X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


චීනය ඇමෙරිකාවට අවි පෙන්වයි

 චීන ප්‍රහාරක ජෙට් යානයක් පියාසර කරමින් තිබූ ඇමෙරිකා නාවික හමුදා ගුවන් යානයකට අඩි 20ක් දක්වා ලංවී ගමන් කිරීම හේතුවෙන් ධවල මන්දිරය සිය කනස්සල්ල පළකැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීන මුහුදේ චීනයට අයත් හයිනම් නමැති දූපතට සැතපුම් 135ක් නැගෙනහිර දෙසින් මෙය සිදුව ඇතැයි පෙන්ටගනය පවසයි.

මෙය අන්තරාදායක හා වෘත්තීය නොවන ක්‍රියාවක් බව පවසන ඇමෙරිකානු ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක රියර් අද්මිරාල් ජෝන් කර්බි කියා ඇත්තේ චීන ප්‍රහාරයක ජෙට් යානය ඇමෙරිකානු නාවික හමුදාවට අයත් පොසෙඩොන් මුර යානය අසළින් තෙවරක් ගමන් කැර ඇති බවයි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කියා ඇත.

‘‘ ඔවුන් අපේ යානයට ඉතා සමීප වි තිබෙනවා. අවස්ථා තුනක් මේ ආකාරයට ගමන්කැර ඇත්තේ ඔවුන් ආයුධ සන්නද්ධව සිටින බව පෙන්වීමට මෙන්. “

ඇමරිකාවේ  ජාතික ආරක්ෂාව පිලිබඳ නියෝජ්‍ය උපදේශක බෙන් රොඩෙස් පවසා ඇත්තේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් චීන රජය වෙත කෙලින්ම ඇමරිකානු රජයේ විරෝධතාවය පළකල බවයි.

ඇමෙරිකාව හා චීනය අතර ඇති හමුදාමය බැඳීම වඩාත් හිතකර ආකාරයට වර්ධනය කිරිමට උත්සාහ දරණ අවස්ථාවක මෙවැනි නොහික්මුණු ක්‍රියා මගින් ඒ තත්ත්වය විනාශ වී යන බව ද රොඩෙස් කියා ඇත.

2011 අප්‍රේල් මාසයේ දී ඇමෙරිකාවට අයත් ගුවන් යානයක් චීන ප්‍රහාරක යානයක ගැටීම හේතුවෙන් ඇමෙරිකා යානය හයිනම් ගුවන් පථයට හදිසියේ ම ගොඩ බැස්සවීමට සිදුවූ බව කියමින් වරක් ඇමෙරිකාව චීනයට දොස් පැවරුවේය. ඒ සිද්ධිය සම්බන්ධයෙන් චීනය ඇමෙරිකාවට දොස් පවරමින් කියා ඇත්තේ තම ප්‍රහාරක යානය දකුණු චීන මුහුදට කඩා වැටී ගුවන් නියමුවා මියගිය බවයි.

Chinise jet 2 chinise Jet 1 - Copy



අදහස් (0)

චීනය ඇමෙරිකාවට අවි පෙන්වයි

ගාමිණී සිරිවර්දන Sunday, 24 August 2014 03:16 PM

ආසියාවේ ශක්තිය බටහිර රටවලට පෙන්නුම් කිරීමත් එක්තරා වටිනාකමක්... ටිකක් බයකරන්න . (අ)

:       0       0

කෝලිත Sunday, 24 August 2014 05:52 PM

ගාමිණී, බය කරන්න නෙමෙයි. ඇමෙරිකාව ගහයි, රුසියාවයි චීනයයි එකට තියලා (නි)

:       0       0

ශීලා Sunday, 24 August 2014 07:29 PM

ඔහොම ළඟින් ගියා කියලා චීනයට මොනවද ලැබෙන්නේ? ශක්තිය පෙන්වන්න නම් අර මැදපෙරදිග මරාගන්න අය ටික මෙල්ල කරන්න. (නි)

:       0       0

රජින්ද Sunday, 24 August 2014 08:10 PM

චීනය කියන්නේ "අපිත් එක්ක සෙල්ලම් කරන්න එපා...." කියන දේයි. ඒක ඇමෙරිකාව වරදවා වටහාගෙන වගෙයි! (නි)

:       0       0

රූපවතී Sunday, 24 August 2014 08:40 PM

චීනය හොදටම දන්නවා මෙයාලගේ වැරදුණ මිසයිලයකට ගොදුරුවෙලා තමයි මැලේසියන් යානයේ හිටි චීන ජාතිකයන් අතුරුදන් වුණේ කියලා.ඔහොම පිටිපස්සෙන් පන්නලා එයාලා කරන දේවල් බලාගෙන එන එක ගොඩක්ම හොඳයි. ඇමරිකාව චීන දුපත්වල අයිතිය බලෙන් ලබාගෙන ,ආසියාවේ එයාලගේ යුධ ශක්තිය වර්ධනය කරගෙන, ආසියාවේ තෙල් බලවතුන්ව පාලනය කරගන්න දඟලනවා. (නි)

:       0       0

රිචි බාලසුරිය Sunday, 24 August 2014 09:21 PM

චීනය අපට ලොකු ආඩම්බරයක් ආස‍ියාවේ රටක් වශයෙන් සහ බලවත්කමින් කාර්මික ආර්ථික සහ යුධමය වශයෙන්. (නි)

:       0       0

සේරම් Monday, 25 August 2014 02:46 AM

චීනය ලෝක සිතියමෙන් මකා දමන්න වේවිද (නදී)

:       0       0

රෝහිත Monday, 25 August 2014 02:54 AM

චීනය නිදා සිටින යෝදයෙකු වැනිය. අවදි වූ විට මිනිසුන් නැගිට එන්නේ සිය ගණනින් නොව ලක්ෂ ගනනිනි (නදී)

:       0       0

සෙනරත් Monday, 25 August 2014 04:00 AM

ඇයි ඇමරිකානුවන් චීනයට ඔයතරම් ආසන්නයට ගියේ? ඇමරිකානුවෝ හිතන්නේ ඔවුන්ට ඕනෑ හැමදේම කරන්න පුළුවන් කියලා. චීනය මෙහෙම කළ එක හොඳයි. ඇමරිකාවට පුලුවන්නම් රුසියාවයි, චීනයටයි දෙකටම එකපාරට ගහන්න, එයාලා ඒක කරනවා. බැරිනිසා තමයි, අප්‍රසාදය පළකරන්නේ. එයාලා දන්නවා චීනය කියන්නේ නිදාසිටින යෝධයෙක් වග. (නි)

:       0       0

ඉසුරන්දි Monday, 25 August 2014 04:24 AM

චීනය තමයි අපේ රටට සුහදව වැඩකරන්නේ, අනෙක් රටවලට වඩා. (නි)

:       0       0

ඇසළ Monday, 25 August 2014 04:27 AM

සේරම්, චීනය නෙමෙයි මකා දමන්න අවශ්‍ය, ඇමරිකාව. (නි)

:       0       0

ඉන්දු මෙල්බර්න් Monday, 25 August 2014 04:28 AM

හොඳ වැඩේ, අනුන්ගේ රටවලට මුහුදු උඩින් ගිහින් සෙල්ලම් දාන්න යනවට. (නි)

:       0       0

නිහාල් Monday, 25 August 2014 07:09 AM

චීනය අවදිකිරීම යනු නිදාසිටි යෝධයෙක් අවදිකරගත්තා වැනිය (නි)

:       0       0

චමින්ද Monday, 25 August 2014 08:45 AM

මට මතක විදියට, එංගලන්තේ අගමැතිවරයෙක් තමයි බොහෝ ඉස්සර කියා තිබුනේ "චීනය නිදාසිටින කොටියෙකු වැනියි, ඌ ඇහැරවන්න එපා " කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site