ලන්ඩන් නුවර සිට ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර දක්වා පියාසර කරමින් තිබූ ඇමරිකා ගුවන් සේවයට අයත් 109 යානය මගීන් කිහිප දෙනකු හා කාර්ය මණ්ඩලයේ පිරිසක් හදිසියේ අසනීප වීම හේතුවෙන් ආපසු ලන්ඩන් බලා පැමිණීමට තීරණය කළ බව විදෙස් පුවත් සේවා පවසයි.
යානය ගුවන්ගත කර පැය දෙකකට පමණ පසු අයිස්ලන්තයේ කෙෆ්ලැවික් ආසන්නයේදී බොහෝ පිරිසක් එක්වරම අසනීප වීම හේතුවෙන් යානයේ සිටි පිරිස බියට පත්වූ බවත් ඒ හේතුවෙන් යානය නැවත ලන්ඩන් බලා පියාසර කරවීමට ගුවන් නියමුවා තීරණය කර ඇති බවත් විදෙස් ආරංචි කියයි.
ඇමරිකන් ගුවන් සේවය ඊමේල් පණිවිඩයක් නිකුත් කරමින් පවසනුයේ මගීන් දෙදෙනකු හා යානයේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකු සිහිනැති ගතියකින් පෙළුණු බවට පැමිණිලි ලැබුණු බවයි. බ්‍රිතාන්‍ය ඩේලි ටෙලිග්‍රාප් පුවත්පත වාර්තා කර ඇත්තේ එක් ගුවන් සේවකයකු ක්ලාන්තවී ඇති බවයි.
යානයේ සිටි පිරිස අසනීප වීමට හේතුව නිෂ්චිතව තහවුරු කරගෙන නොමැති බවත් හිස කරකැවීම හා සිහිය නැතිවීම වැනි රෝග ලක්ෂණ පෙන්වීමට ඇතැම් විට ජෙට් එන්ජිමේ දුමාරය යානය ඇතුළතට කාන්දු වීම විය හැකි බවට සැක කෙරෙන බවත් හීතෘෘ ගුවන්තොටුපළ ආරංචි කියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගුවනේදී පිරිසක් හදිසියේ ලෙඩ වෙති : යානය යළි හරවයි
පිටිගල මිලානෝ Friday, 29 January 2016 07:13 AM
මා ගමන් කර ඇති අප්‍රසන්නම ගුවන් සේවාවන් වන්නේ ඇමරිකානු ගුවන් සේවායි. හොඳම ගුවන් සේවාව වන්නේ පැරණි එයාර්ලංකා ය. ඒ කාලයේ මෙම ගුවන් සේවයට බඳවා ගත්තේ ඉතාමත් සුරූපී ලඳුන්. ඒකට දැන්.....(බ)
ඩුබායි අජිත් Friday, 29 January 2016 08:46 AM
ශ්‍රීලංකන් එකේ ලඳුන් ට කියා දෙන්න ඕනේ මිනිස්සුන්ට සලකන විදිහ. විශේෂයෙන්ම අසරණ ගෘහ සේවිකාවන්ට සලකන්නේ ඉතාම පහත් විදිහට විදේශිකයන්ට විතරයි විශේෂ සැලකිලි. (කෞ)
ලංකාසිරි Friday, 29 January 2016 09:21 AM
පිටිගල මහත්මයා ගුවන් සේවාවක් හොඳ වෙන්නේ සුරූපී ලඳුන් හිටියෝත්ද? (කෞ)
මහේෂ් Friday, 29 January 2016 12:32 PM
අජිත් කියන කතාව ඇත්ත..(හේ)
චතුරි Friday, 29 January 2016 12:46 PM
ඇමරිකන් එයාර් එකේ යන්න වාසනා කරන්න ඕන ,මිනිසුන්ව තෝරන්නේ නැහැ. මුදලට වැඩිය සේවයක් ලබාදෙනවා මිනිසා මිනිසාට ආදරෙයි කරන විදිය බලාගන්න යන්න රවුමක් (බ)
සමන්ත Friday, 29 January 2016 01:21 PM
සින්ගපූරු ගුවන් සේවයේ ප්ලාස්ටික් හිනා දාන, හදවතක් නැති රොබෝවරු වැනි ගුවන් සේවිකාවන්ට වඩා නම් ශ්‍රීලන්කන් එකේ අය 100 ගුණයක් හොඳයි (බ)
සන්ද්‍යා Friday, 29 January 2016 07:04 PM
ඇමරිකන් එකේ ගිහින් බලන්න කොහොමද කියලා. ශ්‍රී ලංකන් එක තමයි හොඳ. ළඳුන් ගැන නෙමෙයි සැළකීමයි හොඳ (නි)
ලක්ෂිත පැරිසිය Saturday, 30 January 2016 05:43 PM
මම යන්නේ ශ්‍රී ලංකන්. මට හොඳයි ඒක (නි)
කරුණාජීව Saturday, 30 January 2016 11:59 PM
සමන්ත, මාගේ පළමු සහ අවසාන ශ්‍රී ලංකන් ගුවන් ගමන වුයේ 1992 වර්ෂයෙයි. ගුවන් සේවිකාවන්ගේ සැළකීම එතරම් අගනේය. (නි)
ලංකාපුත්‍ර Sunday, 31 January 2016 04:41 AM
මමත් ඔය හුගක් ගුවන් යනාවල ගිහින් තියනවා.එත් ලංකාවේ අය සමහර වෙලාවට සලකන්නේ අපි එයාලගේ ගුවන් යානයේ යන්නේ පිනට කියල වගේ . ඇමෙරිකාව වගේ රටකට ඇවිල්ල බලන්න තමන්ගේ සේවාදායකයට කොහොමද සලකන්නේ කියල. (කෞ)