ සැදුණු බව පසුව යලි කතාව අරඹමින් ජනාධිපතිවරයා සිනාසෙමින් පවසා ඇත.
වොෂින්ටන් නුවර ධවල මන්දිරයේ රෝස් ගාඩ්න්හිදී සෞඛ්‍ය රැක ගැනීම ගැන කතාවක් පවත්වමින් සිටියදී මෙම අවස්ථාවට මුහුණ දී තිබේ.
තමා වැනි කෙනෙක්ට එම අවස්ථාවේ උපකාර කිරීම ගැන ස්තූති කරමින් ඇය ජනපති බැරක් ඔබාමාට ට්විටර් පණිවිඩයක් යවා ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඔබාමා නියම වැඩක් කරයි
ලක්ෂ්මන් Friday, 01 November 2013 05:58 PM
රටවල් පාලනය කරද්දී,දේශපාලනය කරද්දී,කව්රු ඇතුළේ මොන යකා පදිංචි වෙලා හිටියත්, අවස්ථාවාදී වුණත් ඒ මනුස්සයත් හදවතක් තිබෙන මිනිසෙක්.ඒ මිනිසුන්ටත් උණුවෙන හදවත් තිබෙනවා. (නි)
කේ.එච්.ආර්.කේ.දිසානායක Friday, 01 November 2013 06:46 PM
ඔබාමා හොදයි. වටේ ඉන්න අය නරකයි (නි)
හේමන්ත Friday, 01 November 2013 06:53 PM
මේ කාන්තාව මොනවට එතනට ගියාද? වැටුනා නම් තමා වැඩේ. ඔබාමා නිසා හොදයි. (නි)
දිල් Friday, 01 November 2013 07:51 PM
කොහෙන්ද දන්නේ නැහැ ඕවා ඉගෙන ගත්තේ? (නි)
ඉන්දික ගම්පහ Friday, 01 November 2013 08:48 PM
ලංකාවෙන්ද දන්නේ නැහැ උපදෙස් ගත්තේ? (නි)
කෝලිත Friday, 01 November 2013 08:50 PM
ඔබමාට ලෝකේ වටේම බලන්න ඇස් තියෙනවනේ. ඒ නිසා මේ ගෑනු කෙනා බේරුනා ... (නි)
කෙනත් (ඇමෙරිකාව) Friday, 01 November 2013 09:26 PM
මෙහි පළමු ඡායාරූපය ගැන ඇමෙරිකානු සාමාන්‍ය ජනයා සැකය මතු කරනවා. මොකද මේ ගැහැණු කෙනා මෙච්චර කලන්තයක් දමලා වැටෙනකොට වටේ ඉන්න අය ඔහේ බලාගෙන ඉන්නවා. අඩුම ගානේ අල්ලන්න අතක්වත් උස්සන්නේ නැතුව. නමුත් පිටුපස හරවාගෙන කතාවක් කරන ජනපති වහාම හැරී අැයව අල්ලා ගන්නවා. මෙය විය හැක්කේ කෙසේද යන්න මෙහෙ අය ප්‍රශ්න කරනවා. (නි)
ලාල් Friday, 01 November 2013 09:48 PM
අපේ රටේ දේශපාලකයොත් මිනිස්සුන්ගේ අවධානය ගන්න කරන දේ දුටුවම මේක සුළු දෙයක් (නි)
චන්ද්‍රසිරි Friday, 01 November 2013 10:23 PM
හැබැයි ඔබමා අපේ අය තරම් දක්ෂ නැහැ (නි)
ලාල් Friday, 01 November 2013 11:23 PM
පුදුම වැඩේ කියන්නේ එතන ඉන්න අනෙක් ඔක්කොම 'ගල් ගිල්ලා' වගේ බලාගෙන ඉන්න එකනේ. (නි)
පෙත්තා Saturday, 02 November 2013 02:45 AM
අපේ ගමේ ඡන්දෙ කාලේ එක්තරා අපේක්ෂකයෙක් ගෙවල් වලට ගිය ගමන් වාඩි වෙන්නේ එළිපත්තේ.හොටු පෙරාගෙන ඉන්න ගෙදර පොඩි එකා වඩා ගන්නේ උදුරලා. ගෙදර මිනිහගේ බීඩි කොටේ ඉල්ලගෙන උරනවා. බුලත් විට කනවා.මිනිස්සු කියන්නේ හරි නිරහංකාර මන්ත්‍රීතුමා කියලා.ඡන්දෙන් පස්සේ මන්ත්‍රීතුමා හමුවෙන්න දැල් දාලවත් බැහැ. අවුරුදු පහකට.මේ ඔක්කොම රඟපෑම්. (නි)