ගුවන් මගියන්ට ගුවනේදී ජංගම දුරකථන හා ඔවුන් සතු වෙනත් ඉලෙක්ට්‍රෝනික උපකරණ භාවිතා කිරීමේ අවසරය ලබා දීමට යුරෝපයේ ක්‍රියාත්මක ගුවන් සේවයන් සැරසෙයි.
පෙර පැවති මතය වූයේ ගුවනේදී ජංගම දුරකථන හෝ වෙනයම් ඉලෙක්ට්‍රෝනික උපකරණයක් භාවිතා කළහොත් ඒවායින් නිකුත් වන තරංග ගුවන් යානයේ පරිගණක පද්ධතියට හානි සිදු කරයි යන්නයි.
නමුත් යුරෝපයේ ගුවන් ආරක්ෂණ කටයුතු වෙනුවෙන් පෙනී සිටින යුරෝපා ගුවන් ආරක්ෂණ ඒජන්සිය සිදුකර ඇති පරීක්ෂණ ගණනාවකින් ජංගම දුරකථන හෝ ඉලෙක්ට්‍රෝනික උපකරණ භාවිතයෙන් ගුවන් යානයේ පරිගණක පද්ධතියට බලපෑමක් ඇති නොවන්නේයැයි හෙළිවී තිබේ.
ඇමරිකාවේ ක්‍රියාත්මක ගුවන් සේවා දැනටමත් තම මගියන්ට මෙම අවසරය ලබා දී ඇති අතර යුරෝපයේ ක්‍රියාත්මක ගුවන් සේවයන් එළැඹෙන දෙසැම්බර් මාසයේ සිට මගියන්ට ගුවනේදී ජංගම දුරකථන භාවිතා කිරීමට අවසරය දෙනු ඇතැයි සදහන්ය.
බලධාරීන් අවසරය ලබා දුන්නද එය ක්‍රියාත්මක කිරීමේ අයිතිය ඇත්තේ ගුවන් සේවයන් අත වන අතර මෙය මුදල් ඉපැයීමේ නව මාර්ගයක් බවට පත් කර ගැනීමට ගුවන් සේවයන් සැරසුණහොත් එහි පුදුමයක්ද නැත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගුවන් යානා හලෝ තහනම ඉවතට
දොන්සේතං Saturday, 16 November 2013 03:47 AM
මමත් දවසක් ඔය කියන යානාවක නැගලා කුමාරි නගා වාඩිවෙලා යන අසුන ළග වාඩිවෙලා යන ගමන් මලක් කඩන්න ලෑස්ති වුනා විතරයි, අර හවුස් වයිෆ්ද කවුද මන්දා කියන්නේ,අන්න ඒ ළමයෙක් අැවිල්ලා එපාක කිවුවා විතරයි, මාව ගැස්සිලා අැහැරුණු පාර බුරු ඇදෙන් බිමට වැටුණා. පස්සේ බලද්දී ඒක ලස්සන හීනයක්. (නි)
කින් බෙනට් Monday, 18 November 2013 11:44 AM
කුමාරිගේ කතාව හරියට හරි .. මට තායි සහ සිංගප්පුරුවේ ඉඳල එද්දී කනක් ඇහිලා නිදහසේ එන්න බෑ..හරියට නිකන් ප්‍රයිවෙට් බස් එකක එනවා වගේ .. (ස)
තිළිණි Sunday, 17 November 2013 05:17 PM
මේ අවසරය කලිනුත් තිබුනා. ගුවන් යානයක් පිටත් වීමේදී සහ ගොඩ බෑමේදී ජංගම උපකරණ ක්‍රියා විරහිත කරන්න කීවත් පොළොවෙන් ඉහල ස්ථාවර මට්ටමකදී ඒ සඳහා අවසර දෙනවා. බෝයින් වර්ගයේ බොහෝ ගුවන් යානා වල අන්තර්ජාල පහසුකම් අවම මිලකට ලබා දෙන ගුවන් සමාගම් තිබෙනවා. (දිල්)
ලක්ෂ්මන් ජයවර්ධන Sunday, 17 November 2013 11:50 AM
පට්ට පට පට..මරුවට තියේවි.කුකුල් කොටුවට කෑම දැම්මා වගේ තියේවි ප්ලේන් එකම.දන්නවනේ අපේ අයගේ ෆෝන් කෝල් කච කචේ.(ස)
තිළිණි Sunday, 17 November 2013 08:35 AM
තාරක ඔබ හරි. මේ අවසරය කලිනුත් තිබුනා. බොහෝ ගුවන් සේවා පිටත්වීමේදී සහ ගොඩබෑමේදී ජංගම උපකරණ ක්‍රියා විරහිත කරන්න කිවුවාට පොළවෙන් අඩි 2000 ක් පමණ උසකදී එයට අවසර දුන්නා. බෝයිං 767 ඇතුළු එම වර්ගයේ බොහෝ යානා වල අන්තර්ජාල පහසුකම් සීමිත මුදලකට දෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයට මෙබඳු යානා තවම ලැබී නැහැ. (නි)
ශාන්ති Saturday, 16 November 2013 11:05 PM
මොනවද වෙද මහත්තයා ගුවනේත් ඔය ඕපාදුප හොයන්න යන්නේ? පාඩුවේ වැඩක් බලාගෙන ඉන්නකෝ (නි)
තාරක වීරසේකර Saturday, 16 November 2013 10:54 PM
ගුවනේදී පරිගණක පද්ධතියට මුකුත් වෙන්නේ නැහැ. ඒක වැරදි මතයක්. ගුවන් යානා ගුවන්ගත කිරීමේදී සහ ගොඩ බෑමේදී පමණක් ජංගම දුරකථන භාවිතා කිරීමෙන් වළකින්න කියනුයේ පහළ ඇති දුරකථන ජාල කණු බොහොමයක් විසින් අදාල ජංගම දුරකථනය එනම්, ගුවන් යානය තුළ ඇති දුරකථනය සඳහා සේවා සැපයීමට යෑමේ දී ඇතිවන තදබදය අවම කිරීමටයි. ඉහළින් ඇති දුරකථනය සඳහා පහළ ඇති සන්නිවේදන කුළුනු විසින් සේවාව සැපයීමට පොරකෑම වැළැක්වීම මෙහිදී සිදු කරයි. මෙම නීතිය ජංගම දුරකථන සේවා සපයන්නන්ගේ සුභ සිද්ධිය සඳහා පනවන ලද්දකි. (නි)
වෙදමහත්තයා Saturday, 16 November 2013 03:56 PM
ගුවනේදීත් ඕපා දුපා කතා කිරීමට සහ ලංකාදීප එසැණින් පුවත් කියවීමට නිදහසේ නොමිලේ ක්‍රමයක් දෙනවා නම් හොඳයි (නි)
පිටබැද්දර ජයා Saturday, 16 November 2013 11:00 AM
දොන්සේතන් , එකනම් පට්ටම පට්ට හීනයක් , මටත් අස්සයි කුමාරි ගැන හීනයක් දකින්න කොහෙද ? වැරදිලාවත් රැට හීනෙන් කුමාරි කියල කියුනොත් අපේ මාය්යගෙන් බත් කාල හමාර නිසා අනේ ඉතින් හීනේ හිතේම තද කරගෙන නිදාගන්නවා (දී)
සෙන් Saturday, 16 November 2013 10:58 AM
ඔය මල් කඩනවා කියන්නේ මොකක්ක්ද ? පන්සලකට ප්ලල්ලියකට යන්නන මල් කඩන්නේ නැති අය ගුවනේ මල් කඩනවද.අනේ මන්ද ? (දී)
ඉන්දික ගම්පහ Saturday, 16 November 2013 09:55 AM
පිටිගල මිලානෝ, බයවෙන්න එපා කඩන්න මල්. ඔයා මලක් කැඩුවට ඉතාලියේදී නම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ (නි)
ශිරානි Friday, 15 November 2013 02:47 PM
ගුවනේදි සිග්නල් තියෙනවාද. අවකාශයෙදි කාගේ සිග්නල්වලින්ද කථා කරන්නේ. මම හිතන්නේ ගුවන් යානයම එම සිග්නල් දිම කරනවා ඇති. (නදී)
සෙන Friday, 15 November 2013 11:19 PM
කුමාරිගේ කීමට මමත් එකයි (දී)
ජයතිලක Friday, 15 November 2013 08:34 PM
පිටිගල මිලානෝ ඔය වයසට මල් කඩලා අහුවුනොත් එහෙම ඉතාලියේත් ඉදලා ඉවරයි.(අ)
කළුවා Friday, 15 November 2013 08:00 PM
සිග්නල් දත් මදින්නද ? (අ)
ජයතිලක Friday, 15 November 2013 07:21 PM
පිටිගල මිලානෝ ,ඔය වයසට මල් කඩන්න ගිහිල්ලා නෝනටයි, පුතාටයි අහු වුනොත් එහෙම ඉතාලියේත් ඉදලා ඉවරයි කියලා හිතා ගන්න.(දී)
පිටිගල මිලානෝ Friday, 15 November 2013 07:08 PM
අනේ මටත් මලක් කඩන්න තිබෙනවා නම්..... (නි)
ශාන්ත Friday, 15 November 2013 04:36 PM
අනේ කුමාරි , ඔයත් එහෙනම් රට ගිය ආආ , හොඳයි, හොඳයි. අපි මල් කඩපුවා අමතකයි වගේ දැන්. (ස)
සිරියලතගේ නැන්ද Friday, 15 November 2013 03:48 PM
ශිරාණි ඒක තමා ඔය කියල තියෙන්නේ.අයියෝ මොනවද ඔයාල කියනවන්නේ.මෙන්ඩිස් අපිට නම් ඔය මුණු පොත් නැහැ.,බණ පොතක් වත් බලාගෙන ඔහේ ඉන්නවා. (ස)
මෙන්ඩිස් Friday, 15 November 2013 03:43 PM
සමහර ගුවන් සේවා වල දැනටමත් ඔන්-බෝඩ් වයිෆයි ඉතා අධික මිලකට ලබා දෙනවා. මෙගා බයිට් විස්සක් ඩොලර් 5 වගේ ගානකට. ඒක ඉතින් ගුවන් සේවයට හොඳ ආදායමක්. ගොඩක් මගීන්ටත් ඉතින් ඒ යන ටිකටත් මූණු පොතට එන්න නැත්නම් නිකන් මොකද්දෝ වගේනේ. අපේ ගුවන් සේවාවටත් ඒක පටන් ගන්න තියෙන්නේ. (ස)
කුමාරි Friday, 15 November 2013 03:16 PM
අනේ සිග්නල් නැතිව කතා කරන්න නොහැකි වේවා! කනක් ඇහෙන්න නැතිව යනවා අපේ අය ඕක ඇතුලෙත් මල් කඩන්න තියා ගත්තම.(නදී)