සමූහ අතවරයට ලක් වී මියගිය වෛද්‍ය ශිෂ්‍යාවගේ පෙම්වතා පෙරේදා (5) ඉන්දීය රූපවාහිනී නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ ඇයට සිදු කළ එම අපරාධය වචනයෙන් විස්තර කළ නොහැකි බවය.
සම්මුඛ සාකච්ඡාවට සහභාගී වුව ද වෛද්‍ය ශිෂ්‍යාව මෙන්ම ඇයගේ පෙම්වතාගේ අනන්‍යතාව ද මෙතෙක් මාධ්‍ය හරහා අනාවරණය කර නැත.
පෙම්වතා එම සම්මුඛ සාකච්ඡුාව දුන්නේ ඉන්දියාවේ ‘සීටීවී’ නාලිකාවටය. ඇයගේ පෙම්වතා ද වෛද්‍ය ශිෂ්‍යයෙකි. ඔවුන් දෙදෙනා ලබන පෙබරවාරියේ විවාහ වීමට සූදානමින් සිට ඇත.
ඉකුත් 16 වැනිදා රාති‍්‍රයේ 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාව නවදිල්ලි නුවර බස්රියකදී එම බසයේ රියැදුරු ඇතුළු බසයේ ගමන් කළ හය දෙනකු අතින් දුෂණයටත් පහර කෑමටත් ලක් වෙද්දී ඇයගේ පෙම්වතාද ඇය සමඟ සිටියේය. ඔහු ද දරුණු ලෙස පහරකෑමට ලක් විය.
අතවරයට ලක් වී පහර කෑ ඇයත්, තමාත් එම පිරිස මහ මඟ දමා ගිය අවස්ථාවේ පැය කිහිපයක් යන තෙක් කිසිම කෙනකු තමන්ගේ පිහිටට නොපැමිණි බවත් සිහිය ආ පසු තමන් උදවු ඉල්ලා කෑ ගැසූ බවත් තරුණයා වැඩි දුරටත් කියා සිටියේය.
තරුණිය කෙලෙසූ සැකකරුවන් හය දෙනාගෙන් පස් දෙනකු ඉකුත් 3 වැනිදා නවදිල්ලි අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අතර ඔවුන්ට මිනීමැරුම් චෝදනා එල්ල විය.
එම පිරිස අතර බාලවයස්කාර තරුණයෙක් ද සිටී. එම තරුණයා සම්බන්ධයෙන් විශේෂ නඩු විභාගයක් පැවැත්වීමට ද නියමිතය. ශිෂ්‍යාව කෙලෙසීමෙන් පසු ඇයට අමානුෂික ලෙස යකඩ මුගුරකින් පහර දී ඇත්තේ ඇය දුෂණය කළ සැකකරුවන් සය දෙනා අතර සිටි එම බාලවයස්කාර තරුණයා යැයි පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත.
තරුණියට එම අපරාධය කළ සය දෙනා එල්ලා මරා දමන්නැයි රජයට බල කරමින් දිගින් දිගටම විරෝධතා රැලි පැවැත්වෙයි. ඉන්දීය නීතිපතිවරයා පවසන්නේ හැඟීම්වලට වහල් නොවී නීතිය කඩිනමින් සහ අකුරට සිදු කරන බවය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඔවුන් ඇයට කළ අපරාධය වචනයෙන් විස්තර කරන්න බෑ