ගුවන්ගත වූ යානයක හදිසියේම ඇති වූ දුමාරයක් හේතුවෙන් එංගලන්තයේ නැගෙනහිර මිඩ්ලන්ඩ් ගුවන්තොටුපොළට ගොඩබැස්වූ බව යුරෝපීය ගුවන් අනතුරු විමර්ෂන ඒකකය පවසයි.
මෙලෙස ගොඩබස්වා ඇත්තේ ඉබිසාවලින් ගුවන් ගත වූ යානයකි. බොයිං 737 වර්ගයේ එල්.එස්.644 නමැති මේ යානය ගුවනේ ගන්කරමින් තිබිය දී හදිිසියේ ම එහි ඇතුලත දුමාරයක් පැතිරගොස් ඇත.
අධික දුඟඳක් සමග දුමාරය පැතිර යද්දී මගීන් දැඩි ලෙස කලබලයට පත්ව කුඩා ළමුන් හඬා වැළපෙමින් සිටි බව එහි ගිය මගීන් පවසා ඇත. මේ සමග නියමුවන් තීරණය කළේ යානය මිඩ්ලන්ඩ් ගුවන්තොටුපොළට හදිසියේ ගොඩබෑ යුතු බවයි. ඒ අනුව ගුවන් තොටුපොළට කරන ලද දැනුම් දීමකට අනුව ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීම සඳහා ගුවන්තොටුපොළ සූදානම් කැරිණි.
මිඩ්ලන්ඩ් ගුවන්තොටුපොළ නිලධාරීන් පවසා ඇත්තේ මේ යානය හදිසියේම ගොඩබස්වන බැවින් ගොඩබැස්සවීමට නියමිතව තිබූ වෙනත් යානා තුනක් බර්මින්ග්හැම් ගුවන්තොටුපොළට හරවා යවා විනාඩි 15 ට ගුවන් පථ වසා දැමූ බවයි.
කෙසේ වෙතත් මේ යානය ගොඩබැස්සවීමට ගත් පළමු උත්සාහය ව්‍යර්ථ විය. දෙවැනි උත්සාහය සාර්ථක විය. යානය ගොඩබස්සන විට ගිනි නිවන හමුදා ඒකක රැසක් ද එහි සූදානම්ව තිබිණි. යානය ගොඩබස්වා නතර කර සැණින් මගීන් එහි දොර විවෘතකර තටුව වෙතට නැග ඇත.
යානයේ ගමන්ගත් මගීන් කිසිවකුට තුවාල සිදු නොවුණි. ගුවන් සේවා බලධාරීන් පවසන්නේ යානයේ සිදුවූ සුළු විදුලි කාන්දුවක් හේතුවෙන් යානයට දුම් පිරී ඇති බවයි. මේ ගැන පුළුල් පරීක්ෂණයක් පවත්වන බව ද බලධාරීන් කියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගුවනේ දී යානය දුමින් පිරේ