X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 23 වන බදාදා


කළු සල්ලි සුදු කරන සමාගමක රහස් ලිපි එළියට

පැනමා නීතිඥ සමාගමක් වන මොසැක් ෆොන්සේකා හි රහස් ලිපිගොනු මිලියන 11ක් පමණ පිටවී ඇතැයි බීබීසී පුවත් සේවය පවසයි.

ගනුදෙනුකරුවන්ට කළු සල්ලි හංඟන හැටිද බදු නොගෙවා සිටින හැටිද කියාදෙන සමාගමක් ලෙස මෙය ප්‍රචලිතය. වසර 40ක් තිස්සේ කටයුතු කරන මෙම සමාගම කිසිදාක වරදකට හෝ හොරකමකට අසුවී නැතැයි කියති.

පිටවී ඇති ලියකියවිලි ලොව හිටපු හා දැනට සිටින නායකයින් රැසකගේ රහස් තොරතුරු අන්තර්ගත ඒවා බව පැවසේ. ලෝක නායකයන් 72කගේ පමණ තොරතුරු පිටවී ඇතැයි කියති.

එහි ඇති අයිස්ලන්ත අගමැති සිමෙන්තුල්ලා ගන්ලොන්සන්ගේ බිරිය ගේ ප්‍රකාශ නොකළ වත්කම් සම්බන්ධයෙන් ගැටළුවක් දැනටම මතුවී ඇතැයි වාර්තාවේ. ජනපති පූටින්ගේ සමීපතම කල්ලියක කෝටි ප්‍රකෝටි ගණනක කළු සල්ලි සම්බන්ධ ලිපිගොනුද පිටවී ඇතැයි කියති.

ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික සංසදයේ අධ්‍යක්ෂ ජෙරාඩ් රයිල් කියනුයේ මේවා එම සමාගම පසුගිය 40 වසර පුරා දිනපතා ගනුදෙනු කළ ලියවිලි බවයි. මෙම තොරතුරු පිටවීම රටින් පිට සල්ලි සඟවන ජාවාරම්කරුවනට මරු පහරක් වී ඇතැයි වාර්තාවේ.

බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්වල නීත්‍යනුකූල නොවන සමාගම් මොසැක් ෆොන්සේකා සමාගමෙහි ලියාපදිංචි කර ඇත. මෙම පැනමා සමාගම ලොව පුරා මෙහෙයුම් ක්‍රියාත්මක  කර ඇති අතර රටවල් 42ක 600ක පිරිසක් සමාගම වෙනුවෙන් රාජකාරීයේ නියුතුව සිටින බවද එහි වෙබ් අඩවිය කියයි.

එම සමාගම ස්විට්සර්ලන්තය, සයිප්‍රසය සහ බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිත රටවල බදු නොගෙවා සිටීමේ ඉඩකඩ ලබාදී ඇති බව කියති.

imagesigmundur_david_stefk201644 putin_2288082b201644



අදහස් (0)

කළු සල්ලි සුදු කරන සමාගමක රහස් ලිපි එළියට

පිටබැද්දර ජයා Monday, 04 April 2016 01:28 PM

අපි දන්න අයගේ නමත් නැති වෙන්න නම් බැහැ ගොයියෝ ! (බ)

:       0       0

ගයාන් Tuesday, 05 April 2016 08:19 AM

කණගාටුයි කියන්න එයාලගේ නම් නෑනේ. (හේ)

:       0       0

ගාමිණි Tuesday, 05 April 2016 08:23 AM

එහෙනම් දැන් ලේසි වෙන එකක් නෑ.(හේ)

:       0       0

නලින් යහම්පත් Tuesday, 05 April 2016 09:24 AM

බී බී සී සේවය සහ බටහිර පුවත් පත් පුටින් ගේ රුව සහිත පැනමා වල කළු සල්ලි ගෙන කීවාට , ඩේවිඩ් කෙමරුන් සහ ඔහුගේ පියා පැනමා වල ප්‍රකාශ නොකළ මුදල් සම්බාරයක් තැන්පත් කර ඇති වග නුදුටුවෙමි , එමෙන්ම බටහිර යුරෝපයේ බලවත් දේශපාලකයන් බොහෝ දෙනෙකුද පැනමා වල තම ප්‍රකාශ නොකළ මුදල් සම්බාරයක් තැන්පත් කර තිබේ , මේවා බටහිර පුවත් වල දකින්නේ ඉතාම අල්ප වශයෙනි. (ර)

:       0       0

සලීම් Tuesday, 05 April 2016 05:47 PM

අපේ කම්බා හොරු අල්ලන එකනම් බොරු (නි)

:       0       0

චන්න Wednesday, 06 April 2016 12:15 AM

එහෙ කළු සල්ලි සුදු කරනවා.. මෙහෙ සුදු සල්ලි කළු කරනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site