ඉන්ධන ගැලූමකින් සැතපුම් 313 ක් ධාවනය කළ හැකි යැයි පැවසෙන නව මෝටර් රථයක් වෙළදපොළට එක් කිරීමට ජර්මනියේ වොක්ස්වාගන් සමාගම කටයුතු කර තිබේ.
වොක්ස්වාගන් එක්ස් - එල් ලෙස හැදින්වෙන මෙම මෝටර් රථය ජවගැන්වීමට විදුලි මෝටර පද්ධතියකුත් ඩීසල් එන්ජිමකුත් භාවිතා කෙරේ.රථවාහන තදබදය වැඩි නගරබද ධාවනයට විදුලි මෝටර පද්ධතියත් දිගු දුර ධාවනයට ඩීසල් එන්ජිමත් යෝග්‍ය වන්නේ යැයි වොක්ස්වාගන් සමාගම කියයි.මෝටර පද්ධතිය හා එන්ජිම අතර ධාවනය හුවමාරු කිරීමේ හැකියාවද රියදුරාට ලබා දී තිබේ.
මෙවන් කි්‍රයාකාරීත්වයකින් යුක්ත වන මෝටර රථ වෙළදපොළේ සුලභ වුවත් ඒවා මෙම මෝටර් රථයේ තරම් ඉන්ධන පිරිමැස්මක් ලබා නොදේ.
මෙම මෝටර් රථයේ ඉන්ධන පිරිමැස්ම පසුපස ඇති රහස ලෙස නිෂ්පාදකයෝ පෙන්වා දෙනුයේ එහි නිමාවයි.වායු ප්‍රතිරෝධය අවම වන සේ නිර්මානය කර ඇති සැකිල්ල නිසා මෝටර් රථය ධාවනය කිරීමට වැඩි ජවයක් අවශ්‍ය නොවන බව නිශ්පාදකයින් කියති.සම්පූර්ණයෙන්ම කාබන් ෆයිබර් නම් සැහැල්ලූ එහෙත් ඉතා ශක්තිමත් අමුද්‍රව්‍යයෙන් නිමවා ඇති මෙම මෝටර් රථයේ බර කිලෝග්රෑම් 795 කි.එයද ඉන්ධන පිරිමැස්මට හේතු වන වැදගත් සාධකයකි.
මෝටර් රථය ඉන්ධන පිරිමැස්ම මතම පිහිටුවා නිර්මානය කෙරී නොමැති බව පැහැදිලි වන්නේ එහි වේගය සැළකූ විටය.තත්පර 11 ඇතුළත පැයට සැතපුම් 60 ක වේගයක් අත්කර ගත හැකි මෙම මෝටර් රථයේ උපරිම වේගය පැයට සැතපුම් 99 කි.
මෙවන් මෝටර් රථ නිශ්පාදනය කෙරෙනු ඇත්තේ දෙලක්ෂයක් ක් පමණි.එය වොක්ස්වාගන් සමාගමේ තීරණයකි.සම්පූර්ණයෙන්ම අතින් නිර්මානය කෙරෙන මෙවන් මෝටර් රථයක වටිනාකම ඒ නිසාම සැලකිය යුතු තරමින් ඉහළය.පවුම් ලක්ෂයක පමණ මුදලකට නව මෝටර් රථය මිල කිරීමට වොක්ස්වාගන් සමාගම කටයුතු කර ඇත
ඉන්ධන පිරිමැස්ම අතින් ඉහළ වුවත් මිල අතින් වඩාත් ඉහළ නිසා මෙම මෝටර් රථය ඉන්ධන මිල පිළිබඳ සැළකිලිමත් වන බහුතර ජනතාවට යෝග්‍ය නොවන බව බහුතරයගේ අදහසයි. තාක්ෂණික දියුණුව අගය කරනවා විනා මෙම මෝටර් රථයට වෙනත් තේරුමක් නොමැති යැයි ඔවුන් පවසයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගැලුමෙන් සැතපුම් 300ක් යයි
සුජීවා Monday, 20 January 2014 11:38 AM
කාර්ය බහුල ලෝකයට හොද ආයෝජනයක් , නමුත් මිල අතින් බලන කල සාමාන්‍ය ජනතාවට මහත් බරක් .(දී)
ෆ්‍රෑන්ස් ජර්මනි Monday, 20 January 2014 11:31 PM
පවුම් ලක්ෂයක් කියන්නේ ලංකාවේ අයට ලොකු මුදලක් නොවෙයි දැන්. ඒත් ජර්මනියේ, එංගලන්තයේ අයටනම් ලොකු මුදලක්. (දී)
සමන්ත Tuesday, 21 January 2014 11:59 AM
මාර මිලක් නේ (දී)
සුජී Tuesday, 21 January 2014 03:33 PM
හොඳ නිර්මාණයක්.(නදී)
පෙරේරා Wednesday, 22 January 2014 01:15 AM
ෆ්‍රෑන්ක් ජර්මනි, පවුම් ලක්ෂයක් ලංකාවේ අයට ලොකු දෙයක් නොවෙන බව පාරේ තියෙන ත්‍රී වීල් මෝටර් සය්කල් දැක්කම පැහැදිලි වෙනවා නේද?(නදී)
දිනුක Wednesday, 22 January 2014 11:21 AM
අද තෙල් මිල බැලුවම මේක හොඳ නිර්මාණයක්.(නදී)
චින්තක Wednesday, 22 January 2014 05:50 PM
මෙහි මිල ඩොලර් 145,000 යි. ඒ කියන්නේ රුපියල් කෝටි 2 ක්. කෝටි 2 ක් දීල අරගෙන ලීටරයකින් කි,මි. 106 ක් ගියාට වැඩක් තියෙනවද ? (නදී)
සමන්ති Wednesday, 22 January 2014 07:34 PM
ලොවේ තිබෙන වටිනාකම වැඩි වාහන සියල්ලම ලංකාවේ තියෙනවා . අරපිරිමැසුම්දායක ජලයෙන් දුවන වාහනත් අපි හැදුවා නේද ? අමතකද ? නැනෝ කාර් එනකොට ත්‍රී වීල් කට්ටිය වර්ජනත් කළා ! රබර් තියෙන ලංකාවේ මකන කෑල්ලත් චීනයෙන්. කොහොමද වැඩේ සිරිබර ශ්‍රී ලංකාවයි.(නදී)
ෆැරෑන්ක් Friday, 24 January 2014 05:06 AM
පෙරේරා, ලංකාවේ පාරවල් වල දුවන ලක්ෂ දෙසීයේ තුන්සීයේ වාහන දැක්කම මටත් හිතෙනේ දේ තමා කිව්වේ.මම මේ කාලයේ ඉන්නේ ලංකාවේ. ඔයත් ඇවිත් බලන්න ලංකාවේ ආශ්චාර්ය...(අ)
වජිරා Friday, 24 January 2014 10:09 AM
ඕක ලංකාවට ගෙනල්ලා ලංකාවේ ආශ්චාර්ය බද්ද ගැහුවම පවුම් ලක්ෂ තුනක් විතරවේවි. (නදී)