තමන් මරා දැමීමට පැමිණි දිවියෙකු හා පුරා හෝරාවක පමණ කාලයක් කුඩා සවලක් හා දෑකැත්තකින් පමණක් සන්නද්ධව සටන්වැද ජීවිතය දිනා ගැනීමට ඉන්දියා ජාතික කාන්තාවක් සමත්වූවාය.
කුම්ලා දේවි (54) නම් වන ඇය කුඹුරේ වැඩ නිමවී නිවස බලා එමින් සිටියදී දිවියා ඇගේ ඇඟට පැන්නාය.
තම අත තිබූ සවලෙන් හා දෑකැත්තෙන් දිවියාට පහර පිට පහර එල්ල කර ඇති ඇය අවසානයේ දිවියාව පන්නා දැමුවාය.
බරපතල තුවාල ඇතිව තවත් සැතපුම් බාගයක් පමණ දුරින් වූ තම ගම්මානයට ලේ පෙරමින්, බඩගාමින් පැමිණි ඇය වහ වහා රෝහල් ගත කළහ.
ගැඹුරු කැපුම් තුවාළ තිබූ ඇයට මැහුම් සියයකට වඩා දැමිීමට සිදුවූ බව වෛද්‍යවරු පවසන්නෝය.
ගම්වැසියන්ට දැන් ඇය වීරවරියකි.
දිවියාද මියගොස් සිටිනු පසුව සොයාගත හැකිව තිබේ.
වනජීවී විශේෂඥයින් පවසන්නේ දිවියෙකු පුරා පැයක් මෙසේ සටන් වැදුණු බව ඔවුන් අසන්නේ ප්‍රථම වතාවට බවයි.සාමාන්‍යයෙන් තම ගොදුර යටත් කර ගැනීමට නොහැකි නම් විනාඩි 10 ක උපරිමකයින් පසු දිවියා පලා යන බව ඔවුන් කියයි.
දිවියා අත්දැකීම් අඩු තරුණ සතෙකු වන්නට ඇතැයි ඔවුන්ගේ අදහසයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගැහැණිය දිවි නාම්බා සමඟ පැයක් සටනේ
දිනේෂ් සංදීප Friday, 29 August 2014 03:23 AM
බුද්දිකගේ කතාව නම් මරු. ඇයි දෙවියනේ මේ මිනිස්සු මෙහෙම හිතන්නේ.අර ගෑණු කෙනා එයාලගේ දරුවන්ට කොච්චර වටිනවා ඇත්ද? සමහර විට දරුවන් ජීවත් වෙන්නේ මෙයාගෙන් වෙන්න පුළුවන්. ඉක්මන් සුවය පතමි ලංකාදීප වෙනුවෙන් (අ)
නිරෝධ Wednesday, 03 September 2014 06:24 AM
මරණය දක්වාම සටන් වැදුන දිවියට උපහාරය (නදී)
ජීවන්ත Wednesday, 03 September 2014 06:05 AM
ඔබට ඉක්මන් සුව. (නදී)
අනුර Monday, 01 September 2014 08:51 AM
සමහර අයගේ අදහස් ගැන පුදුම හිතෙනවා (නි)
ජිලා Monday, 01 September 2014 05:08 AM
දිවියම කාපිය. (නදී)
ගාමිණී Sunday, 31 August 2014 03:06 AM
බුද්ධිකගේ කතාව නම් නියමයි. ඇයි දෙවියනේ මේ මිනිස්සු මෙහෙම හිතන්නේ? අර ගෑණු කෙනා එයාලගේ දරුවන්ට කොච්චර වටිනවා ඇත්ද? සමහරවිට දරුවන් ජීවත් වෙන්නේ මෙයාගෙන් වෙන්න පුළුවන්. ඉක්මන් සුවය පතමි (නි)
ගාමිණී Sunday, 31 August 2014 03:08 AM
මෙම දිරිය මව ඉක්මනින්ම සුවපත් වේවා! (නි)
ගාමිණී Sunday, 31 August 2014 03:04 AM
ඉතාමත්ම ධෛර්ය සම්පන්න කාන්තාවක්. කාන්තා පක්ෂයට හොඳ ආදර්ශයක්. (නි)
සම්පත් Saturday, 30 August 2014 11:37 AM
ඉතාමත් ධෛර්ය සම්ම්පන්න කාන්තාවක්. ඔබට ඉක්මන් සුවය ලැබේවා. (ස)
වාරියපොළ කුමාරිහාමි Saturday, 30 August 2014 04:09 AM
මේ අක්ක මාව ආදර්ශයට අරන්. මාත් ලෝක ප්‍රසිද්ධ වීරවරියක්. (අ)
විරාජ් Friday, 29 August 2014 03:18 PM
දීර්ඝායු වේවා!..ඔබට.(දිල්)
සෙනරත් Wednesday, 27 August 2014 10:58 AM
පිරිමියෙකුටත් ලේසි නෑ දිවියෙකුගෙන් බේරෙන්න. ඉතාමත්ම ධෛර්ය සම්පන්න කාන්තාවක්. කාන්තා පක්ෂයට හොඳ ආදර්ශයක්. ගොඩක් කාන්තාවෝ මීයෙක් දැක්කත් පන එපා කියල දුවනවා.(අ)
නිෂාදි Thursday, 28 August 2014 02:54 PM
ඔබ නම් දිරිය ගැහැණියකි. ඉක්මන් සුවය පතමි. (අ)
අජීවන් වීරකිර්ති Thursday, 28 August 2014 09:02 AM
ඉක්මනින්ම සුවපත් වේවා! (අ)
බුද්දික Thursday, 28 August 2014 03:41 AM
අපරාදේ දිවිය. කොච්චර වටිනා සතෙක්ද (අ)
සත්‍යයා Thursday, 28 August 2014 12:26 AM
දිරිය මව ඉක්මනින්ම සුවපත් වේවා! මේ ප්‍රවෘත්තිය කියවන ලංකාවේද වයස අවුරුදු 6 සිට 85 දක්වා වූ බාල මහලු සියලුම කාන්තාවන් මැය ආදර්ශයට ගතයුතුයි. බිය තවදුරටත් ගැහැණිය සතු ගුණාංගයක් නොවිය යුතුය. (නි)
හිමාෂා Wednesday, 27 August 2014 11:03 PM
ඉතාමත්ම ධෛර්යසම්පන්න කාන්තාවක් (නි)
ප්‍රශීන් Wednesday, 27 August 2014 04:26 PM
ජීවිතය බේරගත්ත එක ගැන අපි සතුටු වෙමු. ඉක්මන් සුවය ලැබේවා!!! ඔබගේ ධෛර්යය අපි අගය කරමු. (නදී)
කුමාරි Wednesday, 27 August 2014 04:27 PM
අනේ අම්මේ...මම නම් කැරපොත්තන්ටත් බයයි. හැබැයි එ්ක බයද කැතද මන්දා. (නදී)
එල්.කේ.එස් චන්ද්‍රසිරි Wednesday, 27 August 2014 01:25 PM
සමහර කාන්තාවෝ හරිම දහිරිය වන්තයි (නදී)
ජයත් Wednesday, 27 August 2014 12:17 PM
කොහොමටත් අත් දැකීම් අඩු පිරිමි සත්තු ගැහැනුන්ට බයයි නේන්නම් (අ)