වෙනිසියුලාවේ කැරකස් අගනුවර හමුදා ඇකඩමියේ තබා ඇති ජනාධිපති හියුගෝ චාවේස්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඊයේ (07) ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණියහ. ඒ අතර රාජ්‍ය නායකයෝ බොහෝ දෙනෙක් ද වූහ.
චාවේස්ගේ අවසන් කටයුතු රාජ්‍ය සහ හමුදා ගෞරව සහිතව අද (08) පැවැත්වෙන බව එරට උප ජනපති නිකලස් මදුරෝ පවසා ඇත.
මේ වනවිට වෙනිසියුලාවේ සත් දින ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර ඇත. ජනතාවාදී අසහාය නායකයකු වන චාවේස්ගේ අභාවය හේතුවෙන් සෙසු ලතින් ඇමෙරිකා රටවලට ද ශෝක දින ප්‍රකාශයට පත් කර ඇතැයි වාර්තා වේ.
ලතින් ඇමෙරිකා රටවල රාජ්‍ය නායකයන් වන ඊවෝ මොරාලේස්, කි‍්‍රස්ටිනා ෆර්නෑන්ඩස් පමණක් නොව චාවේස්ගේ සමීපතමයකු වන ඉරාන ජනාධිපති මොහොමඞ් අහමදිනෙජාද් ද චාවේස්ට අවසන් ගෞරව දැක්වීමට වෙනිසියුලාවට පැමිණියහ.
කියුබාවේ හවානා නුවරදී පිළිකා සැත්කමකට භාජන වී යළි වෙනිසියුලාවට රැුගෙන ආ පසු චාවේස්, මියගිය බව වෙනිසියුලා රජය නිවේදනය කළේ ඉකුත් පස් වැනිදා සවසය. කියුබාවේ හවානා නුවරදී පිළිකා සැත්කමකට භාජන වී මාස දෙකකට ආසන්න කාලයක් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ චාවේස් යළි වෙනිසියුලාවට රැුගෙන ආවේ ඉකුත් 18 වැනිදාය. ඔහු මියයන විට 58 හැවිරිදි වියෙහි පසුවිය.
චාවේස් කොන්ද කෙළින් තබාගෙන ඇමෙරිකාවට අභියෝග කළ නායකයකු බවත් ඔහු වැනි විප්ලකාරියකු යළි පහළ නොවනු ඇති බවත් බටහිර මාධ්‍ය වාර්තා කර තිබුණි.
ඇමෙරිකා මාධ්‍ය පවා චාවේස් උදාර නායකයකු බව පෙන්වා දී තිබුණි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
චාවේස්ට අවසන් බුහුමන් දක්වන්න ලක්ෂ ගණනින් කැරකස් නුවරට
මාලා Friday, 08 March 2013 08:17 PM
දේශප්‍රේමී විලසින් සිටින වෘකයින්ට මෙන්න ආදර්ශයට ගන්න නියම නායකයෙක්. (නි)
ධර්ම Sunday, 10 March 2013 03:29 PM
අගය කල යුතු නායකයෙක් (දී)
මහේෂ්වරන් Sunday, 10 March 2013 03:41 AM
හාමුදුරුවනේ, ඔබ වහන්සේ හරියටම හරි. (නි)
සන්ක Saturday, 09 March 2013 11:20 AM
ඒකට අපේ සහෝදරයෝ (ස)
චන්ද්‍රා Saturday, 09 March 2013 08:06 AM
ඉතා හොද නායකයෙක්. (නි)
අසාම් Saturday, 09 March 2013 07:01 AM
ආදර්ශවත් නායකයෙක්. (නි)
සුබෝධි හිමි Saturday, 09 March 2013 12:10 AM
මෙතුමා කොන්ද කෙලින් තියාගෙන ඇමරිකාවට විරුද්ද වුනා පමනක් නොවේ. තෙල් සම්පත හොරකන් නොකරපු සැබෑ නායකයෙක්.(නදී)
සෙනවි Saturday, 09 March 2013 12:07 AM
වාසනාවට එවැනි නායකයෙක් ලැබුනේ. (නදී)
ජයී තිසර Friday, 08 March 2013 10:39 PM
ලෝකයේ බිහිවූ එක් උත්තම ලෝක වාසියෙක් මුළු ලොවටම නැති විය. වෙනිසියුලාවේ ලක්ෂ ගණන් ජනතාව පමණක් නොව බොහෝ රටවල විශාල ජනතාවක් වෙනිසියුලාව සමග අද ජනාධිපති හියුගෝ චාවේස්ගේ අභාවයෙන් දුක් වෙති. වෙනිසියුලා ජාතිකයින්ට ජනාධිපති හියුගෝ චාවේස් වෙනුවෙන් කළ හැකි ලොකුම ගෞරවය නම් ඔහු ගෙන ගිය මාර්ගයෙන් අනාගතයෙත් රට නඟාසිටුවීමට හැකි සෑම උත්සාහයක් දැරීමය. ජනාධිපති හියුගෝ චාවේස් වැනි නායකයෝ අනාගතයෙත් ලෝකයේ බිහි වේවා!(නදී)
අනිල් Friday, 08 March 2013 08:31 PM
චාවේස් සහෝදරයාට නිවන් සැප ලැබේවා! (නි)
රීටා Friday, 08 March 2013 12:05 PM
ඔබ ලබන ආත්මේ ලංකාවේ උපදීවා (ස)
රූපා Friday, 08 March 2013 08:12 PM
බටහිර විරෝධී හා දේශප්‍රේමීන්ට මෙතුමා හොඳ ආදර්ශයක් (ස)
පාර්වතී Friday, 08 March 2013 05:40 PM
ඔබ සැබෑම නායකයෙකි. (නි)
සුපුන් Friday, 08 March 2013 05:22 PM
රටේ තෙල් සම්පතින් ලැබෙන මුදල් රට වෙනුවෙන් පමණක් යෙදවූ ඔබට මාගේ උත්තමාචාරය! (නි)
දුලිත ජයවීර Friday, 08 March 2013 04:20 PM
ඔබ කොන්ද කෙළින් තියාගෙන බටහිර නායකයන්ට ගැති නොවී සිටි ඔබ බොහොම එඩිතර නායකයෙක්. ඔබ සැබෑ වීරයෙක්. ඔබ වැනි නායකයෝ තවත් බිහි වේවා! ඔබට නිවන් සුව අත්වේවා! (ස)
අනුර Friday, 08 March 2013 04:00 PM
නිවන් සැප ලැබේවා...! (ස)
තිසල් Friday, 08 March 2013 03:59 PM
බටහිර ගැති නිවටයන්ට හැර අන් අයට ඔබ සැබෑ වීරයෙක්මය ...! (ස)
නිෂාද් Friday, 08 March 2013 02:54 PM
කොන්ද කෙලින් තියාගෙන කථාකරන බොහොම එඩිතර, නිර්භීත නායකයෙක්... රටවැසියන්ට බෙහෙවින් ආදරය කළ නායකයෙක් බව මේ ඡායාරූපයෙන්ම සාක්ෂි දරයි.. එතුමන්ට මොක් සුව පතමි.. !(ස)
රජීන්ද්‍ර Friday, 08 March 2013 02:15 PM
රීටාගේ ප්‍රකාශයට මමත් සම්පූර්ණයෙන්ම එකගයි. (නි)
සම්පත් Friday, 08 March 2013 02:10 PM
අති ශ්‍රේෂ්ඨ නායකයාට ශ්‍රී ලංකා ජාතියේ උපහාරය...! ඔබ වැනි නායකයෙක් ලංකාවෙත් බිහි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...! (ස)