X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 14 වන සඳුදා


ගල් යුගයේ දැව පිළිමයක්

මෙතෙක් හමුවී ඇති ලොව පැරණිතම දැව පිළිමය ලෙස සැළකෙන ෂිගිර් පිළිමයේ කොටා ඇති අක්ෂර රටාවන්ගේ සඟවා තිබෙන බවට සැකකෙරෙන රහසිගත පණිවුඩයක් කියවා ගැනීමට විද්‍යාඥයෝ උත්සාහ කරමින් සිටිති.

ෂිගිර් පිළිමයේ වයස නීර්ණය කිරීමේ කටයුතුද මේ වන විට අවසාන අදියරේ පවතින අතර එම කටයුතු වල නිරතවී සිටිනා පර්යේෂකයන් පවසන්නේ පිළිමය වසර 9500 ක් පමණ පැරණි යැයි සැළකිය හැකි බවයි.

ගල් යුගයේ මෙසොනික අවිධියේදී නිර්මාණය කෙරී ඇතැයි සැළකෙන මෙම ප්‍රතිමාව ඊජිප්තු පිරමීඩයන්, බ්‍රිතාන්‍යයේ ස්ටෝන්හෙන්ජ් වැනි පුරාණ නිර්මාණයන් සියල්ලට වඩා පැරණිය.

මෙම පිළිමය මුලින්ම සොයා ගැනුනේ 1890 වසරේදී රුසියාවේ ඌරල් කදු ප්‍රදේශයෙන්ය.

සොයාගත් සමයේ පිළිමයේ උස ලෙස අඩි 17 ක් ලෙස සටහන්ව තිබෙතත් පසුකාලීනව උද්ගතවූ රුසියාවේ දේශපාලන අස්ථාවරත්වය නිසා පිළිමයටද අත්වූයේ නරක කලදසාවක් වන අතර නොසැළකිලිමත් කම නිසාවෙන් එයින් අඩි 6 ක පමණ කොටසක් කැඩී ගොස් තිබේ.

එම කැඩුණු කොටස මේ දක්වාම සොයාගැනීමට හැකිව නොමැත.

වර්තමානයේ පිළිමය උසින් අඩි 9 ක් පමණ වේ.

එහි මුහුණු සතක් කැටයම් කර තිබෙන අතර එක් මුහුණක් ත්‍රිමාණව පෙනී සිටින සේ නිමවා තිබේ.

එහි සදහන් අක්ෂර රටා සම්බන්ධයෙන් විවිධ මත ඉදිරිපත්ව තිබෙන අතර ඒවායින් මෙසෝනික යුගයේ මානවයා සතුටින් දිවිගෙවා ඇති බවක් ඇඟවෙන බව බොහෝ විද්‍යාඥයින් පළ කරන මතයකි.

අක්ෂර රටාවන් ලෙස විද්‍යාඥයින් හදුන්වාදෙන්නේ පිළිමය මත සටහන්ව ඇති ඉරි කැබලිය.

නමුත් පිළිමයේ ඇති මුහුණු සත සමඟද සැළකුවහොත් අක්ෂර රටාවන්ගෙන් කියැවෙන්නට ඉඩ ඇත්තේ වෙනත් දෙයක් බව ඇතැම් විද්‍යාඥයින් කියයි.

එදවස පැවති සමාජ තලයන් හෝ වැදගත් සිදුවීම් හෝ ඇතැම් විට නොපෙනෙන බලවේගයන් හා පැවැත්වූ සබදතා හෝ එම අක්ෂර රටාවන්ගෙන් කියැවෙන පණිවුඩයේ ඇතැයි ඔවුන්ගේ මතයයි.

1413974012026_wps_24_The_oldest_wooden_statue_ 1413974023131_wps_28_The_oldest_wooden_statue_ 1413974033966_wps_31_The_oldest_wooden_statue_



අදහස් (0)

ගල් යුගයේ දැව පිළිමයක්

ධම්ම Thursday, 23 October 2014 10:25 AM

අපේ රාවණා රජතුමා ඔය පළාතේ ගැවසුනාද කියලා ටිකක් හොයා බලන්න වටිනවා.(නදී)

:       0       0

රජින්ද Thursday, 23 October 2014 08:36 PM

ධම්ම, හැමදේකටම රාවණා...රාවණා... කියලා අපේ ඉතිහාසයේ චරිත අවතක්සේරු කරන එක නම් හොඳ දෙයක් නෙමෙයි. අපේ ඉතිහාසය අපිම විහිලුවකට අරගෙන කියලා දැනෙනවා. (නි)

:       0       0

ධම්ම Friday, 24 October 2014 07:19 AM

රජින්දගේ මානසිකත්වය වෙනස් කිරීමට මට නොහැක. මා ලියු දේ හි අවතක්සේරුවක් හෝ විහිළුවක් ගැබ්ව නැත. (නදී)

:       0       0

රවීන් Friday, 24 October 2014 06:18 PM

කට්ටිය මේ පිලිමේ අකුරු හොයනවා. මට හිතෙන්නේ පච්චයක් කොටලා වගෙයි. (නදී)

:       0       0

කුමාර් Friday, 24 October 2014 07:56 PM

ධම්ම, රජින්ද ඔය සමහර විට රාවණාගේ දඬු මොනරේ කෑල්ලක් ද දන්නේ නෑ. ඔය රුසියාව පැත්තේ ඒ කාලෙත් මිසයිල් ගහන්න ඇති උඩින් ගුවන් යානා යනකොට. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site