යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය මුල්වී නිර්මානය කළ ‘ගයියා‘ අභ්‍යාවකාශ ගවේෂක චන්ද්‍රිකාව පසුගියදා සාර්ථකව අභ්‍යාවකාශ ගත කෙරුණි.
මෙම අභ්‍යාවකාශ ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කර ඇති මුදල පවුම් කෝටි 200 කට ආසන්නය.
විද්‍යාඥයන් පවසන ආකාරයට ‘ගයියා‘ පෘථීවියේ සිට කිලෝමිීටර ලක්ෂ 15 ක් දුරින් ස්ථාවරව රැදවෙනු ඇත.
‘ගයියා‘ නිර්මානය කර තිඛෙන්නේ දැනට අප ක්ෂීරපථයේ හදුනාගෙන ඇති තරු හා ග්‍රහලෝක වල නිවැරදි පිහිටීම සිතියම් ගත කිරීමේ පහසුව තකාය.තවද කලූ කුහර ආදී විශ්වයේ හරිහැටි පැහැදිලි කර නොගත් සංසිද්ධීන් මෙන්ම නව සෞරග්‍රහ මණ්ඩල පිළිඹද තොරතුරු එක්රැස් කිරීමද ගයියා ආධාරයෙන් සිදුකෙරෙනු ඇත.
මෙතෙක් අභ්‍යාවකාශ ගත කෙරුණු කිසිදු අභ්‍යාවකාශ යානයක හෝ චන්ද්‍රිකාවට නොතිබූ තරමේ ඉහළ විභේදන බලයකින් යුතු කැමරාවකින් ගයියා සමන්විතය.මෙගා පික්සල 2000 ක විභේදන බලයක් ඇති මෙම කැමරාවෙන් ලබාගත හැකි ඡායාරූපයන් ආධාරයෙන් අප ක්ෂීරපථය හොදින් නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇතැයි විද්වත් මතයයි.
ගයියා ආධාරයෙන් තරු හා ග්‍රහ පිහිටීම් කෝටි 100 ක් පමණ හදුනාගැනීමට විද්‍යාඥයන් අපේක්ෂා කරයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ග්‍රහලොව සිතියම් ගත කරයි
රුවන් Friday, 20 December 2013 02:57 PM
එක ග්‍රාලෝකෙකට පවුම් 2යි මාත් එකක් ගන්නව...(අ)
ඉන්දික Friday, 20 December 2013 04:06 PM
මැප් එක ඇඳලා ඉවර උනහම කියන්න. මම මැප් එක නැති හින්ද යන්න විදියක් නැතුවයි හිටියේ. (අ)
ජෝසප් පෙරේරා Sunday, 22 December 2013 01:44 PM
එක කිලෝ මීටරයක් යන්ඩ පවුම් 1300යි. අපේ ලංගම සහ දුම්රිය පවුම් කාලකින් ඔය දුර යනවා. (නදී)
දයා අලහකෝන් Sunday, 22 December 2013 04:22 PM
විහිළු තහළු නොකරන්න. මෙතෙක් දුරක් පැමිණි මිනිස් මොළයේ මහිමය ගැන සිතන්න. (ත)