X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 11 වන සිකුරාදා


ඕස්ට්‍රේලියාවට දොස් පිට දොස්

මුහුද මැදදීම හරවා එවනු ලැබූ ශී‍්‍ර ලාංකික සරණාගතයින් පිරිස අරබයා අන්තර්ජාතික තලයෙන් නැඟෙන චෝදනා වලට මුහුණ දීමට  ඕස්ටේ‍්‍රලියාවට සිදුව තිබේ.

 ඕස්ටේ‍්‍රලියාවේ කි‍්‍රයාකලාපය හෙළා දකින ස්ථාවරයක සිටින බොහෝ රටවල් ප‍්‍රකාශ කර ඇත්තේ අනවසරයෙන් පැමිණියේ වුවත් නිසි විමර්ෂණයකින් තොරව එම සරණාගත පිරිස ආපසු හරවා යැවීම  ඕස්ටේ‍්‍රලියාව නොකළ යුතුව තිබුණු ඇතැයි කියාය.

සරණාගතයින් සදහා වන එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයද නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ රටක රැකවරණය පතා පැමිණෙන සංක‍්‍රමණිකයින්ගේ අවශ්‍යතා හොදින් විමසා බැලීම එම රටේ බළධාරීන්ගේ වගකීම බවයි.

ජාත්‍යන්තර නීතියට අනුව දැනට තමන් සිටින රටේ ජීවත්වීමට හැකියාවක් නොමැති නම්,එහි තමන්ට ජීවිතාරක්ෂාව සළසා ගත නොහැකි නම්, එම රටෙන් පළා විත් වෙනත් රටක රැකවරණය පතන පුද්ගලයින් බලෙන්ම ආපසු හරවා යැවීම තහනම් යැයිද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.ගණනින් 41 ක් වූ මෙම ශී‍්‍ර ලාංකික සරණාගත පිරිස පසුගිය ජූනි මස අග භාගයේදී  ඕස්ටේ‍්‍රලියාවේ කොකෝස් දූපත් ආසන්නයේදී සොයාගනු ලැබුණු අතර මුහුදේම සිදුකළ විමර්ෂණයකින් පසු ඔවුන් නැවත ශී‍්‍රලංකා බළධාරීන් වෙත භාරදීමට  ඕස්ටේ‍්‍රලියාව කටයුතු කළේය.

මෙලෙසම  ඕස්ටේ‍්‍රලියාව බලා පැමිණි තවත් 153 දෙනෙකුන්ගෙන් යුත් අනවසර සංක‍්‍රමණික කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට එරට වෙරළාරක්ෂක අංශ කටයුතු කර තිබෙන අතර ඔවුන් පිරිස හරවා යැවීමට  ඕස්ටේ‍්‍රලියා රජය සැරසුණත් එය තාවකාලිකව තහනම් කරමින් නියෝගයක් නිකුත් කිරීමට  ඕස්ටේ‍්‍රලියා ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කර ඇත.

ඕස්ටේ‍්‍රලියා රජය පවසන්නේ තමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට ගරු කරන්නේ වුවත් අනවසර සරණාගතයින්ට එරෙහිව දැඩි පියවර ගැනීමට පසුබට නොවන බවයි.

සරණාගතයින් පැමිණෙන බෝට්ටු මුහුදේදීම ආපසු හරවා යැවීම නීතිගත කිරීමට කටයුතු කළේ බොහෝ කාලයකට පෙර බවත් විරෝධතා තිබුණේ නම් ඒවා නැගිය යුතුව තිබුණේ එවකදී බවත්  ඕස්ටේ‍්‍රලියා බළධාරීහු අන්තර්ජාතික තලයෙන් නැගෙන චෝදනා වලට පිළිතුරු ලෙස කියති.

 



අදහස් (0)

ඕස්ට්‍රේලියාවට දොස් පිට දොස්

ජයරත්න Monday, 14 July 2014 11:57 AM

ඕස්ට්‍රේලියාවේ ස්ථාවරය නිවැරදියි කියලයි මම නම් හිතන්නේ. (නි)

:       0       0

බිමල් Monday, 14 July 2014 12:22 PM

ඕනෑම රටකට සහන සේවා කටයුතු කරන්න පුළුවන් සීමාවක් තිබෙනවා. දැන් මෙහෙත් ලොකු රැකියා අර්බුධයක්. ඔක්කොම දීමනා කප්පාදු කරලා. ආබාධිතයන්ටත් ඔන්න වැඩ කරන්න කියලා. එහෙම තත්ත්වයක් තියෙද්දී කර ගහන්න පුළුවන් සීමාවක් තිබෙනවානේ. ඇරත් දැන් මේ එන උදවිය ආර්ථික සරණාගතයන් බව අඳුනාගෙන තිබෙනවා. (අ)

:       0       0

එරංග Monday, 14 July 2014 09:01 PM

ඕස්ට්‍රේලියාව නිවැරදියි කියලා මම කියනවා (නි)

:       0       0

සංජීව Monday, 14 July 2014 09:01 PM

ඕස්ට්‍රේලියාව හරි. ශ්‍රී ලංකාවේ නම හරියට කැතවෙලා තියෙන්නේ මේ බෝට්ටු වල එන අය නිසා. තමන්ගේ රටේ නම කැත කරගෙන අනුන්ගේ රටවලට රිංගන්න යන බොහෝ දෙනෙක් යන්නේ බොරු හේතු මවාපාමින් තමන්ගේ වාසියටයි. (නි)

:       0       0

සමන්ති Tuesday, 15 July 2014 12:20 AM

රටේ තීරණ ගතයුත්තේ රටේ පවතින නීතියට අනුවය. ඕස්ට්‍රේලියාව ගත් තීරණය නිවැරදිය. (නි)

:       0       0

ශීලා Tuesday, 15 July 2014 02:58 AM

ලංකාවේ මිනිස්සුන්ව බෝට්ටුවල එල්ලිලා පිටරටවලට යන තැනට පත්කළ ලංකාවේ සමහර පිස්සු නටන දේශපාලකයන්ට විරුද්ධව බැන අඩගහන තත්ත්වයකට තවම කිසිම රටක් පත්වෙලා නැද්ද දන්නෙ නැහැ (නි)

:       0       0

සරාම් Tuesday, 15 July 2014 03:59 AM

ඔස්ට්‍රලියාව වැරදියි. එයා සවන්දීල තියෙන්නේ එක පැත්තක අදහස්වලට විතරයි . මිනිස්සු ලක්ෂ ගණන් දීල ජීවිතය පරදුවට තියල යන්නේ රටේ නම කැත කරන්න නෙමේ .මේ රටේ ඉඳල අනාගතයක් නැහැ කියල හිතෙන නිසා කියල ලින් මැඩියන්ට නොතේරුනාට ජාත්‍යන්තරයට තේරෙනවා. (ස)

:       0       0

තාරක Tuesday, 15 July 2014 09:14 AM

ඕස්ට්‍රේලියාව වැරදියි. ඔච්චර ඉඩ තියන වැඩ තියන රටේ. එහෙ ඉන්න අපේ මිනිසුන්ගෙන් ලොකු ප්‍රයෝජනයක් ඕස්ට්‍රේලියාවට තියනව. ඕස්ට්‍රේලියාව ඒ ගැන සිතිය ‍යුතුයි. (ස)

:       0       0

ජයන්ත Wednesday, 16 July 2014 01:17 AM

රට ලොකුයි කියලා හැම පැත්තෙන්ම ගොඩ බහින ආර්ථික සරණාගතයන් කර ගහ ගන්නේ කොහොමද ? මේ උදවිය මෙහෙ එන්නේ කිසිම වැඩක් පලක් නොකර සල්ලි අතට ගන්න බලාපොරොත්තුවෙන්. අනිත් මිනිස්සු පැය 24 ම වැඩ කරනවා. සරණාගතයන් අඩු ගණනේ ස්වේච්ඡා සේවයක් වත් ප්‍රජා සත්කාරයක් වත් සහභාගි වෙන්නේ නැහැ. හැබැයි අතට පයට හැම දෙයක්ම බලාපොරොත්තු වෙනවා. (නදී)

:       0       0

චමින්ද Wednesday, 16 July 2014 08:19 AM

ජයන්ත හරි. මගේ යාලුවෙකුට අයිති පොඩි කොම්පැනියක් තියෙනවා මෙහේ. එයා ලග වැඩ කරා බෝට්ටුවකින් ආපු කෙනෙක්. ටික කාලයකට පස්සේ මම යාලුවගෙන් ඇහැව්වා කොහොමද අපේ ලංකාවේ යාලුවා කියලා. මගේ යාලුවා කිව්වා මිනිහට වැඩ අමාරුයි කියලා ගියා කියලා. මෙන්න බොලේ මම සතියේ දවසක දවල් මිනිහව දැක්කා. පාක් එකක එයා වගේම සෙට් එකක් එක්ක හොදට බොනවා. ඔන්න ඔහොමයි බොහෝ සරණාගතයන්ගේ හැසිරීම. (නදී)

:       0       0

සරත් Wednesday, 16 July 2014 08:28 AM

ඕස්ට්‍රේලියානු රජය ගත් මෙම ක්‍රියා මාර්ගය ඉතා නිවරදියි. ඉදිරියට මෙය තදින් ක්‍රියාත්මක කල යුතුයි. බෝට්ටුවල නැගල යන මේ පිරිස් විශාල මුදල් ප්‍රමාණයක් ගෙවල තමයි යන්නේ. ඔවුන්ට පුළුවන් මේ මුදල් රට තුල ආයෝජනය කරලා නිසි ප්‍රයෝජන ගන්න. අනෙක් කාරණාව තමා මෙයා යන්නේ මානසික වහල් බාවය සහ සැපෙන් දුක් විදීම සදහා. ඒ කෙසේ හෝ වේවා අන්තිමට නිත්‍යානුකුල ලෙස ඔස්ට්‍රේලියාවට යාමට තියන අවස්ථාව අනෙක් අයට නැති වෙන එකයි වෙන්නේ. (නදී)

:       0       0

කරුණාරත්න Wednesday, 16 July 2014 11:12 PM

මේ අය සරණාගතයින් නම් ඒකට වගකියන්න ඕනෑත් එයාලමයි. කවුරුවත් බලෙන් මුහුදට තල්ලු කළේ නැහැනේ. ඕස්ට්‍රේලියාවට දොස්කියලා වැඩක් නැහැ. එයාලට අයිතියක් තියෙනවා කව්ද ඒ රටට එන්න ඕනෑ කව්ද එන්න ඕනෑ නැත්තේ කියලා කියන්න. (නි)

:       0       0

පරාක්‍රම Thursday, 17 July 2014 04:34 AM

ඕස්ට්‍රේලියාව මානව හිමිකම් ගැන කතා කරනවා ඔක්කොම වාසියට (නදී)

:       0       0

පාලිත Thursday, 17 July 2014 05:14 PM

ඕස්ට්‍රේලියාව ගැන මට නම් වරදක් පෙනෙන්නේ නැහැ (නි)

:       0       0

සචිත් Friday, 18 July 2014 02:16 PM

සරණාගතයින්ට බෝට්ටු වලට සල්ලි ගෙවන්න පුලුවන් නම් කො‍හොමද ඔවුන් දුප්පත් කියලා කියන්නේ? (නි)

:       0       0

චමින්ද Saturday, 19 July 2014 04:29 AM

සරත්, දැනටමත් ඔස්ට්‍රේලියාව සමහර රටවල්වලට වීසා නිකුත් කිරීමේදී එම රටවල් අවදානම් රටවල් හැටියට නම් කරලා තියෙන්නේ. ලංකාවත් ඒ අතරින් මුල්ම රටවල් දහය අතරට ඇතුලත් වී තිබෙනවා. පවුලේ කෙනෙකුට සංචාරක වීසා ඉල්ලුම් කිරීමේදී අයදුම්කරුවන් ඉතාමත් අපහසුතාවයට පත් වෙන ආකාරයේ කොන්දේසි ඉදිරිපත් කිරීමටත්, තානාපති කාර්යාලය සැදී පැහැදී සිටිනවා. බොහෝ විට සිදු වන්නේ අයදුම්පත නිෂ්ප්‍රභා වීමයි. අන්තිමට ගෙවපු සල්ලිත් නැහැ වීසාත් නැහැ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site