අප්‍රිකා රාජ්‍යයක් වන ගැම්බියාවේ කුඩා දරුවන්ට මරු කැඳවූ බව පැවැසෙන ඉන්දියාවේ ‘මේඩ්න්’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවන කැස්ස සමනය කිරීමට ලබා දෙන සිරප් වර්ග ඉන්දුනීසියා රජය විසින් තහනම් කරනු ලැබ තිබේ.
වෛද්‍ය නිර්දේශ යටතේ මෙම සිරප් වර්ග භාවිතයට ගත් ගැම්බියාවේ කුඩා දරුවන් 70 දෙනකු මියගිය බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේ මීට දින කීපයකට පෙරය.
ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ද ආරම්භ කර තිබේ. ඒ, ගැම්බියා සෞඛ්‍ය අමත්‍යාංශය ලබා දත්ත පාදක කර ගනිමිනි. එම විමර්ශන කටයුතු තවමත් අවසන් වී නොමැත.
ඉන්දුනීසියා රජය පවසා ඇත්තේ, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පිළිතුරක් ලැබෙන තුරු, ඉන්දියාවේ නවදිල්ලි අගනුවර කේන්ද්‍රකොටගත් ‘මේඩ්න්’ ඖෂධ නිෂ්පාදන සමාගමේ කිසිදු සිරප් වර්ගයක් එරට දරුවන්ට නිර්දේශ නොකරන බවය.
(එන්.ඩී.ටීවී.)
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කැස්ස පැණිය ඉන්දුනීසියාවේ තහනම්