නිවාස හා ගොඩනැගිලි මැදින් දිවෙන අපූරු දුම්රිය මාර්ගයක් චීනයේ චොන්ගුවින්ග් ප්‍රදේශයේ වේ.
එහි නිර්මාපකයින් පවසන්නේ දුම්රිය මාර්ගය සාමාන්‍ය පරිදි ඉදිකිරීමට ගියේ නම් මහල් නිවාස ඇතුලූ ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් විනාශ කිරීමට සිදුවන නිසා මෙවන් පියවරක් ගත් බවයි.
දුම්රිය මාර්ගය ඇතැම් අවස්ථාවන්හි මහල් නිවාසයක් මැදින් දිවෙයි.එවන් මහල් නිවාස වල වෙනම තට්ටුවක් දුම්රිය නැවතුම් පළක් සඳහාද වෙන්කර තිබේ.
මේ දුම්රිය මාර්ගය නිසා ප්‍රදේශයේ නිවාස වල මිලද සැළකිය යුතු තරම් ඉහළ ගොස් ඇතැයිද සඳහන්ය.දුම්රිය නැවතුම් පළක්ද ඇති මහල් නිවාසයක පදිංචි වන්නට අකැමැති වන්නේ කවුරුන්ද?.
මොනෝ රේල් ගණයට අයත් වන මෙම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කෙරෙන්නේ විදුලියෙනි.මෙනිසා දුම්රිය මාර්ගය ගොඩනැගිල්ලක් අතරින් දිවේය කියා එහි වසන්නන්ට කිසිදු අපහසුතාවක් ඇති නොවේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
චීන දුම්රිය ගෙවල් මැදින් දුවයි
නිමාලි Thursday, 14 August 2014 09:21 AM
මේවා ලංකාවට ගෙනාවොත් කොමිස් ගහන්න ගෙනාවා කියයි. කිසිම හොද දෙයක් අද ලංකාවේ මිනිස්සුන්ට අගේ නෑ. අධිවේගී මාර්ග වලට බනින බැනිල්ලම ඇති (දී)
ඉසුරන්දි Saturday, 16 August 2014 01:20 PM
චීනාගේ මොළේ තමයි මොළේ.අපේ අයටත් ඕවා හොඳ පාඩම්. (නි)
නිමල් Saturday, 16 August 2014 10:58 AM
පිටබැද්ද ජයා අපුරු අදහසක් ප්‍රස්ථාපිරුලු නියමෙට ගලපන කෙනෙක් (දිල්)
සිරිල් බාලසුරිය Friday, 15 August 2014 07:55 AM
චීනය ඉතා ඉක්මනින් තාක්ෂනය මෙන්ම ආර්ථිකයෙන්ද ලෝකයේ පළමු තැනට එනවා , ආසියාවේ වසන අපිටද මෙය ලොකු ආඩම්බරයක් (නදී)
හසේන්ද්‍ර රන්දික Friday, 15 August 2014 05:14 AM
ශ්‍රී ලංකාවෙත් මේ වගේ ස්පීඩ් කෝච්චි තියෙනවා නම් කොච්චර ලස්සනද (නදී)
විමුක්ති Thursday, 14 August 2014 03:08 PM
නියමයි (දී)
ලක්ෂාන් Thursday, 14 August 2014 12:44 PM
ලංකාවේ නම් කරන්නේ ඉතින් ගෙවල් කඩලා පාරවල් හදන එකනේ (නි)
නිශාන්ත ඩබ්ලිව්.ජි Thursday, 14 August 2014 11:11 AM
මගී තදබදයට හොඳ විසඳුමක්. ලංකාවට ගෙනාවොත් විපක්ෂය අහයි මේ දුම්රිය කන්නද? ලංකාව වීනකරණය කරනවද? වගේ ප්‍රශ්න ටිකක්. (නි)
උමේෂ් Thursday, 14 August 2014 11:00 AM
හරියට හරි. මේවා ලංකාවට ගෙනාවොත් එ්කටත් ඉතින් අපේ බුද්ධිමත් ජනතාව විරෝදය දක්වනවා. මේවා කන්නද ? මේවගෙන් බඩ පිරෙනවද ? (නදී)
කමල් Thursday, 14 August 2014 10:57 AM
මෙහෙම එකක් හදනවා නම් මගේ ගෙදර යටිනුත් යන්න ඕනෑමයි. මමත් දේශපාලකයෙක් ටිකක් අඳුනනවා (නි)
චාමර අනුර සම්පත් කුමසාරු Thursday, 14 August 2014 09:28 AM
ලංකාවටත් මෙක හොද ආදර්ශයක් මක් නිසාද යත් ලංකාව කුඩා දුපතක් වීම මෙන්ම ඉඩම් පිළිබද ප්රශ්නයේ දී මහා මාර්ග මෙන්ම දුම්රිය මාර්ග වෙනුවෙන් ලංකාවේ භූමියෙන් විශාල ප්‍රමාණයක් වෙන් කර තිබීම ප්‍රධාන සාධකයකි. එම නිසා අපගේ ඇති කුඩා බිම් ප්‍රමාණයෙන් උපරිම පළ නෙළා ගැනීමට මෙය මහත් ආදර්ශයකි. (දී)
ප්‍රසාන් Wednesday, 13 August 2014 10:51 PM
මේකට තමයි කියන්නේ තැනේ හැටියට ඇණේ ගහනවා කියලා. අපෙත් ඇස් ඇරවන්නක්. (නි)
ගමේ කොල්ලා Thursday, 14 August 2014 09:09 AM
ලංකාවට ඒ වගේ එකක් එන්න තව කොච්චර කල් යයිද? (දී)
නිහාල් ප්‍රනාන්දු Thursday, 14 August 2014 08:59 AM
අපි මීට වැඩිය දියුනුයි . කන්ටෙනර් පවා අපේ රටේ ගෙවල් ඇතුලෙන් යනවා. (දී)
දයාමලනි Thursday, 14 August 2014 08:59 AM
ලංකාවෙත් මේ වගේ දෙයක් කර නම් වාහන තදබදය නැතිවෙනවා . උමන් දුම්රිය මාර්ග සේවය වැඩි කලා නම් හොදයි .. (දී)
සිල්වා Thursday, 14 August 2014 07:39 AM
අපිට පුළු වන්නේ මේ ක්‍රමය ලංකවට හදුන්වා දෙන්න මේ තුලින් පරිසරය රැකෙනවා !! (දී)
jayath Thursday, 14 August 2014 06:40 AM
ආදර්ශය අපේ පුද්ගලික බස් වලින් ගන්න ඇත්තේ මොකද ඒවා නිතරම ගෙවල් ඇතුලේ යනවා නෙව !(දී)
ගාමිණී සිරිවර්දන Thursday, 14 August 2014 04:40 AM
අපට ඉතින් මෙවැනි සිහින සැබෑ වෙන්න තව සියවසක් ගතවුවත් බැරිවෙයි ප්‍රසාන් මල්ලී ! (නි)
සුජීව Thursday, 14 August 2014 04:24 AM
වත්තල සිට අංගොඩ ,බත්තරමුල්ල, කොට්ටාව, පිළියන්දල, රත්මලාන සම්බන්ධ කරමින් තොටළග, බොරැල්ල, ටවුන්හෝල්, ටොරින්ටන්, නාරාහේන්පිට, කිරුලපන, දෙහිවල, පිටකොටුව කේන්ද්‍ර කරගනිමින් චීනයේද සහය ඇතුව, මේ වගේ ලොකු ව්‍යාපෘතියක් කරන්න හැකිනම් කොළඹ වාහන තදබදය අඩුකර කොළඹ තවත් ලස්සන කළ හැකිවේවි. (නි)
පිටබැද්දර ජයා Thursday, 14 August 2014 03:51 AM
චීන්නු දන්නවා එලුවයි මුට්ටියයි දෙකම බේරාගෙන වැඩ කරන්න , මොකද එහෙ මහදැනමුත්තල නැහැලුනේ (නදී)
එරන්ද ජයවර්ණ Thursday, 14 August 2014 03:25 AM
මෙය අප රට තුලද ව්‍යාප්ත කිරීමේ හැකියාවක් අැතිදැයි සොයා බැලිය යුතුය.(නදී)