චීනයේ හුබෙයි ප්‍රාන්තයේ පසුගියදා විවෘත කෙරුණු අධිවේගී මාර්ගයක කිලෝමීටර් 4 ක් ඉදිකර ඇත්තේ රමණිය මිටියාවතක ගලායන දැවැන්ත ගංගාවක් මැඳය. මං තීරු දෙකකින් සමන්විත මෙම මාර්ගයේ ගඟ මැඳ කොටස පාලමකි. පාලමෙහි ධාවනය කෙරෙන වාහන වල මඟීන්ට තමන් ජලය මතින් ගමන් ගන්නාක් වැනි හැඟීමක් ද්වනිත කෙරෙන තරමට ජලයට සමීපව මෙම මාර්ගය ඉදිකර ඇත.
මෙම මාර්ගය චීනයේ නැගෙනහිර දෙස පිහිටි හුබෙයිහි ශින්ග්ශෑන් නගරය ශැන්ග්හායි නුවරට යාකෙරෙන අධිවේගී මාර්ගයට සම්බන්ධ වෙයි.
ගංගාව මතින් ඉදිකර ඇති පාලම ගඟෙහි ස්වාභාවික පිහිටීම අනුව වංගු සහිතව ඉදිකර තිබීමද විශේෂත්වයකි.
මෙම අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කර ඇත්තේ 2013 දිය. එවකට ඉදිරිපත්වී තිබු එක් යෝජනාවක් වුයේ මෙම මාර්ගය අවශ්‍ය ස්ථානවල උමං කපා කඳුවලල්ල වටා ඉදිකිරීමය. මෙහිදී මාර්ග ඉංජිනේරුවන් විසින් කඳුවළල්ල අවට වනාන්තරයට සිදුවිය හැකි හානිය පිළිබඳව සළකා බලා එම මාර්ගය ගඟ මතුපිට දිවෙන පාලමක් ලෙසින් ඉදිකිරීමට තීරණය කර ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගඟක් මැඳින් ලස්සන පාරක්
බණෟඩාර Monday, 31 August 2015 06:42 AM
සැබැවින්ම පරිසරයට ආදරය කරන මිනිසුන් ඔවුන්ගේ දියුණුවේ රහස එයයි(ම)
සාමුලී Monday, 31 August 2015 06:55 AM
මැණික් ගලක වටිනාකමට වැඩිය කලු ගලක වටිනාකම අද ගොඩක් වැඩි. ලොකු කන්දක් කලුගල් බවට පත් කරාට ඒ කන්ද නැවත තිබුණ විදිහටම හදන්න අමාරුයි. ඒ කලුගල වුණත් නැවත භාවිතයක් නැහැ. වැලි කැටයක් පවා. අද විනාස කරනවා කියන්නේ අපි ලෝකෙට අනාගත පරපුරට කරන අපරාධයක්. (ම)
ධම්ම Monday, 31 August 2015 07:35 AM
ලස්සනයි. ඒ වුණාට චීනයේනේ . අපට ඕනේ ඇමෙරිකාවේ ඒවා.(ම)
ඉසුරන්දි Monday, 31 August 2015 07:52 AM
ඒ මිනිස්සු පරිසරයට ආදරෙයි. හැමදේම ආරක්ෂා කරගෙන රමණිය පාලමක් ගොඩ නැගීමත් ඉතාමත් ආකර්ශනීයයි. මෙයාල කවදා හෝ දවසක මුහුදෙනුත් පාලම හදාවි මේ යන විදිහට. (බ)
නුවන් Monday, 31 August 2015 08:50 AM
දැක්කද චීන්නු ඒගොල්ලන්ගේ රටේ පාරවල් හදල තියෙන හැටි.නමුත් අපේ රටවල චීන්නු හදල තියෙන මහා මාර්ග වල ප්‍රමිතිය කොහොමද? (බ)
පියලාල් Monday, 31 August 2015 10:23 AM
මේක ලංකාවේ ඉදී කලානම් මෙලහකට වාහන පාරෙන් පැනල තාප්පේ කඩන් ගගට වැටිලා.(ම)
අමර Monday, 31 August 2015 10:26 AM
ගඟ ඉවරයි චිනේ දියුණුව සොබා දහම රැකීමෙන් නොවේ චිනේ ඉන්න අයගෙන් හරි එහෙ ගිහින් හරි බලන්ඩ කොපමණ දුෂිතද කියල ජන ජිවිත කොයි තරම අවුල් කරලද කියල මෙය තිරසාර බව නොවේ (ම)
ලලිත් Monday, 31 August 2015 10:31 AM
කොයිතරම් ලස්සන වුණත් චීන පාලමක් නේ. වැහි කීයකට අල්ලලා හිටීද දන්නේ නැහැ.(ම)
හේමන්ත Monday, 31 August 2015 11:00 AM
මොන තරම් මනස්කාන්ත නිර්මාණයක්ද. මෙහි ඇති සුන්දරත්වය විදිනවා වෙනුවට විවේචනය කරන්න එපා මොන රටේ වුණත් වැඩක් නෑ නිර්මාණයේ සුන්දරත්වයය වටින්නේ (ම)
අජිත් Monday, 31 August 2015 02:10 PM
අර දම්ම කිව්වා වගේ මේක ඇමෙරිකාවේ එකක් නම් විවේචන නැත.(අ)
සොපී Monday, 31 August 2015 05:21 PM
ෂා.......! මටත් මේ පාරේ යන්න ඇත්නම්....... (නි)