මිනිසුන් සේම චිම්පන්සිනුත් මිතුරන් ඇතිකරගනිතියි ඔස්ට්‍රියාවේ වියානා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති.
සත්ත්වෝද්‍යාන කිහිපයක සිටි චිම්පන්සින් ආශ්‍රයෙන් සිදුකළ පර්යේෂණයකින් ඔවුහු මේ බව කියති.
චිම්පන්සින් තම සගයන්ට ළංවී සිටින ප්‍රමාණය,ඔවුන්ගේ මැක්කන් හා උකුණන් බැලීම,ගැටුම්කාරී අවස්ථාවකට සූදානම් වීම වැනි කරුණු මෙම පර්යේෂණයෙන් අවධානයට ලක්වී ඇත.
චිම්පන්සින්ද තමන් අසලට පැමිණීමට ඉඩ දෙනුයේත්,ගැටුම්කාරී අවස්ථාවල පෙනී සිටිනුයේත් එකිනෙකාට සමාන හැසිරීම් රටා දරන තම සගයන් වෙනුවෙන් පමණක් බව දැකගත හැකි වූයේ යැයි පර්යේෂකයෝ කියති. මේ බව මිනිසුන් අතරේද හොදින්ම දැකිය හැකි කරුණක් බවද ඔවුහු කියති.
සමාජශීලී සතුන් තවත් සමාජශීලී සතුන් සමග පමණක් ගනුදෙනු කරන බවද තනිවී හුදෙකලා වී සිටීමට කැමති සතුන් මිතුරන් ලෙස තෝරාගනුයේ තමන් සේම හුදෙකලා වී සිටීමට කැමති සතුන් බවද නිරීක්ෂණය කිරීමට හැකිවූ බව ඔවුහු පවසති.
මිනිසුන් හා චිම්පන්සින් පැවත එන්නේ එකම පූර්වජයාගෙන් යැයි සැළකේ.පරිනාමයේ එක් අවදියකදී චිම්පන්සීන් හා මනුෂ්‍යයින් දෙපසට ඛෙදී වෙන් වෙන්ම පරිනාමය වී ඇති බවත් චිම්පන්සීන් හා මිනිසුන් අතර වෙනස්කම් දැකිය හැක්කේ මේ නිසාවෙන් බවත් විද්‍යාඥයින් කියයි.
මිතුදම පිළිබඳ හෙළිවූ මේ නව කරුණු වලින් විද්‍යාඥයින් නිගමනය කරන්නේ අප පොදු පූර්වජයාගේ අවදියේදී පවා මිතුදම් පවතින්නට ඇති බවයි.එනම් වසර ලක්ෂ 60 කට ඉහත කාලයකදී පවා මිත්‍ර සබදතා පැවතී තිඛෙන බව ඔවුන්ගේ මතයයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
චිම්පන්සියාටත් මිතුරෝ
සත්‍යයා Tuesday, 07 January 2014 03:34 AM
වානරයින්ගෙන් පැවත ගෙන ඇවිල්ලා මුල්ම මානවයා බිහිවුනේ නැගෙනහිර අප්‍රිකාවේ ඔල්ඩුවේ කියන ස්ථානයේ. මිනිසාගෙන් වානරයින් බිහිවන ස්ථානය කොළඹ අවට තැනක් වෙන්න පුළුවන් නේද? (නදී)
සුදේශ් Thursday, 09 January 2014 12:17 PM
හොද සොයාගැනීමක් (දී)