ලිබියා කැරැල්ල උත්සන්න වෙද්දී රටින් පලා ගිය ලිබියාවේ හිටපු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පුතුන් සහ දියණිය ලිබියාවේ නව රජය අස්ථාවර කිරීමට උත්සාහ ගන්නා බවට කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන අන්තර්වාර පාලක මණ්ඩලයේ නායක මුස්තාෆා අබ්දෙල් ජලීල් චෝදනා කරයි. කැරැුලිකාර පාර්ශ්වය ඉකුත් අගෝස්තු මාසයේදී නේටෝ ගුවන් හමුදාවේ ද සහාය ඇතිව ලිබියාවේ ටි්රපොලි නුවර අල්ලා ගත් අවස්ථාවේදී ගඩාෆිගේ දියණිය අයීෂා, බිරිය සාෆියා සහ පුතුන් දෙදෙනකු වන මොහොමඞ් සහ හැනිබල් අසල්වැසි නයිගර් රටට පලා ගියෝය. මේ වනවිට ඔවුහු නයිගර් රාජ්‍යයේ රැුකවරණය යටතේ පසුවෙති. ගඩාෆි දියණිය පසුගිය දා ඇගේ නීතීඥවරයා මගින් ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයෙන් ඉල්ලා සිටියේ ගඩාෆිගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසටය. ”ලිබියාවේ ඉදිරි වැඩපිළිවෙලට සම්බන්ධ වෙන්න හෝ බාධා වෙන්න ගඩාෆි පුතුන්ට හෝ දියණියට හැකියාවක් නැහැ. ඒත් තවමත් ඔවුන් නොයෙක් නොයෙක් ආකාරයට උත්සාහ ගන්නවා රට අස්ථාවර කරන්න. අප ඊට ඉඩ දෙන්නේ නැහැ” යැයි අබ්දෙල් ජලීල් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේය. කෙසේ නමුත් ගඩාෆි දූ දරුවන් ලිබියාවේ නව රජය අස්ථාවර කරන්නේ කෙසේදැයි යන්න අබ්දෙල් ජලීල් හෙළි නොකළ බව ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි. ගඩාෆිගේ වැඩිමල් පුතු සෙයිෆ් අල් ඉස්ලාම් මේ වනවිට ලිබියා කැරැුලිකාර පාර්ශ්වයේ අත්අඩංගුවට පත් ව සිටී. ඔහුට එරෙහිව තවමත් නීති මගින් කටයුතු කිරීමට ලිබියාවේ නව පාලකයෝ තවමත් කටයුතු කර නැත. සෙයිෆ් අල් ඉස්ලාම්ට එරෙහිව තමන් ද නඩු විභාගයක් පවත්වන බව ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය ද පවසා තිබේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගඩාෆිගේ දරුවෝ ලිබියාව අස්ථාවර කරන්න හදනවා