පෘථීවියේ ස්කන්ධය හා සමාන ස්කන්ධයක් ඇති එහෙත් සම්පූර්ණයෙන්ම පාහේ ගෑස් වලින් සැදුණු නව ග්‍රහලොවක් සොයාගැනීමට ඇමරිකා විද්‍යාඥ පිරිසක් සමත්ව සිටිති.
මෙම ග්‍රහලොව පිහිටන සෞරග්‍රහ මණ්ඩලය පිහිටා ඇත්තේ පෘථීවියේ සිට ආලෝක වර්ෂ 200 ක දුරින් බව සදහන් වේ. එම ග්‍රහමණ්ඩලයට ඇත්තේ ග්‍රහයින් දෙදෙනෙකු බවද සොයාගෙන තිබේ.
කේඕඅයි -314සී ලෙස නම් කර ඇති මෙම ග්‍රහයයා පෘථීවියට වටා 60 ගුණයකින් පමණ විශාල වන මුත් බරින් පෘථීවිය හා සමානය.මෙය පාෂාණමය ග්‍රහයින් හා ජලයෙන් හෝ වායුවලින් සැදුණු ග්‍රහයින් අතර වැඩි වෙනසක් නොමැති බව හොදින්ම පෙන්වා දෙන්නක් යැයි විද්‍යාඥයන් කියයි.
පෘථීවියට බරින් සමාන වූවත් අන් කිසිදු අයුරකින් මෙම ග්‍රහයා පෘථීවිය හා සමාන නොවන බව ඔවුන් පවසයි.
ග්‍රහයාගේ බර මැනීමටත් විද්‍යාඥයන් භාවිතා කර ඇත්තේ අලූත් ක්‍රමවේදයකි.ග්‍රහමණ්ඩලයේ අනෙක් ග්‍රහයා මෙම ග්‍රහයා මත ඇති කරන ගුරුත්ව බලයත් මෙම ග්‍රහයා එම ග්‍රහමණ්ඩලයේ ප්‍රධාන තරුව වටා භ්‍රමණය වීමේදී තරුවෙන් නිකුත් වන ආලෝකයේ සිදුවන වෙනස්වීමත් ආශ්‍රයෙන් ගණනය කිරීම සිදුකර තිබේ.
කෙප්ලර් අභ්‍යාවකාශ දුරේක්ෂය ආධාරයෙන් සොයාගෙන ඇති මේ නව ග්‍රහලොව අභ්‍යාවකාශයේ චන්ද්‍රයින් සොයා සිදුකෙරුණු නිරීක්ෂණයකදී අහම්ඛෙන් හමුවූවක් යැයි විද්‍යාඥ පිරිස පවසයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගෑස් ග්‍රහලොවක් සොයා ගනී
පෙරේරා Friday, 10 January 2014 02:30 AM
නියමයි! අර හඳෙන් ගෙනාපු හාල් ටික මේ ග්‍රහලෝකෙන් ගේන ගෑස් වලින් උයා ගන්න පුළුවන්.(නදී)
ජයන්ත Sunday, 12 January 2014 01:16 AM
ලංකාවෙත් තියෙනවා ගෑස් නිදියක් කෝට්ටේ පැත්තේ.(නදී)
සෑම් Saturday, 11 January 2014 11:25 PM
බඹයක් පමණ වූ ශරීරය තුල තථාගත බුදුන් වහන්සේ ලෝකය පැනවූ සේක. ඒ කියන්නේ ලෝකය දකින්න කැමති වූ තැනැත්තා තමන් ව හොදින් දකීද ඔහු ලෝකය දකී කියන එකයි. (නදී)
චානක Saturday, 11 January 2014 08:50 PM
හලෝ කැළුම් ඕවා අලුත් දේවල් නෙමෙයි අමුතුවෙන් හොයන්න. නවග්‍රහ මණ්ඩලය ගැන බුද හාමුදුරුවෝ කිව්වේ ඇමරිකාවට කලින්.(නදී)
ලීල් ගුණවර්ධන Saturday, 11 January 2014 04:22 PM
අපේ ලංකාවේ ග්‍රහයන් ගැන සොයා බැලුවොත් නරකද යමක් වෙන්න කලින්. අපිට මොකටද පිට සක් වල ග්‍රහලෝක.(නදී)
සම්පත් Saturday, 11 January 2014 04:06 PM
බමුණු මෙහි තිබෙන්නේ කදුලු ගෑස්.(නදී)
බමුණු Saturday, 11 January 2014 03:20 AM
මෙහි තිබෙන්නේ මොන ගෑස් ද? (දී)
නිමල් Saturday, 11 January 2014 12:29 AM
අනේ ලමයිනේ ගෑස් කියන්නේ අපේ රටේ තියෙන එල්.පී ගෑස්වලට විතරක් නෙමෙයි. තාරකා විද්‍යාෙව් පාෂාණ ග්‍රහලෝක සහ වායුමය ග්‍රහලෝක කියා වර්ග තයෙනවා. ටිකක් අන්තර්ජාලෙය්ම හොයලා බලන්න මේ ගැන.(නදී)
සිල්වා Friday, 10 January 2014 06:01 PM
ලංකාවේ තෙල් තියෙනවා කියුවා නේද ඒ දවස් වල කෝ මොකද උනේ ඒකට (දී)
විකී Friday, 10 January 2014 12:03 PM
පරම සත්‍ය නිවැරදි බුදු දහමයි. එය නිවරදිව කියවන්න. තේරුම්ගන්න. සක්වල සෙවීමෙන් සාන්තියක් නෙවෙන බව උන් වහන්සේ පැවසු සේක.(නදී)
නැනී Friday, 10 January 2014 10:10 AM
ටිකක් දුර වැඩියි , නැත්තන් ඔය ග්‍රහ ලෝකෙත් ඇමෙරිකන් කාරය සූරා කාල ඉවර කරයි.(නදී)
චරිත් සමීර ගුණසිංහ Friday, 10 January 2014 08:24 AM
මෙහෙ තියෙන ගෑස් නිදි වත් හොයලා ඉවර නැතුව වෙන ලෝක වල ඒවා හොයනවා. පලක් නැති වැඩ.(නදී)
කැළුම් Friday, 10 January 2014 08:10 AM
අපි මොකුත් කරන්නෙත් නැහැ. කරන මිනිස්සුන්ට කරන්න දෙන්නෙත් නැහැ. අලුතෙන් දෙයක් හොයාගත්තම සතුටු වෙන්න ඕනා.(නදී)
සුජිත් පුෂ්පකුමාර Friday, 10 January 2014 05:32 AM
අලුත් ග්‍රහයෙක් සොයා ගත්තාලු, අපිට මොකටද, මගේ පඩි වැඩි වෙනවද එතකොට (දී)
දයා අලහාකොන් Thursday, 09 January 2014 10:57 AM
ආලෝක වර්ෂ 200ක් හිතාගාන්නවත් බැහැ දුරයි ප්‍රමාණය (දී)
පෙරේරා Friday, 10 January 2014 02:28 AM
එහෙනම් හෙට අනිද්දා වෙනකොට ගෑස් ගණන් හොඳටම බහිවී නේද?(දිල්)
සමන් Friday, 10 January 2014 12:24 AM
ඇමරිකාව ඔය බොරු කතා ගොතනවා ලෝකේ මුලාකරන්න. ඒ ගොල්ලන්ට ඕනි හැම වෙලාවේම ඉදිරියෙන් ඉන්නයි.(නදී)
රමසි Thursday, 09 January 2014 10:56 PM
දැන් ඉතින් අපිට තියෙන්නේ දිග බටයක් හදාගන්න එක තමයි. (දී)
අශිකා Thursday, 09 January 2014 10:44 PM
අපි නොදන්නා කොයිතරම් දේවල් තියෙනවා ඇතිද තව (දී)
ඉන්දික Thursday, 09 January 2014 06:46 PM
බණ්ඩාර කුවේට්, හරියට හරි. ඔය බොරු වැඩ වලට වඩා මේ ලෝකේ තියෙන දෙයක් හෙව්වා නම් ඊට වඩා වටිනවා.(නදී)
ඉන්දික Thursday, 09 January 2014 06:44 PM
වැඩි ඈතක නෙවෙයිනේ. හදිස්සියකට ගිහිල්ල ගේන්නත් පුළුවන්. හැබැයි තවම පොළොවේ ගෑස් තියෙන තැන් ඔක්කොම හොයගෙනත් නැහැ නේද?. ඒත් ආලෝක වර්ෂ 200 ඈත තියෙන ඒවා හොයාගෙන. මේවා අපිටම කියන හින්දා හොඳයි.(නදී)
සුනිල් පෙරේරා Thursday, 09 January 2014 05:24 PM
උත්පත්ති වශයෙන් යන්ට නොහැකි , ගමනින් ද නොයාහැකි ලෝක සොයා කරන දේ කාලය කා දමන දෙයක් ! බුදුවදන් නොදත් මිත්‍යා දුෂ්ටිකයන්ට හිමි ලොවක් ...!!! (අ)
බණ්ඩාර කුවේට් Thursday, 09 January 2014 02:59 PM
විශ්වයේ නිමක් නැත සෙවීම තේරුමක් නැත ඔබ අතරමංවෙවී [වසර 2500 පෙර බුදුරජුන් දෙසනා කල සේක } (දී)
ගයන් Thursday, 09 January 2014 02:08 PM
කොච්චර අලුත් ග්‍රහ ලෝකවල , චක්‍රාවාට , චන්ද්‍රයන් හොයාගත්තත් අපේ පෘතුවියට සමාන පරිසරයක් ඇති, මිනිස් වාසයට සුදුසු ග්‍රහලෝකයක් පෘතුවියේ සිට ආලෝක වර්ෂ 200 එපිටට යනතුරුවත් හොයාගන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. මේ කියන ග්‍රහලෝකයේ වුනත් මතුපිට උෂ්ණත්වය සෙල්සියස් -100 ගානක් ලු. අනෙක මේ ආලෝක වර්ෂ 200 යක් යන්න දැන් තියෙන තාක්ෂනය අනුව යම් යානයක් පෘතුවියේ ඉදලා යැවුවොත් අවුරුදු දස දහසක් විතර යයි. (දී)
මලින්ත Thursday, 09 January 2014 01:48 PM
සීනි 500 g කිරාගන්ඩ බැරි අපිට මොන ග්‍රහලෝකවල බරද (දී)
රත්නායක Thursday, 09 January 2014 12:33 PM
විශ්වයේ තව කොයි තරම් මේ වගේ දේවල් ඇතිද, විශ්වය ගැන සෙවීම නිෂ්පල කාර්යයක් විදිහටයි බුදුන් වහන්සේ දේශනා කලේ (දී)
රුවන් Thursday, 09 January 2014 12:27 PM
මට නං හිතෙන්නෙ මුලු විශ්වයම පෘතිවියට සමානයි. මොකද පෘතිවියේ පැවැත්මට හිරු එලිය, ජලය, ගහකොල, වාතය ඕනා වගේ විශ්වයේ පැවැත්මට මේ ගෑස් ග්‍රහලෝක... විවිධ ඛනිජ වර්ග තියනෙ ග්‍රහලෝක විවිධ ද්‍රව තියන ග්‍රහලෝකත් ඕනා ඇති? (දී)
නිමල් Thursday, 09 January 2014 11:22 AM
ග්‍රහලෝකවල බර මනින අලුත් ක්‍රමය පරණ ක්‍රමයට වඩා නිවැරදි ක්‍රමයක්ලු, ඒ කියන්නේ පරණ ක්‍රමයට මෙච්චරකල් බර මනපු ග්‍රහලෝක වල බර වැරදි සහගතයි කියන එකයි, නමුත් විද්‍යාඥන් රස කර කර හොද හොද කතන්දර කියුව ග්‍රහලෝක වල බර ගැන, අපිත් රස කර කර කියෙවූව, දැන් ඉතින් විද්‍යාඥන්ට කියන්න ඕන කලින් බර මනපු ග්‍රහලෝක වල බර අලුතෙන් මැනලා අලුත් කතන්දර ටිකක් ගොතල කියන්න කියල අපිට රස කර කර අයෙත් කියවන්න. (දී)