වෙනිසුවෙලාවේ ජනාධිපති හියුගෝ චාවේස් මියගොස් කෙටි වෙලාවකින් පසු ජාතිය අමතමින් චිත්ත වේගාත්මක කතාවක් කල උප ජනාධිපති නිකොලස් මඩුරෝ කියා සිටියේ "චාවේස් සහෝදරයා මරා දැමුවේ තම මාතෘ භූමියේ පරම සතුරන්" විසින් බවය.
ඔහු මේ නොකියා කීවේ චාවේස් ජනාධිපතිට වැළඳුන පිළිකාව ඇමෙරිකා රහස් ඔත්තු සේවයට සම්බන්ධ පිරිසක් විසින් බෝකළ දෙයක් බවයි.
මෙම ප්‍රකාශය නිකුත්කරනවාත් සමගම කැරකස් අගනුවර ඇමෙරිකානු තානාපති කාර්යාලයේ තානාපති නිලධාරීන් ලෙස සේවය කළ ඇමෙරිකා ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙකු එරටින් පිටුවහල් කිරීමටද කටයුතු යොදා ඇතිබව වාර්තා විය. ඔවුන් දෙදෙනා වෙනිසුවෙලාවේ ස්ථාවරයට තර්ජනයක් වන අන්දමට රහස් ඔත්තු සෙවීමේ නිරතවී සිටි බවට රජය චෝදනා කළේය.
එම ප්‍රකාශය තරයේම ප්‍රතික්ෂේප කරන ඇමෙරිකා විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ දෙරට අතර ඇති පැහැදිලි ප්‍රතිපත්තිමය වෙනස පිළිබඳව කතාකිරීමට මෙය සුදුසු වෙලාවක් නොවන බවයි. ඇමෙරිකාව සැමවිටම වෙනිසියුලා ජනතාවගේ සුබ සිද්ධිය ප්‍රාර්ථනා කරන බවත් දෙරට අතර අර්ථවත් වැඩදායක සබැඳියාවක් ස්ථාපිත කරගැනීම ඇමෙරිකාවේ ඒකායන අභිප්‍රාය වන බවත් එම නිවේදනයේ තවදුරටත් දැක්වෙයි.
බදාදා දහවල කැරකාස් නගරයේ විදි දිගේ අභාවප්‍රාප්ත ජනාධිපති චාවේස්ගේ සිරුර මහජන ගෞරවය සඳහා තැන්පත්කිරීමට හමුදා මූලස්ථානයවෙත පෙරහරකින් රැගෙන ගියේය. එම අවස්ථාවේ දහස් ගණනක ජනකාය එය දැක බලා ගැනීමට මග දෙපස රැස්වී සිටියහ.
මියගිය ජනාධිපතිහට ගෞරවකිරීම සඳහා සතියක් පුරා ශෝකය ප්‍රකාශකරන ලෙසත් සියලුම පාසැල් වසා තබන ලෙසත් ඉල්ලීමක් කර ඇත. අවමංගල්‍යය පැවැත්වෙන සිකුරාදාට රාජ්‍ය නායකයින් බොහෝ දෙනෙකු මෙන්ම විශාල ජනතාවක්ද කැරකාස් නුවරට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙයි.
දැඩි සමාජවාදී ස්ථාවරයක සිට කටයුතුකළ චාවේස් ජනාධිපති දකුණු ඇමෙරිකාවේ සියලුම රාජ්‍ය නායකයන් සමග මෙන්ම කියුබාවේ ෆිදෙල් ක්‍රස්තෝ, ලිබියාවේ මුවම්මර් ගඩාෆි, ඉරානයේ මහමූඩ් අහමිනේජාඩ් පලස්තීනයේ යසර් අරෆට් සමඟ සමීප සබඳතා පැවැත්වීය. ශ්‍රී ලංකාව වැනි දියුණුවන කුඩා රටවල් කෙරෙහිද ඔහු ලබැඳීයාවකින් පසුවිය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
චාවේස් මරණයට ඇඟිල්ල ඇමෙරිකාව දෙසට
අමිල කටුනායක Thursday, 07 March 2013 03:27 PM
වෙන්න පුළුවං..!(නු)
නාපාවල Thursday, 07 March 2013 07:45 PM
දැන් ඇමරිකාව මුකුත්ම නොදන්නවා වගේ කතා කරන්නේ.
සිල්වා Thursday, 07 March 2013 08:48 PM
සමාජවාදී ජනපතිතුමනි, ඔබට නිවන් සුව. (නි)
කෙනත් Thursday, 07 March 2013 10:00 PM
මාර වැඩක්නේ. වාතයක් ගියත් ඇමෙරිකන් කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්. වෙන මුකුත් නොවෙයි මේකට කියන්නේ 'කල දුටු කල වල ඉස ගන්නවා කියලයි'. නැත්නම් බොර දියේ මාළු බානවා කිව්වත් හරි. හැබැයි උදේට හචින් එකත් ගියත් අමෙරිකාවෙන් බැක්ටීරියා ප්‍රහාරයක් එල්ල වෙලා කියලා හිතලා උපවාස කරමින් ගූගල් වර්ජනය කිරීමට කෑමොර දෙමින් රෑට ඇපල් අයි පොඩ් වලින් සින්දු අහන අයත් මේ අවමගුලට ගැන දුක්වෙනවා. (නි)
දිසානායක Thursday, 07 March 2013 11:14 PM
ඇමරිකාව බංගවේවා! (නි)
සෙනරත් Friday, 08 March 2013 04:27 AM
ලංකාවටත් ඇගිලි ගහන්නේම මේ අයනේ. (නි)
ධනුෂ්ක Saturday, 09 March 2013 11:55 AM
ඔබට නිවන් සුව...........(ස)
මධු Saturday, 09 March 2013 02:02 PM
අයියෝ සල්ලි (දී)