X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 09 වන බදාදා


කැල්සියම් හෘද රෝග ගැන අනාවැකි කියයි

හෘදයාබාද හා ආඝාතයට ලක්වීමේ අවධානම මැනීමට සුදුසුම ක්‍රමය ධමනිවල ඇති කැල්සියම් ප්‍රමාණය මැන බැලීම බව පර්යේෂකයෝ කියති. මෙතෙක් ඒ සදහා යොදා ගත්තේ රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් ප්‍රමාණය මැන බැලීමයි.

ධමනිවල කැල්සියම් ස්වල්පයක් ඇති හෝ කිසිසේත් ම කැල්සියම් නොමැති පුද්ගලයන් හෘදයාබාධයට හෝ ආඝාතයට ලක්වීමේ අවධානමක් නොමැති බව සී.ටී. ස්කෑන් පරීක්ෂණවලින් ද අනාවරණය වී ඇත. එසේ වුව ද වෛද්‍යවරු තමන් හමුවට එන රෝගීන්ගේ රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් ප්‍රමාණය මැන බලා ඔවුන්ට අවශ්‍ය නොවන ඖෂධ ලබාදෙන බව ද පර්යේෂකයෝ කියති.

මෙම ස්කැන් පරික්ෂණ මගින් පෙන්වා ඇත්තේ ධමනි වල අඩංගු කැල්සියමි ප්‍රමාණය අඩුනම් වයස, ස්ත්‍රී පුරැෂ බව කෙසේ වෙතත් හෘදයාබාධ සඳහා ඇති අවධානම ඉතාමත් අඩුවන බවයි. එවැනි අයට ජීවිත පැවැත්ම පිළිබඳ උපදෙස් ලබාදීම ප්‍රමාණවත් වේ.

එසේ වුව ද ධමනිවල කැල්සියමි ඝන වීම හෘධයාබාධයනට ලක්විමට ඇති හැකියාව ඉහළ දැමීමට හේතුවී ඇත.

මෙම අලුත්ම අධ්‍යනය ගැන ප්‍රසිද්ධ කර ඇති යුරෝපිය හෘද සඟරාවේ පෙන්වා දී ඇත්තේ ධමනි වල ඇති කැල්සියමි ප්‍රමාණය හෘදයාබාධයන් වැලදීමට ඇති ප්‍රවනතාවය පිලිබඳ ඉතාමත් වැදගත් සාක්ෂි ඉදිරිපත් කරණ බවයි.

පවුලේ ඉතිහාසය, වෛද්‍යමය තොරතුරු වන කොලෙස්ටරෝල් ප්‍රමාණය සහ රැධිර පිඩනය සහ ජීවන පුරුදු ගැන සොයනවාට වඩා ඔවුන්ගේ කැල්සියමි පරික්ෂාවෙන් හෘදයාබාධ වැළදීමට ඇති හැකියාව ගැන සොයා බැලිය හැකි බවයි. කැල්සියම් පරීක්ෂා කිරීමෙන් හෘද රෝග වැළදීමේ හැකියාව ගැන සුපිරි අනාවැකි කිව හැකි බව මෙම අධ්‍යයනයේ ප්‍රධානි බ්‍රිග්හමි සහ බොස්ටන් රෝහලේ හෘදරෝග පිලිබඳ විශේඥ වෛද්‍ය මිචෙල් සිල්වර්මන් පවසයි.



අදහස් (0)

කැල්සියම් හෘද රෝග ගැන අනාවැකි කියයි

තුසිත Thursday, 02 January 2014 03:24 PM

කැල්සියම් මගින් හදවත් ආබාද ඇතිවීම නිර්ණය කල හැකි බව ලංකාවේ අපිටනම් අලුත් දෙයක් නොවේ. පාරම්පරික සිංහල වෙදකම මගින් මුලින්ම සිදුකරන්නේ දමනිවල පවතින කැල්සියම් දේශීය බෙහෙත් මගින් ඉවත් කර පිරිසිදු කිරීම. සැත්කම් වලින් තොරව තවමත් ලංකාව තුල හදවත් රෝගීන් සුවපත් කරන දේශීය වෙදකම සුරැකිව පවතින බව ඔබ දන්නවාද? (නදී)

:       0       0

කළණි Friday, 03 January 2014 08:02 PM

තුසිත, අපේ අයට පිටරට දෙයක් හොයා ගත්ත කිව්වම හරි ලොකුයි. රට ගැන වැරදි දෙයක් දැම්ම නම් බලාගන්න තිබුනා ප්‍රතිචාර. මේ සොයාගන්න බොහෝ දේ අපේ දේශීය වෙදකම් වල තියනවා. (නදී)

:       0       0

කුමාර Friday, 03 January 2014 08:58 PM

ලෝකේ මොනවා හරි අලුතින් දෙයක් හොයාගත්තම කියනවා. නමුත් බැලුවම අතිතයේ අපි ලග තිබිලා තියෙනවා. ඒත් අපි හොයාගත්තට ලෝකේ කිසිකෙනෙක් ඒකට ප්‍රචාරය දෙන්නෙත් නැහැ. ගනන් ගන්නෙත් නැහැ.(නදී)

:       0       0

උත්තරා Friday, 03 January 2014 09:54 PM

තුසිත, ඔබ කියන දේ ගැන සාක්ෂි ඉදිරිපත් කල හැකිද? (නදී)

:       0       0

නෙත්මල් Sunday, 05 January 2014 03:19 AM

උත්තරා, ඔබට පිස්සුද.සාක්ෂි දෙන්න මේක නඩුවක්ද? (නදී)

:       0       0

කළණි Sunday, 05 January 2014 05:09 AM

සැක හිතන්න එපා. මන් දන්නා දෙන්නෙක් බයිපාස් කරන්න නියම වෙලා තියෙද්දී සිංහල වෙදකම් කරලා සනීප උනා. පොලොන්නරුව පැත්තේ වේද මහත්තයෙක්ගෙන් බෙහෙත් කලේ. දැන් අවුරුදු 15ක් විතර. තාම හොඳට ඉන්නවා බයිපාස් නැතිව සාමාන්‍ය ජීවිත ගත කරනවා.(නදී)

:       0       0

තුසිත Monday, 06 January 2014 11:20 AM

උත්තරාට ඕනෑ නම් මේ පිලිබදව සියලුම දේ දන්වා එවීමට පිළිවන. අපි රටේ පවතින සම්පත් ගැන අපේ අය‍ට තවමත් අවබෝදයක් නෑ.මන්දයත් අපේ රටේ අතීතයේදී සිදුකල විස්මිත දේ අපිට වටිනාකමක් නැති තැනට අද සමාජය පත්වෙලා. අපි හැමෝම අද කතා කරන්නේ පිටස්තර දේවල් ගැන පමණයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site