පුද්ගලයන් 298ක් ජීවිතක්ෂයට පත්කරමින් කඩා වැටුණු එම්.එච්.17 යානයේ කළු පෙට්ටිය යුක්රේන කැරළිකරුවන් විසින් මලයාසියා බලධාරීන් වෙත භාර දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුක්රේනයේ ඩොනෙට්ස් නගරයේ පැවති රැස්වීමක දී මෙය භාරදෙනු ලැබීය. කැරළි කණ්ඩායමේ නායක ඇලෙක්සැන්ඩර් බොරොදායි පවසන්නේ කළු පෙට්ටියේ දත්ත විමර්ශනයෙන් පසු සත්‍ය හෙළිවනු ඇති බවයි.
මලයාසියා ගුවන් සේවය පවසන්නේ ද කළු පෙට්ටිය ඉතා හොඳ තත්ත්වයේ පවතින බැවින් ඒ හා සම්බන්ධ විමර්ශන කටයුතු මගින් තොරතුරු රැසක් අනාවරණය කැරගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කැරළිකරුවෝ කළු පෙට්ටිය දෙති
මහේෂ් Wednesday, 23 July 2014 02:26 AM
නානායක්කාර, ඒව පටිගත කරන්නෙ බිම ඉඳං නෙමෙයි. යානය ඇතුලෙමයි. ඒ නිසා කලු පෙට්ටිය විනාශ උනොත් තොරතුරු ලබාගන්න බැහැ.(අ)
මලිත් Friday, 25 July 2014 09:33 AM
කවුරු මොනවා කිවුවත් පව් අහිංසක ජීවිත..... (නි)
දුම්මලසූරිය. Friday, 25 July 2014 07:48 AM
මමත් මේ ලිපිය බලන්න හිතුවෙම කළු පෙට්ටිය කියන එක කොයි වගේ එකක්ද කියල දැනගන්න තිබුන ආසවටමයි. අජිත් කියනවා වගේ නමින් කලුපෙට්ටිය උනාට මේක කළු නැහැනේ අප්පා. (නදී)
කුමාර Friday, 25 July 2014 04:07 AM
මේ කැරලි කාරයො හරිම යහපත් නේද ? හොදටම මහන්සි වෙලා මේක හොයාගෙන හොරාගෙ අමිමටම භාර දෙනව. (අ)
නුවන් Thursday, 24 July 2014 05:38 AM
මේ පාරනම් කෑල්ලක් හරි හම්බවුනා. (අ)
දිසානායක Wednesday, 23 July 2014 09:48 PM
ඕක කළු පෙට්ටියද කියලා හොඳින් පරීක්ෂා කරබලා ගන්න. නැත්නම් පස්සේ පුපුරයිද දන්නෙ නැහැ (නි)
නානායක්කාර Wednesday, 23 July 2014 09:48 AM
මහෙෂ්, මම කිව්වේ කළු පෙට්ටියේ රෙකෝඩ් වෙන ගමන්ම දත්ත සජීවීවම පොලවට ගෙන්න ගන්න ක්‍රමයක් ගැන. එතකොට කළු පෙට්ටියේ තියන තොරතුරු ඕනෑම වෙලාවක බලා ගන්න පුළුවන්. කළු පෙට්ටිය විනාශ වුනත් තොරතුරු පොලවේ තියනවා.(නදී)
සිරිසේන Wednesday, 23 July 2014 07:09 AM
නානායක්කාර, හොඳ අදහසක්. නමුත් ඔබ දන්නවද ගුවන් යානයේ සියලුම දත්ත ගොඩබිමට සම්ප්‍රේෂණය කරන්න කොපමණ විශාල දත්ත සම්බන්ධතාවක් අවශ්‍යද, ඒ සදහා කොපමණ වියදමක් දරන්න වෙයිද කියලා? (නි)
සිරිසේන Wednesday, 23 July 2014 05:00 AM
කැරලිකාරයෝ කළු පෙට්ටිය දෙනවා කියන්නේ ඒගොල්ලෝ නෙමෙයිද මිසයිල ගහලා තියෙන්නේ? (නි)
නලීන් Wednesday, 23 July 2014 04:43 AM
යානාව ඇතුළෙම පටිගත කරන්න හේතුව, හදිසි අවස්ථාවකදී බිම සමඟ තිබෙන පණිවිඩ හුවමාරුව බිඳවැටීමට පුළුවන් නිසයි. (නි)
දර්ශ Tuesday, 22 July 2014 07:22 AM
අපේ අයත් එක බලන්න ගිහිල්ලද ? (අ)
අජිත් Wednesday, 23 July 2014 01:57 AM
මම හිතුව කළු පෙට්ටිය කියන්නේ කළු එකක් කියල බලනකොට රතු එකක්නේ(අ)
චන්ද්‍රසිරි Tuesday, 22 July 2014 08:53 PM
දැන් ඉතින් ඔය මොනදේවල් වලින්වත් වැඩක් තියෙයිද? (නි)
ගාමිණී - සිරි Tuesday, 22 July 2014 04:42 PM
අහිංසක ජීවිත 298 ක් විනාශ කළ කැරලිකරුවන්ටම කළු පෙට්ටියත් විනාශ කරන්න ආපසු දෙන්න තිබුනේ ! (නි)
නානායක්කාර Tuesday, 22 July 2014 08:34 AM
මෙච්චර තාක්ෂන්යය් දිඋනු වෙලා තියෙදිත් ගුවන් යානයක් ගුවන් ගත වුන මොහොතේ ඉඳන් බිමට එනකන් කළු පෙට්ටියේ තියන දත්ත සජීවිව විදියටම ගුවන්ගමන් වලින් බිම ඉදන් පටිගත කර ගන්නවා නම් මෙච්චර දඟලන්නේ නැතුව මොකද වුනේ කියල හොයා ගන්න පුළුවන්. එහෙම කරා නම් එම්.එච්. 370 වට මොකද වුනේ කියල හොයා ගන්න තිබුණා.(අ)
මනේෂ් Tuesday, 22 July 2014 07:46 AM
ඉතා හොඳ දෙයක්. බලමු මොකද වෙන්නේ කියලා. (නි)
වරුණ Tuesday, 22 July 2014 07:42 AM
වැදගත් තොරතුරු රැසක් සොයාගත හැකිවේවි (නි)
සංජීව Tuesday, 22 July 2014 07:38 AM
දැන් බලමුකෝ මොකක්ද කරන්නෙ කියලා (නි)
සරත් Tuesday, 22 July 2014 07:25 AM
අපරාදේ අහිංසක ජීවිත! (නි)
සෙනරත් Tuesday, 22 July 2014 07:25 AM
මොකක්ද බොලේ අර දෙවෙනියට තිබෙන පින්තුරය? (අ)